Search
Close this search box.

September 8, 2020

අද කියන්න යන්නේ දළදා වහන්සේ ලංකාවට වැඩමවු දා සිට වැදගත් තොරතුරු ඇතුළත් ලිපි ලේඛන හා තවත් වටිනා ලේඛන ආදිය දැනගත හැකි තැනක් ගැනයි. ඒ තමයි දළදා මාලිගාවේ කෞතුකාගාරය. ටී.බි.නුගවෙල හිටපු දියවඩන නිලමේ තුමා විසින් පිහිටවනු ලැබූ අලුත් මාලිගාව නම් ගොඩනැගිල්ලේ තෙවන හා සිව්වන මහල් වල තමයි මෙම දළදා මාලිගා කෞතුකාගාරය පිහිටා තියෙන්නේ.

 

පළමුවෙනි විමලධර්මසූරිය රජතුමානේ මහනුවරට දළදා වහන්සේ වඩමම්ලා මාලිගාවක් හදලා එහි දළදා වහන්සේ තැන්පත් කළේ. ඒ මාලිගාවට පසුකාලින රජවරුන් විසින් විවිධ වෙනස්කම් කරලා විවිධ අංග එකතු කළා.

මේ විමලධර්මසූරිය රජතුමා හැදු දළදා මාලිගාවේ බිම් සැලැස්ම අපිට බලාගන්න පුළුවන් ⁣වෙන්නේ මාලිගාවේ මේ කෞතුකාගාරයෙන්. පළමුවෙනි විමලධර්මසූරිය රජතුමා හැදු දළදා මාලිගාවේ බිම් සැලැස්ම, දෙවැනි විමලධර්මසූරිය රජතුමා හැදු දළදා මාලිගාවේ බිම් සැලැස්ම, නරේන්ද්‍රසිංහ රජතුමා තැනු මාලිගාවේ බිම් සැලැස්ම මේ කෞතුකාගාරයේ තිබෙනවා. ඒ වගේම කිර්ති ශ්‍රි රාජසිංහ රජතුමාගේ කාලයේදි දළදා මාලිගාව තිබුණේ කොහොමද කියලා බලාගන්න එහි සිතියමක් ද මේ කෞතුකාගාරයේ තිබෙනවා.

ඒ වගේම 1815 දි උඩරට නිලමේවරුන් හා ඉංග්‍රීසින් විසින් ඇතිකරගත් උඩරට ගිවිසුමේ පිටපතකුත් මෙහි තිබෙනවා. ශ්‍රී දළදා මාළිගාව මහනුවර පිහිටවු තැන් සිට මේ දක්වා කාලය තුල විවිධ රජවරු සංචාරකයන්, බැතිමතුන්, රාජකීය අමුත්තන්, විවිධ රාජ්‍ය නායකයින්, සහ සාමාන්‍ය පොදු මහජනයාද ශ්‍රී දළදාව වෙත විවිධාකාරයේ ත්‍යාග, පුද පඬුරු, පූජා කොට තිබෙනවා. ඒවා සියල්ල ඒ වෙනුවෙන් තනවන ලද විශේෂ ගබඩා කාමර වල, කලින් කලට පත් වූ දියවඩන නිලමේතුමන්ලා විසින් ආරක්ෂා සහිතව තැන්පත් කර තිබෙනවා.

ප්‍රදර්ශන භාණ්ඩ අතර දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ තැන් සිට බ්‍රිතාන්‍ය පාලන කාලය දක්වා ඓතිහාසික වාර්තා, 1765 වර්ෂයේ මාලිගා සංකීර්ණයේ ලන්දේසි සැලැස්මක්, ශ්‍රී දළදා වෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් වගබලා ගන්නා මල්වතු – අස්ගිරි පාර්ශවවල මහනායක හිමි වරුන්ගේ නාම ලේඛණ මෙහි තිබෙනවා. ඒ වගේම මහනුවර රාජධානියේ රජවරුන්ගේ නාම ලේඛණ, සහ දියවඩන නිලමෙවරුන්ගේ උඩුකය පිළිරු මෙහි දකින්න තිබෙනවා.

