Search
Close this search box.

September 8, 2020

ශ්‍රි දළදා මාලිගාවේ මහ මළුවේ ඇති ඓතිහාසික වටිනාකමකින් යුත් ස්මාරකයක් ගැන කියන්නයි අද සුදානම. මේ ස්මාරකය ඔබ අනන්තවත් දැක ඇති. ඒ වගේම මේ ස්ථානයේ සිට ජායාරූපත් අරන් ඇති. නමුත් ස්මාරකය කුමක්ද යන්න සමහරවිට අවධානය යොමු නොකරන්නත් ඇති. මේ ස්මාරකය තියෙන්නේ මහ මළුවේ.⁣ ස්මාරකය හදල තියෙන්නේ 1954 දි.ඒ තමයි මොණරවිල කැප්පෙටිපොළ නිලමේගේ හිස්කබල තැම්පත් කර පිහිටුවා ඇති ස්මාරකය.

ඉතින් කැප්පෙටිපොළ විරුවා ගැන කියන්න ගොඩක් විස්තර තියෙනවා.නමුත් ස්මාරකය ගැනත් කෙටි විස්තරයක් කියන්නයි මේ සුදානම.

සුද්දන් රට යටත් කර ගත්තාට පස්සේ ඓතිහාසික මඟුල් මඩුවෙිදි අත්සන් කළ උඩරට ගිවිසුමේ සිංහලෙන් අත්සන්කළ රදළ ප්‍රධානියෙකු ලෙස මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාව හදුන්වන්න පුළුවන්.ඒ 1815දි.

පස්සේ ඌවේ ඇතිවු කරැල්ල මැඬපැවැත්විම සදහා එහි ගිය කැප්පෙටිපොළ මහ දිසාව අවසානයේ කැරැලිකරුවන්ට එක්ව ඉංග්‍රීසින්ට එරෙහිව සටන් කළා. 1818 ඒ කැරැල්ල ලාංකිකයන් පරාජය වීමත් සමග කැරලි නායකයන්ට එරෙහිව යුද්ධ නීතිය යටතේ දඬුවම් කිරීමට ඉංග්‍රීසි රජය කටයුතු කළා. එහි දී කැප්පෙටිපොළ නිලමේ හට එල්ල වූ චෝදනා හතරක් තියෙනවා. කැප්පෙටිපොළ ආණ්ඩුවට විරුද්ධව යුධ වැදීම.,මහනුවර රජකමට උරුම කමක් ඇතැයි කියූ ව්‍යාජ රජෙක් යටතේ අදිකාරම් පදවිය භාරගැනීම, කැරළිකරුවන් සමග එක් වී රාජ පාක්ෂික වැසියන් ආණ්ඩුවට එරෙහිව සංවිධානය කිරීම,එංගලන්තයේ රජතුමාට විරුද්ධව කැරළි ගැසීම ඒ චෝදනායි.

නඩුව විභාග කෙරුනු අතර මෙම චෝදනා සියල්ලටම මොනරවිල කැප්පෙටිපොළ වරදකරු වුණා.දඬුවම වශයෙන් කැප්පෙටිපොළ මහ නිළමේත් හා මඩුගල්ලේ දිසාවත් මහනුවර බෝගම්බර දී 1818 නොවැම්බර් 26 දින උදෑසන 8 ට මරණයට පත් කළ යුතු බව බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා නියෝග කළා.

