මහ ඉතිහාසයක් දරාගෙන වැසීගිය බෝගම්බර වැව..

බෝගම්බර වැව කිව්වාම අපට සිහිපත් වෙන්නේ ඇහැලේපොල කුමාරිහාමි දියේ ගිල්ලවීමේ ශෝචනීය සිදුවීමයි. ඒ ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලයේදි.ඉතින් ඒ බෝගම්බර වැව අද කොහේද තිබෙන්නේ. දැනට මාලිගාව අසල තිබෙන්නේ ඒ බෝගම්බර වැව කියලා ඇතැමුන් සිතනවාත් විය හැකියි. නමුත් ඔබ දන්නවාද රජ සමයේ තිබු ඒ බෝගම්බර වැව අද දකින්නවත් නැහැ. අද දළදා මාලිගාව අසල තිබෙන වැව ඉදිකර […]
දළදා සමිඳු උරහිසේ තබාගෙන රැකගත් වාරියපොල සුමංගල හාමුදුරුවෝ | Ven Wariyapola Sumangala Thero

මහනුවර මහමළුවේ ඇති තවත් වැදගත් පිළිරුවක් ගැනයි අද කියන්නේ. ඔබ කවුරුත් අහලා තියෙනවා වාරියපොළ සිරි සුමංගල හාමුදුරුවෝ ගැන. දරුවන්ගේ පාසල් පොත්වල පවා සුමංගල හාමුදුරුවෝ ගැන සදහන් වෙනවානේ. උන් වහන්සේ වඩාත් ප්‍රචලිත උඩරට ගිවිසුම අත්සන් කරන වෙලාවේ ඉංග්‍රීසි කොඩි පහත හෙළපු එක ගැනයි.ඒ වගේ වාරියපොල සුමංගල හාමුදුරුවෝ දළදා වහන්සේ සුද්දන්ගෙන් ආරක්ෂා කරගන්න දිවි හිමියෙන් කැපවු යතිවරයන් […]
පාවඩ නොමැතිව පා නොතැබු මහ පිනැති මාලිගාවේ රාජා..

ඔබ දළදා වහන්සේ වැඳපුදාගත් මාලිගාවෙන් එළියට ඇවිත් අවට ඇති මඟුල් මඩුව හා රජවාසල දෙසටත් ගමන් කරනවනේ. ඉතින් මේ මඟුල් මඩුවයි, රජවාසලයි අතරේ තිබෙන ගොඩනැගිල්ලක සකසා ඇති රාජා හස්තියාගේ අනුරුව දැක ඇතිනේ. ඉතින් අද සුදානම් වෙන්නේ මේ රාජා ඇත්රාජයා ගැන තොරතුරු ටිකක් කියන්නයි. මේ රාජා ඇතා බොහොම පින් ඇති සත්වයෙක්. අවුරුදු පනහක් පමණ දළදා පෙරහරේ කරඬුව […]
මද්දුම බණ්ඩාර විරුවාගේ මහමළුවේ පිළිරුව | The Statue Of Madduma Bandara

අද කියන්න යන්නේ දළදා මාලිගා මහමළුවෙි තිබෙන ඉතා වැදගත් පිළිරුවක් ගැනයි. ඒ තමයි වීර මද්දුම බණ්ඩාර කුමාරයා ගේ පිළිරුව. ඉතින් මද්දුම බණ්ඩාරගේ වීරකම ගැන කුඩා දරුවන් පවා දන්නවා. ඔබ ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගන්නට මහමලුව මැදින් ගමන්කරනකොට හෝ වැද පුදාගෙන ආපසු මහමළුව මැදින් එනවිට දළදා මැඳුර දෙසට මුහුණලා සිටින දරුවකුගේ පිළිරුවක් සහිත සිහිවටනයක් ඔබ […]
අර්ධ කවාකාර නැති මාලිගාවේ සඳකඩ පහන්

ඔබ පූජනීය ස්ථානවලදි අනන්තවත් සඳකඩ පහන් දැකලා ඇතිනේ. ඒවායේ උඩින් කොච්චරවත් ගමන් කරලත් ඇති ද. මහනුවර ශ්‍රි දළදා මාලිගාවේ සඳකඩ පහන් හා වෙනත් ස්ථානවල ඇති සදකඩ පහන් අතර වෙනසක් තිබෙන බව ඔබේ අවධානය යොමුවුණාද? මාලිගාවෙි සඳකඩ පහන් දොළහක් විතර තිබෙනවා. අපි වෙනත් ස්ථානවල දැක ඇති සඳකඩ පහන් අර්ධ කවාකාරයි. නමුත් මාලිගාවේ සඳකඩ පහන්වල එහෙම කවාකාර […]
මහමළුවේ ස්මාරකයකට යටවු කැප්පෙටිපොල විරුවාගේ හිස්කබල..