අපේ රජවරු පාවිච්චිකරපු ඇඳුම් රැසක් මෙහි තිබෙනවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ වස්ත්‍රාභරණ ද ඒ අතර ‍ඇත. දළදා පූජා චාරිත්‍ර වලදි අපේ රජවරු විසින් පාවිච්චියට ගනු ලැබු උපකරණ රැසක් මෙහි තිබෙනවා. ඒ වගේම තමයි ඔබට මතක ඇති 1998 ජනවාරි මස ත්‍රස්තවාදීන් දළදා මාලිගා පරිශ්‍රයට බොම්බ ප්‍රහාරයක් එල්ලකළා. ඒ බෝම්බ පිපිරිමෙන් බිත්තිවල බදාම ගැලවිලා ගියා. ඒ බදාම ගැලවුනාට පස්සේ විවිධ සිතුවම් මතුවුණා. මේ ප්‍රහාරයෙන් හඳුන්කුඩමේ (Images: t.ly/QqAk) බදාමයටත් හානි සිදුවුනානේ. ඒ බිත්තියෙන් මතුවුණා ඇත්රුවක්. තව මිනිස් රූප කිපයකුත් මතුවුණා. නරේන්ද්‍රසිංහ රජතුමා මාලිගාවේ ජාතක කතා තිස්දෙකක් ඇන්දෙව්වා කියලා මහවංශයෙත් සදහන් වෙනවා. සමහරවිට ඒ මතුවුණේ ඒ ජාතක කතා විය හැකි බව පුරාවිද්ඥ්‍ය මතය යි.

ඉතින් මේ සියලු විස්තර හා ප්‍රදර්ශනය වන ඡායාරූප අතර සියවස් ගණනාවක් මුළුල්ලේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර තිබු විවධ වැදගත් ස්ථාන වල ඡායාරූප වගේම බෝම්බ පිපිරීමෙන් දළදා මාලිගාවට වූ බරපතල හානි විදහා දැක්වෙන විශාල ඡායාරූප එකතුවක් ද කෞතුකාගාරයට එත්තර තිබෙනවා.

දෙවැනි මහලේ ප්‍රදර්ශනය සඳහා තබා ඇති භාණ්ඩ අතර ශ්‍රි දළදාව සම්බන්ධ දිනපතා තේවාවන්හිදි ප්‍රයෝජනයට ගත් ඓතිහාසික භාණ්ඩ, හෙප්පු, බුද්ධ ප්‍රතිමා සහ ඉතා වටිනා මැණික් එබ්බවූ සාම්ප්‍රදායික උඩරට රන් රිදි ආභරණ යනාදි බැතිමතුන් විසින් පූජා කරන ලද භාණ්ඩ දක්නට ලැබෙනවා. ඒවා අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් පූජා කරන ලද රිදි වතුර භාජනයක් (කලයක්) රාජාධිරාජසිංහ මහ රජතුමා පූජා කළ එල්ලෙන රිදි පහනක්, තායිලන්තයේ බොරොම් කොත් රජු විසින් එවන ලද බුදුන්ගේ ශ්‍රී පතුලෙහි ආදර්ශයක් ගත් සිතුවමක් කෞතුකාගාරයේ තැන්පත් කර තියෙනවා. මේ කටුගෙයි වටිනාම වස්තුවක් තිබෙනවා. ඒ තමයි ධර්මාශෝක රජතුමාග් අනුග්‍රහයෙන් පැවති තුන්වෙනි ධර්ම සංගායනාව පවත්වන්න මුල්වු මොග්ගලිපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ ශාරිරික ධාතුන් තැන්පත් කර ඇති කරඬුව.

මේ කරඬුව අපිට ලැබුණේ පස්වෙනි ජෝර්ජ් රජතුමාගේ යුගයේදි. මේ කරඬුව පන්ජාබයේ තක්ෂිලා නුවරින් හමුවු බවයි එහි සදහන්ව තියෙන්නේ. බ්‍රාහ්මිය අක්ෂරවලින් එය සදහන් කර තිබෙනවා.
ඒ වගේම තව පුරාවස්තු රැසක් මෙහි තිබෙනවා. පො⁣ළොන්නරු යුගයේ රජකළ ලීලාවති රැජිණගේ කහවනුව, ආදි ඔිලන්ද, ඉංග්‍රීසි යුගවල කාසි මෙහි ප්‍රදර්ශනයට තබා තිබෙනවා. ඒ සියළු කාසි දළදා වහන්සේට පුජාකළ ඒවායි.

