Search
Close this search box.

September 12, 2020

මහනුවර මහමළුවේ ඇති තවත් වැදගත් පිළිරුවක් ගැනයි අද කියන්නේ. ඔබ කවුරුත් අහලා තියෙනවා වාරියපොළ සිරි සුමංගල හාමුදුරුවෝ ගැන. දරුවන්ගේ පාසල් පොත්වල පවා සුමංගල හාමුදුරුවෝ ගැන සදහන් වෙනවානේ. උන් වහන්සේ වඩාත් ප්රචලිත උඩරට ගිවිසුම අත්සන් කරන වෙලාවේ ඉංග්රීසි කොඩි පහත හෙළපු එක ගැනයි.
ඒ වගේ වාරියපොල සුමංගල හාමුදුරුවෝ දළදා වහන්සේ සුද්දන්ගෙන් ආරක්ෂා කරගන්න දිවි හිමියෙන් කැපවු යතිවරයන්⁣ වහන්සේ නමක්. ඉතින් ලංකා ඉතිහාසය තුළ රන් අකුරෙන් ලියැවෙන මේ හාමුදුරුවෝ ගැන ගොඩක් දේවල් තියෙනවා ලියන්න. නමුත් කෙටි සටහනක් ලියන්නයි මේ සුදානම.
1815 මාර්තු 2 දා තමයි උඩරට ගිවිසුම අත්සන් කළේ. මෙදින ගිවිසුම අත්සන් කරන්න ප්රතම ඉංග්රීසි සෙනෙවියෙක් ඉංග්රීසි කොඩි එසෙව්වා. මේ වෙලාවේ දළදා මැදුරේ සිටි සුමංගල හාමුදුරුවෝ කොඩිය එසවූ තැනට වැඩම කර අර ඉංග්රීසි කොඩිය පහත දැම්මා.
“තොපට තොපේ කොඩිය දැන් ම කෙසේවත් මේ කන්ද උඩරට ඔසවන්නට නීතියෙන් ඉඩක් නැහැ. තොපට මේ නියමය කළේ කවුද? මේ සිංහලේ රට තවමත් මේ රට තොපට භාර දෙන්නට බැහැ. වේලාව පැමිණෙන තුරු, ඉවසන්නට තරම් ආත්ම විශ්වාසයක් සුදු ජාතීන්ට නැත්ද?” කියලා නාහිමියෝ එදා අභීතව සිංහනාද කළා.
මේ අවස්ථාවේ කෝපයට පත් ඉංගීරසි සෙනවියෙක් වහාම කඩුව කොපුවෙන් ඉවතට ගෙන වාරියපොල මාහිමියන්ට හෙළන්නට සූදානම්වුණා, ඒ වන විටත් කාර්යය සංවිධානයෙහි යෙදෙමින් සිටි ඩොයිලි වහා එතනට පැමිණ කඩු පහර වළක්වා ගත්තා. ස්වකීය නියමය වරදවා ගැනීමෙන් සුදු සෙනවියා විසින් කරන ලද වරද පිළිබඳව සමාව දෙන ලෙස වාරියපොළ ශ්රී සුමංගල මාහිමියන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියා.
පස්සේ 1818 වර්ෂයේ දී බ්රිතාන්යය පාලනයට විරුද්ධව උඩරට වාසීහු කැරලි ගැසීම ආරම්භ කළා. එදා දේශය මුදාගැනීමේ අරගලයට නායකත්වය දුන්නේ කැප්පෙටිපොල දිසාවේ. ශ්රී සුමංගල හාමුදුරුවෝ ඉතා සූක්ෂමව ගන්ධ කුටියේ තිබූ ශ්රී දළදා වහන්සේ ඉන් ඉවතට වඩමවා හඟුරන්කෙත ප්රදේශයට ගෙන ගොස්‌ සඟවා තැබුවා. පසුව උඩරට කැරැල්ල මෙහෙය වූ හා එයට නායකත්වය දුන් කැප්පෙටිපොල දිසාවේ වෙත දළදා වහන්සේ භාරදි තිබෙනවා. නමුත් බ්රිතාන්යයන් මේ කැරැල්ල ඉතාම දරුණු ලෙස මර්දනය කළා.
පසුව වාරියපොල සුමංගල හාමුදුරුවෝ දළදා වහන්සේත් රැගෙන වනගත වී තිබෙනවා. ගෞරවය නිසාම දළදා වහන්සේ සිවුරේ රඳවා වම් උරයේ තබාගෙන තිබෙනවා. දළදා වහන්සේ දෙසටම හිස හරවාගෙන සිටි නිසා සුමංගල හාමුදුරුවන් ගේ ශරිර ලක්ෂණ පවා වෙනස්වු බව සදහන් වෙනවා. සුමංගල හාමුදුරුවෝ දළදා වහන්සෙ එලෙස සඟවාගෙන ආරක්ෂා කළේ කෙදිනක හෝ සිංහල රජෙක් සිංහාසනයට පත්වුවහොත් දළදා වහන්සේගේ භාරකාරත්වය එම රජුට පැවරිම සදහායි.
ක්රි.ව. 1818 නොවැම්බර් 01 වෙනි දින ඉංග්රීසින් විසින් වාරියපොල සුමංගල හාමුදුරුවන්ව අත්අඩංගුවට ගත්තා. ඉංග්රීසි රජය භාරයේ පැවැති දළදා වහන්සේ රහසිගතව පැහැරගෙන යාම නිසා යුද්ධාධිකරණය සුමංගල හාමුදුරුවන්ට දඬුවම් නියම කළා. මේ අනුව එදා ඉංග්රීසි රජය වාරියපොල මාහිමියන් යාපනයේ සිර කඳවුරේ රැඳවීමට තීරණය කළා. 1821 අප්රේල් 18 වාරියපොල හිමියන් බන්ධනාගාරයෙන් නිදහස් කොට ඇති බව ඉතිහාසයේ සදහන් වෙනවා.
වාරියපොල සුමංගල හාමුදුරුවෝ කියන්නේ අපේ රටේ නිදහස වෙනුවෙන් අභීතව පෙනි හිටපු හාමුදුරුවෝ. ඒ වගේම දළදා වහන්සේ ඉංග්රීසින්ගෙන් රැකගත් හාමුදුරුවෝ. එසේම උන්වහන්සේ සාමාන්ය යතිවරයෙකුද නොවේ. උන් වහන්සේ අස්ගිරි පාර්ශවයේ අනුනායක ධූරයත් දළදා වහන්සේගේ තේවාවේ භාරකාරත්වයත් දැරුවා.
 
