ආයුබෝවන්!
මේ යුනෙස්කෝ ලෝක උරුමයක් වන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නිල වෙබ් පියසයි
ආයුබෝවන්!
මේ යුනෙස්කෝ ලෝක උරුමයක් වන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නිල වෙබ් පියසයි
ශ්‍රී දළදා මාලිගාව ගෞතම බුදුන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින ලෝක පූජිත වූ ශ්‍රේෂ්ඨ සිද්ධස්ථානයකී. නොකඩවාම දිනපතා දෙස් විදෙස් බැතිමතුන් ගේ හා ලොව නන්දෙසින් පැමිණෙන සංචාරකයින්ගේ විශේෂ ගෞරව පූජෝපහාරයට පාත්රවන්නා වූ මේ සිද්ධස්ථානය වර්ෂ 1988 දී යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.
අනුපමේය සංස්කෘතික වටිනාකමක් ඇති සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු ශ්‍රී දළදා මාලිගාව වාස්තු විද්‍යාත්මක ලක්ෂණ, උඩරටටම ආවේණික වූ ලක්ෂණයන්ගෙන් මෙන්ම ඉපැරණි දළදා මාලිගා නිර්මාණ ලක්ෂණයන්ගෙන් ද අනූනය. මහනුවර ශ්‍රී දළදා මාලිගය මහනුවර නගරයට නැගෙනහිරින් උඩවත්ත කැළය අසල රජ මාලිගාව ආසන්නයේ ඉදිකර ඇත. උතුරු දෙසින් රජ මාලිගය පිහිටා ඇත. දකුණු දෙසින් කිරි මුහුද හෙවත් මහනුවර වැවය. බස්නාහිරින් නාථ හා පත්තිනි දේවාල පිහිටා ඇත්තේය. ජීවමාන නිර්මාණයක් බඳු වූ ශ්‍රී දළදා මන්දිරයරන්, රිදී, ඇත්දල, පිත්තල ආදි කැටයම් යොදා සෝභාමානවත් කොට ඇත. තව කියවන්න….
Copyright By Media Bureau of Sri Dalada Maligawa © 2022