ඓතිහාසික සෙංකඩගලපුර මහනුවර ප‍්‍රථම දළදා මාලිගාව ගොඩනඟා ඇත්තේ ක‍්‍රි.ව. 1592-1604 අතර කාළය රජ කළ පළමු වෙනි විමලධර්මසූරිය රජතුමා විසිනි. එතුමා ඉදි කළ දළදා මාලිගාව පෘතුගීසි ආක‍්‍රමණිකයෝ විනාශ කළ බව ඉතිහාසයේ දැක්වේ. අනතුරුව එම දළදා මාලිගාව පිහිටා තිබූ ස්ථානයේම දෙවන රාජසිංහ රජු විසින් (ක‍්‍රි.ව. 1635-1687) මහනුවර දෙවන දළදා මාලිගාව ඉදි කර ඇත.
එය ද ලන්දේසිහු දවා අළු කර විනාශ කළ බවත්, අනතුරුව ක‍්‍රි.ව. 1687 දී රජ වූ දෙවන විමලධර්මසූරිය රජතුමා විසින් මහාර්ඝ තෙමහල් දළදා මන්දිරයක් ගොඩනංවා දළදා වහන්සේ එහි තැන්පත් කොට නානා විධ පුද සත්කාර සිදු කළ බව දළදා ඉතිහාසයේ දැක්වේ. එම දළදා මැඳුර කල්යත්ම දිරාපත්ව විනාශ වූයෙන් ඔහුගේ පුත් ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු (ක‍්‍රි. ව. 1707-1739)වර්ථමානයේ දක්නට ලැබෙන දෙමහල් දළදා මාලිගාව ඉදි කර ඇත. ඉන්පසු සෙංකඩගල රාජ්‍යත්වයට පත් නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු ද ශ්‍රී නරේන්ද්‍රසිංහ රජු විසින් කර වූ ශ්රී දළදා මාලිගාව පිළිසකර කරවා ආරක්ෂා කළහ. කීර්ති ශ‍්‍රී රාජසිංහ මහ රජු මෙම දළදා මාලිගාව වර්ථමානයේ දක්නට ලැබෙන ස්වරූපයට මනාව ප‍්‍රතිසංස්කරණය කර ඇත. අටාස‍්‍ර ගොඩනැගිල්ල හෙවත් පත්තිරිප්පුව තනවා ඇත්තේ ක‍්‍රි. ව. 1798-1815 අතර මහනුවර රජකම් කළ ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා විසිනි.
Copyright By Media Bureau of Sri Dalada Maligawa © 2022