මෙම අවස්ථාව දැකබලා ගැනීමට මහනුවර සියලුම ඉංග්‍රීසි සොල්දාදුවන් පැමිණිය යුතු බව බ්‍රවුන්රිග්ආ ණ්ඩුකාරවරයාගෙන් නියෝගයක් කර තිබුණා.වධක භූමියට යාමට මත්තෙන් මොවුන් දෙදෙනා දළදා සමිදු වැඳපුදා ගත්තා. පිදීමට කිසිවක් තමන් අත නොවූ නිසා කැප්පෙටිපොළ නිලමේ තම තුප්පොට්ටිය ගලවා දළදා සමිදුට පුජා කළා. නමුත් මඩුගල්ලේ දිසාවේ සිටියේ තරමක් නොසන්සුන් බවකින් බව කියනවා. ඔහු වැදුම් පිදුම් අවසන් වූ පසු නැවත හඳුන් කුටියට පැමිණ තමන්ට අභය දානය ලබා දෙන ලෙස කියමින් දළදා වහන්සේ යැද්දා.මේ දෙස කම්පාවෙන් බලාගෙන උන් කැප්පෙටිපොල “මඩුගල්ලේ, අඥාන වෙන්න එපා” යැයි කියා තිබෙනවා. කැප්පෙටිපොළ හාපමඩුගල්ලේ නිලමේවරුන්ගේ හිස ගසා දමා ඇත්තේ මහනුවර කැප්පෙටිපොළ ශාලාව ආසන්නයේ පැරණි බෝධි වෘක්ෂය අසලයි. කැප්පෙටිපොළ නිලමේ දඬුවමට සූදානම් වීමට තම කෙස් වැටිය හිස මුදුනට කර බැඳ ගත්තා. ඉන් ඔහු පසු ජල බදුනක් ගෙනෙන්නට පවසා මුහුන කට සෝදා ගෙන තිබෙනවා.

පසුව දළදා මැදුර දෙස බලමින් බිම දණ ගසාගෙන තම ඉනෙහි වූ ධම්මපදය අඩංගු පොතක් ගෙන ගාඨා කිහිපයක් කියෙව්වා. ඔහු එම පොත වධක භූමිය භාර නිලධාරියා වෙත දී එය තම හිතවත් සෝවර්ස් මහතා වෙත ලබා දෙන්න යැයි කියා තිබෙනවා. කැප්පෙටිපොළ නිලමේ වධකයා අමතා තමන් අරහං බුදු ගුණය සිහි කළ විට එක්වර හිස ගසා දමන ලෙස අණ කර තිබෙනවා.

“සො භගවා ඉතිපි අරහං” කී සැනින්ම වධකයාගේ කඩුව කැප්පෙටිපොළගේ බෙල්ලට එල්ල වුණා.. නමුත් ඔහුගේ ගෙල එක පහරින් සිඳුනේ නැහැ. මෙසේ තිබිය දී කැප්පෙටිපොල තමා සිටි ඉරියව්වෙන්ම සිටීම අවට රැස්ව සිටි සැවොම පුදුම කරවන කරුණක් වුණා.දෙවෙනි වර ගෙලට එල්ල කල පහරින් හිස කඳෙන් වෙන් වූ අතර වධකයා එම හිස කැප්පෙටිපොළගේ පපුව මත තැබුවා.

මෙම සිදුවීම නැරඹීමට හෙන්රි මාර්ෂල් නැමති වෛද්‍යවරයෙක් පැමිණ සිටියා. කැප්පෙටිපොළ නිලමෙගේ හිස් කබල එංගලන්තයට රැගෙන ගොස් පරීක්ෂා කිරීමට ඔහු බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගෙන් අවසර ගත්තා. ඒ අනුව හිස්කබල එංගලන්තය වෙත ගෙනගියා. ලන්ඩන් සත්ව විද්‍යා සංගමයේ හිල් වෛද්‍යතුමා තමයි මේ ගැන පර්යේෂණ කර තිබෙන්නේ. මේ හිස්කබල අසාමාන්‍ය වීරයෙකුගේ හිස්කබලක් බව එම වෛද්‍යවරයා නිගමනය කර තිබෙනවා. ඒ නිසා ඔවුන් එය සුරක්ෂිතව තබා තිබෙනවා. මේ හිස්කබල ලංකාවට ගෙනවිත් 1954 වසරේ නොවැම්බර් 17 සිට 26 දිනය දක්වා මහජන ප්‍රදර්ශනයට තබා තිබෙනවා.ඒ අතරේ මාතලේ මොණරවිල පල්ලෙපොළටත් රැගෙන ගොස් ගෞරව දැක්වුවා.