Today lets look at another important statue in the Mahamaluwa, that is of Wariyapola Siri Sumangala Thero. Everyone have read about him at some point in life specially as its included in the primary school text books. He is famously known for removing the British flag and hoisting the flag of “Singhale” during the signing Kandyan Convention.
Also he put his life at risk to protect the Tooth Relic from the British. His name is written in gold in the history of Sri Lanka.
The Kandyan Convention was to be signed on 2nd March 1815. Before this was signed a British soldier hoisted the British flag. Siri Sumangala Thero who was at the temple of the Tooth at that time, came to the location and pulled the British flag down and hoisted our flag.
Bravely stating ” who asked you to hoist the British flag? you cant hoist your flag yet in this ීinhala country. Don’t you whites have any confidence to wait till the right time comes”
A soldier who got angry at the bravery of Siri Sumangala Thero pulled his sword and almost used it when Jhon Doyly who was already involved in organizing things quickly avoided the striking. Also he humbly begged for pardon from Siri Sumangala Thero.
In 1818 the rebellion started against the British this was led by Keppetipola Disawe.
Siri Sumangala Thero who was in charge of the “Theva” or the rituals and offerings to the Sacred Tooth Relic in the inner chamber, secretly took the Relic away and went in to hiding in Hanguranketha. Later he handed over the Sacred Tooth Relic to Keppetipola Disawe who was leading the rebellion against the British. The British somehow won the battle.
After the defeat Siri Sumangala Thero went in to hiding in the jungle with the Sacred Tooth Relic, hiding it in the seam of his robe. Due to the great devotion and respect towards the Sacred Tooth Relic he hid it in his robe and kept it on his left shoulder and the entire time kept his head turned towards that side. Its believed that his body changed due to this. His thinking was to protect the Tooth Relic till a Sinhala king takes over the country so he could hand over the Relic.
But on 1st November in year 1818 the British captured Siri Sumangala Thero and convicted him of treason and imprisoned him in the jail in Jaffna. Its believed that he was released from the prison on the 18th of April 1821.
Ven Wariyapola Siri Sumangala Thero is a brave hero who fought with the British for our independence and also who protected the Sacred Tooth Relic for us from the British. Not only that he was the Anunayake of the Asgiri Chapter at the time.
 
සටහන ~ ධර්ම ශ්රි තිලකවර්ධන.
පරිවර්තනය | රධිකා නඩේසන්.
ඡායාරූප | මාධ්ය කාර්යාංශය.

Share With