Search
Close this search box.

දේවානම්පියතිස්ස මහරජ දවස (ක‍්‍රි. පූ. 247- 207) මිහිඳු මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ප‍්‍රතිෂ්ඨාපනය වූ අනුරපුර මහාවිහාරය මල්වතු අස්ගිරි

උභය මහාවිහාරයේ ද ප‍්‍රභවයට මුල්විය. මෙම ථෙරවාදි භික්ෂු පරපුර,වට්ටගාමිණි රජුගේ (ක‍්‍රි.පූ. 89 – 77) රාජ්‍ය කාලයේදී අභයගිරිය වශයෙන් ද,

මහසෙන් රජුගේ (ක‍්‍රි. ව. 274- 301)කාලයේදී ජේතවන විහාරය වශයෙන් ද විවිධ ධර්ම, විනය ප‍්‍රශ්න අරබයා ඇති වූ මතභේද මත බෙදී ගොස් මහාවිහාරය, අභයගිරිය, ජේතවන විහාරය යනුවෙන් විහාරත‍්‍රයක් බවට පත්විය. මෙසේ බිඳී ගිය භික්ෂු සමූහයා මුල් කොට නිකායන් බිහිවිය. දේවානම්පියතිස්ස මහරජුගේ අනුග‍්‍රහයෙන් වර්ධනය වූ මහාවිහාරය මින් ප‍්‍රධාන විහාරයයි. මෙම මහාවිහාර වංශයෙන් බිහි වූ මල්වතු අස්ගිරි උභය මහාවිහාරය ග‍්‍රාමවාසි හා වනවාසි ආයතන දෙකට අයත්ය. මෙයින් මල්වතු මහාවිහාර පාර්ශවය ග‍්‍රාමවාසි වූ අතර අස්ගිරි මහාවිහාරය වනවාසි සාම්ප‍්‍රදාය අනුගමනය කළහ. විශේෂයෙන් මල්වතු මහාවිහාරය රාජකීය අනුග‍්‍රහය ලැබූ අතර මෙම විහාර
පාර්ශව දෙකට ක‍්‍රි. ව. 1853 සිට දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය හිමිවිය.

1753 වර්ෂයේ සිට 2014 වර්ශය තෙක් පත් වූ සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ අතිගෞරවාර්හ මහානායක ස්වාමීන් වහන්සේලා.
  • අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ බුද්ධරක්ඛිත මහානායක ස්වාමීන් වහන්සේ. 1753 - 1773
  • අතිගෞරවාර්හ මැදවල ශී‍්‍ර ආනන්ද රතනජෝති මහානායක ස්වාමීන් වහන්සේ. 1773 - 1774
  • අතිගෞරවාර්හ දරමිටිපොල ශී‍්‍ර ධර්මරක්ෂිත මහානායක ස්වාමීන් වහන්සේ. 1774 - 1787
  • අතිගෞරවාර්හ මොරතොට රාජගුරු ශී‍්‍ර ධම්මක්ඛන්ධ මහානායක ස්වාමීන් වහන්සේ 1787 - 1811
  • අතිගෞරවාර්හ කොබ්බෑකඩුවේ රාජගුරු සිරිනිවාස මහානායක ස්වාමීන් වහන්සේ 1811 - 1819
  • අතිගෞරවාර්හ වැලිවිට ශී‍්‍ර සරණංකර මහානායක ස්වාමීන් වහන්සේ 1819 - 1822
  • අතිගෞරවාර්හ ගම්මුල්ලේ ශී‍්‍ර සුමන මහානායක ස්වාමීන් වහන්සේ 1822 - 1825
  • අතිගෞරවාර්හ කොටිකාපොල ශී‍්‍ර සෝභිත මහානායක ස්වාමීන් වහන්සේ 1825 - 1826
  • අතිගෞරවාර්හ කන්දේගෙදර ශ‍්‍රී රේවත මහානායක ස්වාමීන් වහන්සේ 1826 - 1829
  • අතිගෞරවාර්හ ගල්ගිරියාවේ ශී‍්‍ර ධම්මරක්ෂිත සුමංගල මහානායක ස්වාමීන් වහන්සේ 1829 - 1850
  • අතිගෞරවාර්හ පරණකුඹුරේ ශී‍්‍ර සරණංකර විපස්සි මහානායක ස්වාමීන් වහන්සේ 1850 - 1862
  • අතිගෞරවාර්හ මැදගම ශී‍්‍ර ධර්මරක්ෂිත මහානායක ස්වාමීන් වහන්සේ 1862 - 1877
  • අතිගෞරවාර්හ හිප්පොල ශී‍්‍ර සෝභිත මහානායක ස්වාමීන් වහන්සේ 1877 - 1893
  • අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන් වහන්සේ 1893 - 1913
  • අතිගෞරවාර්හ ගල්හිරියාවේ ‍ශී‍්‍ ධර්මරක්ෂිත බුද්ධරක්ඛිත මහානායක ස්වාමීන් වහන්සේ 1913 - 1919
  • අතිගෞරවාර්හ අමුණුගම ශී‍්‍ර පියදස්සි මහානායක ස්වාමීන් වහන්සේ 1919 - 1924
  • අතිගෞරවාර්හ අඹන්වැල්ලේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන් වහන්සේ 1924 - 1927
  • අතිගෞරවාර්හ පහමුණේ ශී‍්‍ර ධර්මකීර්ති සරණංකර සුමංගල මහානායක ස්වාමීන් වහන්සේ 1927-1945
  • අතිගෞරවාර්හ රඹුක්වැල්ලේ ධර්මකීර්ති ශී‍්‍ර ධර්මරක්ෂිත සෝභිත මහානායක ස්වාමීන් වහන්සේ 1946 - 1955
  • අතිගෞරවාර්හ වැලිවිට ධර්මකීර්ති ශී‍්‍ර අසරණ සරණ සරණංකර මහානායක ස්වාමීන් වහන්සේ 1955 - 1956
  • අතිගෞරවාර්හ පුරිජ්ජල ශී‍්‍ර සිද්ධාර්ථ සරණංකර මහානායක ස්වාමීන් වහන්සේ 1956 - 1963
  • අතිගෞරවාර්හ අමුණුගම රාජගුරු ශී‍්‍ර නිවාස විපස්සි මහානායක ස්වාමීන් වහන්සේ 1964 - 1969
  • අතිගෞරවාර්හ මඩුගල්ලේ ශ‍්‍රී සුමන සිද්ධාර්ථ ධම්මසිද්ධි මහානායක ස්වාමීන් වහන්සේ 1969 - 1973
  • අතිගෞරවාර්හ විමලකීර්ති ශී‍්‍ර සුමන පණ්ඩිත සිරිමල්වත්තේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ 1973 - 1989
  • අතිගෞරවාර්හ රඹුක්වැල්ලේ ශී‍්‍ර ධම්මරක්ෂිත විපස්සි මහානායක ස්වාමීන් වහන්සේ 1989 - 2004
  • අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ since 2004

Share With