Search
Close this search box.

දේවානම්පියතිස්ස මහරජ දවස (ක‍්‍රි. පූ. 247- 207) මිහිඳු මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ප‍්‍රතිෂ්ඨාපනය වූ අනුරපුර මහාවිහාරය මල්වතු අස්ගිරි

උභය මහාවිහාරයේ ද ප‍්‍රභවයට මුල්විය. මෙම ථෙරවාදි භික්ෂු පරපුර,වට්ටගාමිණි රජුගේ (ක‍්‍රි.පූ. 89 – 77) රාජ්‍ය කාලයේදී අභයගිරිය වශයෙන් ද,

මහසෙන් රජුගේ (ක‍්‍රි. ව. 274- 301)කාලයේදී ජේතවන විහාරය වශයෙන් ද විවිධ ධර්ම, විනය ප‍්‍රශ්න අරබයා ඇති වූ මතභේද මත බෙදී ගොස් මහාවිහාරය, අභයගිරිය, ජේතවන විහාරය යනුවෙන් විහාරත‍්‍රයක් බවට පත්විය. මෙසේ බිඳී ගිය භික්ෂු සමූහයා මුල් කොට නිකායන් බිහිවිය. දේවානම්පියතිස්ස මහරජුගේ අනුග‍්‍රහයෙන් වර්ධනය වූ මහාවිහාරය මින් ප‍්‍රධාන විහාරයයි. මෙම මහාවිහාර වංශයෙන් බිහි වූ මල්වතු අස්ගිරි උභය මහාවිහාරය ග‍්‍රාමවාසි හා වනවාසි ආයතන දෙකට අයත්ය. මෙයින් මල්වතු මහාවිහාර පාර්ශවය ග‍්‍රාමවාසි වූ අතර අස්ගිරි මහාවිහාරය වනවාසි සාම්ප‍්‍රදාය අනුගමනය කළහ. විශේෂයෙන් මල්වතු මහාවිහාරය රාජකීය අනුග‍්‍රහය ලැබූ අතර මෙම විහාර
පාර්ශව දෙකට ක‍්‍රි. ව. 1853 සිට දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය හිමිවිය.

1765 වර්ෂයේ සිට පත් වූ සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අතිගෞරවාර්හ මහානායක ස්වාමීන් වහන්සේලා.
  • අතිගෞරවාර්හ උරුලෑවත්තේ සිරිධම්මසිද්ධි මහානායක ස්වාමීන් වහන්සේ 1765 - 1778
  • අතිගෞරවාර්හ ඉදවළුගොඩ ධර්මපාල මහානායක ස්වාමීන් වහන්සේ 1778 - 1807
  • අතිගෞරවාර්හ පොතුහැර සිරි රතනපාල මහානායක ස්වාමීන් වහන්සේ 1807 - 1814
  • අතිගෞරවාර්හ මාවතගම සිරිපියදස්සි සෝභිත මහානායක ස්වාමීන් වහන්සේ 1814 - 1822
  • අතිගෞරවාර්හ යටවත්තේ සිරි චන්ද්‍රජෝති මහානායක ස්වාමීන් වහන්සේ 1822 - 1824
  • අතිගෞරවාර්හ යටන්වල ශ්‍රී සුනන්ද මහානායක ස්වාමීන් වහන්සේ 1824 - 1835
  • අතිගෞරවාර්හ කොටගම ශ්‍රී ගුණරතන මහානායක ස්වාමීන් වහන්සේ 1835 - 1845
  • අතිගෞරවාර්හ උඩුමුල්ලේ සිරි රතනජෝති මහානායක ස්වාමීන් වහන්සේ 1849 - 1851
  • අතිගෞරවාර්හ යටවත්තේ සිරි ස්වර්ණජෝති මහානායක ස්වාමීන් වහන්සේ 1853 - 1868
  • අතිගෞරවාර්හ වත්තේගම ධම්මකිත්ති සිරි සුමංගල මහානායක ස්වාමීන් වහන්සේ 1869 - 1885
  • අතිගෞරවාර්හ යටවත්තේ සිරි චන්දජෝති මහානායක ස්වාමීන් වහන්සේ 1886 - 1893
  • අතිගෞරවාර්හ කපුලියද්දේ ශ්‍රී පියදස්සි මහානායක ස්වාමීන් වහන්සේ 1893 - 1914
  • අතිගෞරවාර්හ අඹගස්වැවේ ශ්‍රී ධම්මපාල රතනජෝති මහානායක ස්වාමීන් වහන්සේ 1914 - 1921
  • අතිගෞරවාර්හ ගුන්නෑපනේ ශ්‍රී ධම්මසිද්ධි සරණංකර මහානායක ස්වාමීන් වහන්සේ 1921 - 1929
  • අතිගෞරවාර්හ මුල්ලේගම ධර්මකීර්ති ශ්‍රී චන්ද්‍රජෝතී ගුණරතන මහානායක ස්වාමීන් වහන්සේ 1929 - 1947
  • අතිගෞරවාර්හ යටවත්තේ ධර්මකීර්ති ශ්‍රී සුමංගල ධම්මරතන මහානායක ස්වාමීන් වහන්සේ 1947 - 1966
  • අතිගෞරවාර්හ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත රතනපාල මහානායක ස්වාමීන් වහන්සේ 1966 - 1970
  • අතිගෞරවාර්හ ගොඩමුන්නේ ශ්‍රී නාගසේන ධම්මානන්ද මහානායක ස්වාමීන් වහන්සේ 1970 - 1975
  • අතිගෞරවාර්හ පලීපාන ශ්‍රී ගුණරතන චන්දානන්ද මහානායක ස්වාමීන් වහන්සේ 1975 - 1999
  • අතිගෞරවාර්හ අග්ගමහා පණ්ඩිත උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ. 1999 - 2015
  • අතිගෞරවාර්හ ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්‍ථදස්‍යාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ. 2015 - 2016
  • අතිගෞරවාර්හ වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්‍ද ඤාණරතනාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ since 2016

Share With