ශ්‍රි දළදා මාලිගාවේ මහ මළුවේ ඇති ඓතිහාසික වටිනාකමකින් යුත් ස්මාරකයක් ගැන කියන්නයි අද සුදානම. මේ ස්මාරකය ඔබ අනන්තවත් දැක ඇති. ඒ වගේම මේ ස්ථානයේ සිට ජායාරූපත් අරන් ඇති. නමුත් ස්මාරකය කුමක්ද යන්න සමහරවිට අවධානය යොමු නොකරන්නත් ඇති. මේ ස්මාරකය තියෙන්නේ මහ මළුවේ. ස්මාරකය හදල තියෙන්නේ 1954 දි.ඒ තමයි මොණරවිල කැප්පෙටිපොළ නිලමේගේ හිස්කබල තැම්පත් කර පිහිටුවා […]
ශ්‍රී දළදා මාලිගාවේ කෞතුකාගාරය | The Museum Of Sri Dalada Maligawa

අද කියන්න යන්නේ දළදා වහන්සේ ලංකාවට වැඩමවු දා සිට වැදගත් තොරතුරු ඇතුළත් ලිපි ලේඛන හා තවත් වටිනා ලේඛන ආදිය දැනගත හැකි තැනක් ගැනයි. ඒ තමයි දළදා මාලිගාවේ කෞතුකාගාරය. ටී.බි.නුගවෙල හිටපු දියවඩන නිලමේ තුමා විසින් පිහිටවනු ලැබූ අලුත් මාලිගාව නම් ගොඩනැගිල්ලේ තෙවන හා සිව්වන මහල් වල තමයි මෙම දළදා මාලිගා කෞතුකාගාරය පිහිටා තියෙන්නේ. පළමුවෙනි විමලධර්මසූරිය […]
බුදුගුණ කියනා දළදා මැඳුරේ කවිකාර මඩුව

දළදා වහන්සේ වෙනුවෙන් අතීතයේ සිටම අනනත්වත් කවි ගීත ලියැවි ඇති. ඉදිරියටත් එලෙසමයි. ඉතින් අද කියන්න යන්නේ දළදා වහන්සේ වෙනුවෙන් ලියැවි ඇති කවි, ගී පිළිබඳ කෙටි සටහනක්. හැබැයි මේ ලියන නිර්මාණ වගේම තවත් එවන් නිර්මාණ ඔබත් දන්නවා ඇති. දළදා වහන්සේ වෙනුවෙන්ම සේවය කරන කලා ශිල්පින් ඉන්නවා. එහෙම පිරිසක් හදුන්වනවා කවිකාර මඩුව කියලා. මේ පිරිස අපිට හමුවෙන්නේ […]
දළදා සමිඳු දෙල්ගමුවෙන් වැඩමෙව් කරඬුව ඇති පල්ලේමාලෙ බුදුගේ | Pallemale Shrine

පල්ලේමාලෙ බුදු මැදුර තියෙන්නේ පත්තිරිප්පුව ළඟ. ඒ කියන්නේ මාලිගාව ඇතුළෙන් පත්තිරිප්පුවට ගොඩවෙන තැන දකුණු පැත්තට වෙන්න තමයි පල්ලේමාලෙ විහාරය පිහිටලා තියෙන්නේ. මේ බුදුගේ හදලා තියෙන්නේ කීර්ති ශ්‍රි රාජසිංහ රජතුමා. මෙම විහාරයට ගොඩවෙන්න තියෙන්නේ සදකඩ පහනකින් අලංකාර වූ පඩිපෙළකින්. කීර්ති ශ්‍රි රාජසිංහ රජතුමා ඉදිකරවු මේ බුදුමැදුර රාජාධිරාජසිංහ රජතුමා වැඩිදියුණු කර තිබෙනවා.මේ බුදු මැදුර ඇතුලේ විශේෂ රූප […]
දළදා සමිඳුන්ට දිනපතා තේවාව පවත්වන්නේ මෙහෙමයි

දළදා වහන්සේ උදෙසා තේවාව පැවැත්වෙන බව අපි කවුරුත් දන්නවා.ඒත් තේවාව කියන්නේ කුමක්ද? එය පවත්වන්නේ කොහොමද කියලා සමහරවිට ඔබ දන්නවත් ඇති. ඒත්.නොදන්නා අයගේ දැනගැනිමට ඒ ගැන විස්තර කළ යුතුයි. දළදා වහන්සේ ට මාලිගාවේදි තේවාව තුන්වරක් පැවැත්වෙනවා. පළමුව අලුයම් තේවාව ඊට පසු නව පෑ පූජාව හා හවස පුජාව වශයෙන් ඒ තේවාවන් හදුන්වනවා. වෙනත් විහාරවල බුදු හාමුදුරුවන් උදෙසා […]