නිතර අසන පැන
★ ශ්රී දළදා මාලිගාවට පැමිණෙන සියළුම පුද්ගලයින් ඇතුල්වීමේ දොරටුවේ දී පරික්ෂාවකට ලක්කරන බව කරුණාවෙන් සලකන්න. (එහිදී රැගෙන එනු ලබන පූජා භාණ්ඩ ඇතුළු සියළු ද්‍රව්‍ය පරිලෝකන යන්ත්‍ර ආධාරයෙන් පරීක්ෂාවට ලක්කෙරේ.)
★ පොලිතීන්, ප්ලාස්ටික් වැනි පූජා භූමියට හානිකර ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින්න.
★ පොලිතින් බෑග් හෝ ප්ලාස්ටික් බදුන් වල පූජා ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින්න.
★ ශ්රී දළදා මාලිගාවට පැමිණෙනවිට සංවර ඇඳුමෙන් පැමිණීමට කාරුණික වන්න

සෑම දිනකම අළුයම 5.30 සිට රාත්‍රී 8 දක්වා ශ්‍රී දළදා මාලිගාව විවෘතව පවතියි.
- අලුයම තේවාව (හීල් දාන පූජාව): අළුයම 5.30 සිට උදෑසන 7 දක්වා.
- නව පෑ පූජාව (දහවල්බුද්ධපූජාව): පෙරවරු 9.30 සිට 11.00 දක්වා.
- හැන්දෑතේවාව(සවසගිලන්පසපූජාව): පස්වරු 6.30 සිට 08.00 දක්වා.
සෑම බදාදා දිනකම පෙරවරු 9.30ට පැවැත්වේ.
වැඩ්දුර තොරතුරු සඳහා නරබන්න
සෑම බදාදා දිනයකම ගරු දියවඩන නිලමේ තුමන් ශ්‍රී දළදා මාලිගාවේ පිහිටි එතුමාගේ නිල කාර්යාලයේ දී හමුවිය හැකියි. මේ සඳහා පරිපාලන අංශයෙන් වේලාවක් වෙන්කර ගත යුතුයි. (පරිපාලන අංශය සම්බන්ධකරගැනීමට අවශ්‍ය නම් අමතන්න: +94 812204867)
යම් අබාධ තත්වයක් හේතුවෙන් සාමාන්‍ය බැතිමතුන් මෙන් පැමිණ දළදා මාලිගාවට පැමිණීමට නොහැකි අය වෙනුවෙන් විශේෂ උපකාරක සේවාවක් ක්‍රියාත්මක වේ.
ඒ අනුව ඔබගේ ආබාධිත ඥාතියෙක්, හිතවත් අයෙක් හෝ වෙනත් අයෙකුට දළදා වහන්සේ වන්දනාමාන කිරීමට අවශ්‍ය නම්
එහිදී පරිපාලන කාර්යාලය අමතා (0812234226) ප්‍රධාන වාහල්කඩ පිවිසුම අසලට ප්‍රවහන පහසුකම් ගෙන්වා ගැනීමට හැකියි.
අනතුරුව විදුලි සොපානය භාවිත කරමින් දළදා මාලිගයේ අභ්‍යන්තරයට ගමන් කිරීමට පහසුකම් සළසා ඇත.