ඔබ දළදා මාලිගාවට ගොස් දළදාවහන්සේ වැඳපුදාගත් පසු මෙම ස්ථානය බැලීමට යාමෙන් අපේ උරුමය, සංස්කෘතික වටිනාකම පිළිබඳව හොඳ දැනුමක් ලබාගත හැකියි.
‍කෞතුකාගාරයේ ඡායාරූප | t.ly/x19H

The museum of Sri Dalada Maligawa..

Lets have a look at another place whithin the premises of the Temple of the Tooth Relic, which has a lot of historical documents and artifacts. That is the museum of Sri Dalada Maligawa located on top of the new shrine room in the new building.

King Wimaladharmasuriya the 1st built a palace to enshrine the Tooth Relic once it was brought to the Kingdom of Kandy. Later on the other reigning kings have done changes. The architectural plan of the building is available at the museum. The architectural plans of the palaces built by king Wimaladharmasuriya the first, king Wimaladharmasuriya the second and king Narendrasinghe to enshrine the Saced Tooth Relic are also can be seen on display at the museum. Also a map of the Shri Dalada Malgawa during the reign of king Keerthi Shri Rajasinghe.

A copy of the Kandyan Convention which was signed in year 1815 by the British and the Chiefs of the Kandyan Kingdom is available at the museum.
A collection of artifacts offered by kings,queens, heads of states, foreigners and divotees from the beginning of the Kandyan kingdom to now can be seen on display.

The museum is located on the third and the fourth floors of the new shrine which was done by T.B. Nugawala a past Diyawadana Nilame.

Reports from the time the Tooth Relic was brought to Lakdiwa up to the British ruling, a Dutch plan of the palace complex dating back to 1765, a registry of the chief incumbents of Malwathu and Asgiriya chapters, a registry of kings of the Kingdom of Kandy and also a collection of statues of the past Diyawadana Nilames are among the items on exhibition.
A collection of clothes and jewellery worn by king Keerthi Shri Rajasinghe and items used for the rituals of the Tooth Relic by past kings are also on display.
You might remember that the LTTE bombed the Temple of the Tooth Relic in January 1998. As an impact the coating on the walls were destroyed , exposing some frescos in the inner layers of the walls. A fresco of an elephant and some human figures were exposed. Its mentioned in “Mahavamsa” (an epic poem written in Pali which relates to the history of our country ) that king Narendrasinghe got his people to draw 32 stories from “Jathaka Potha”. The frescos exposed could be those.

Among the collection of photographs one can see pictures of places where the Tooth Relic was kept from time to time during the last few centuries. Also pictures of the damage after the bombing.

On the second floor one can see the things used for daily “Theva” or offerings in the past, “heppu”, statues of Lord Buddha and gold & silver
jewellery with intricate designs and embedded with precious gems offered by divotees on display.
Among these artefacts are a silver pot offered by king Keerthi Shri Rajasinghe, a hanging silver oil lamp offered by king Rajadhirajasinghe, a replica of a footprint of Lord Buddha sent by king Barom Koth of Thailand.

One of the most precious things we have in this museum is a casket containing the relics of Maha Rahat Thero Moggali Putta Tissa who presided the 3rd Budhist Council under the patronage of Emperor Ashoka. We got this casket during the reign of king George the 5th. Its inscribed in Brahmin that it was found from Thakshila of Punjab.

A gold coin owned by Queen Leelawathi of the Pollonnaruwa era, a collection of old Dutch & British coins are among the items on display. All these coins were offerings to the Sacred Tooth Relic.

The next time you come to worship the Sacred Tooth Relic, visit the museum to gain knowledge on our cultural heritage. Museum Images

සටහන ~ ධර්ම ශ්‍රි තිලකවර්ධන| පරිවර්තනය ~ රධිකා නඩේසන්.

Share With