මෙම හිස් කබල සංරක්ෂණය කර කෞතුකාගාරයක තැන්පත් කිරීම වෙනුවට එවකට රජය මෙය මහනුවර මහ මළුවේ ස්මාරකයක් ඉදි කර තැන්පත් කළා. ඒ බොහෝ දෙනාගේ විරෝධය මැද. බොහෝ දෙනා ඉල්ලා සිටියේ කැප්පෙටිපොළ වීරයාගේ හිස්කබල කෞතුකාගාරයක සංරක්ෂිතව තියන්න කියලයි. එය අනාගත පරපුරේ දැකගැනිමට. නමුත් විදේශිකයන් පවා පුදුමයට පත්වු ඒ විරුවාගේ හිස්කබල මහමළුවේ පිහිටි ස්මාරකයේ තැන්පත්ව තිබෙන්නේ මහ වීර ඉතිහාසයක් දරාගෙනයි.

The skull of Keppetipola Disawe under the stone pillar memorial in Mahamaluwa Today we are going to tell you about the stone pillar memorial in Mahamaluwa. You would have seen this many times and probably taken pictures of it but never given a thought as to what it is.
This memorial was built in 1954 which contains the skull of Monarawila Keppetipola Nilame. There are many things to say about Keppetipola hero but lets first find out about the memorial.

Monarawila Keppetipola Maha Disawa is one of the chieftains who signed the Kandyan Convention in the Magul Maduwa or the audience hall when the British was ruling. That was in the year 1815.British were ruling Keppetipola Maha Disawa who was sent to control the Uva rebellion joined them to fight against the British. In 1818 when the locals lost the battle, the British government took steps to execute the leaders. There were 4 charges against Keppetipola Nilame.

Keppetipola fighting against the government, Accepting his position under a false king, organizing the citizens against the government and fighting against the British Monarchy were the 4 charges against him. After the hearing he was convicted of the accusations. The verdict issued by Governor Brownrigg was to kill Keppetipola Nilame and Madugalle Disawe on 26th November 1818 at 8 am.

Also Governor Brownrigg ordered that all the British Soldiers should be present. They first went to worship the Sacred Tooth Relic and since Keppetipola did not have anything to offer he offered his Thuppotiya (the cloth which was wrapped around his waist) as a Dalada offering. It is said that Madugalle Disawe was a bit restless. He was pleading for life from the Sacred Tooth Relic. Keppetipola looked at his friend with compassion and told him not to be stupid. Keppetipola nilame tied his hair as a knot and requested for some water to wash his face, that was his signal to say he is ready. The execution happened near the Bo tree next to the now Keppetipola hall.

Afterwards facing the temple of the Sacred Tooth Relic he has taken a book called “Dhammapada” which contains “Gatha” or preaching of Lord Buddha and recited few. Then handed the book to the executioner requesting him to hand it over to his friend Mr Sovers. Also requesting the executioner to behead him when he mentions the word “Arahang” a worshipable quality of Lord Buddha.

As soon as Keppetipola mentioned “So Baghawa Ithipi Arahang” the executioner aimed his sword towards Keppetipola’s throat but couldn’t kill him in one strike. Everyone was amazed to see the heroic Keppetipola Nilame not moving an inch till the second strike beheaded him and the executioner kept Keppetipola’s head on his chest. A doctor who was present requested for permission from Governor Brownrigg to take the skull to England to do some experiments. Dr Hill who conducted the experiments have announced that the skull is of a exceptional hero. The skull which was kept in Edinburgh for some years was brought back to Ceylon in year 1954. This was exhibited from 17th to the 26th November and taken to Monarawila Pallepola in Matale too.

Even though the majority wanted to keep the skull in a museum as an exhibit item the government decided to bury it in Mahamaluwa and built a memorial.

සටහන ~ ධර්ම ශ්‍රි තිලකවර්ධන| පරිවර්තනය ~ රධිකා නඩේසන්.

Share With