Search
Close this search box.

September 8, 2020

අද කියන්න යන්නේ දළදා මාලිගා මහමළුවෙි තිබෙන ඉතා වැදගත් පිළිරුවක් ගැනයි. ඒ තමයි වීර මද්දුම බණ්ඩාර කුමාරයා ගේ පිළිරුව. ඉතින් මද්දුම බණ්ඩාරගේ වීරකම ගැන කුඩා දරුවන් පවා දන්නවා.

ඔබ ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගන්නට මහමලුව මැදින් ගමන්කරනකොට හෝ වැද පුදාගෙන ආපසු මහමළුව මැදින් එනවිට දළදා මැඳුර දෙසට මුහුණලා සිටින දරුවකුගේ පිළිරුවක්‌ සහිත සිහිවටනයක්‌ ඔබ දැක ඇති. ඒ තමයි 1814 මැයි 17 වැනි දින හිස ගසා දමන ලද ළමා වීරයා මද්දුම බණ්‌ඩාර ඇහැලේපොල ගේ පිළිරුව. එහි ඉංග්‍රීසි බසින් තියෙනවා සිංහ හදක් ඇති ළමා වීරයා කියලා සටහනක්.

මේ ස්‌මාරකය පිහිටි භූමිය වසර කිපයකට පෙර හැඳින්වුණේ මද්දුම බණ්‌ඩාර ළමා උද්‍යානය කියලයි. මහමළුව පුළුල් කරන විට ඒ උද්‍යානය ද ඊට සම්බන්ධ කළා. එහෙත් ළමා වීරයාගේ පිළිරුව මේ පින්බිමෙහි තවමත් දකින්න තියෙනවා.

මද්දුම බණ්‌ඩාර ළමා වීරයාගේ පියාණන් වූයේ ඇහැලේපොල සෙනෙවිරත්න සේනානායක චන්ද්‍රතිලක විඡේසුන්දර දිසානායක අමරකෝන් වාහල පණ්‌ඩිත මුදියන්සේ ය. සිංහලේ රාජ ඉතිහාසයේ අවසාන භාගයේ කැපී පෙනුණ පුද්ගලයකු වූ ඔහු බොහෝ දෙනා හඳුනන්නේ ඇහැලේපොල මහ අදිකාරම් කියලයි. මාතලේ උඩසියපත්තුවේ ඇහැළේපොල උපන් ඔහු මහවෙල පොල්වත්තේ පිහිටි තම නිවස පන්සලක්‌ බවට පත්කර ඉඩකඩම් එයට පිදුවා. මහ අදිකාරම්ගේ සෙංකඩගල වලව්ව තමයි පස්සේ කාලෙක මහනුවර රිමාන්ඩ් සිර මැඳුර හැටියට පාවිච්චි කළේ. මේ යුගයේ හිටියේ ශ්‍රි වික්‍රම රාජසිංහ රජු. තමන් මරා හෝ බලයෙන් නෙරපා දමා හෝ නිලමේවරුන් රාජ්‍ය බලය ලබා ගනු ඇත යන සැකය හා බියක් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ හිතේ තදින් ම තිබුණා. මේ පීඩනයෙන් මිදෙන්නට සිතූ රජු සුරාපානයට ඇබ්බැහි වූ බව ඉතිහාසයේ සදහන්.

නාථ දේවාලය දළදා මැඳුර අසලින් ඉවත් කිරිමට රජු ගත් තීරණයටත් ඇහැලේපොල නිලමේ විරුද්ධ වුණා. මේ නිසා ඇහැලේපොල මහ අදිකාරම් ගැන රජුට වැඩි ප්‍රසාදයක් තිබුණෙත් නැහැ. නොයෙකුත් හේතු නිසා ඇහැලේපොල මහ අදිකාරම් ගැන රජුට ඇති වුණ සැකය හා අමනාපය තව තවත් තියුණු කරන ලද්දේ තවත් නිලමේලොගේ කේලාම් බස් නිසයි.

අන්තිමට ඇහැලේපොල නිලමේ රාජ විරෝධියෙකු ලෙස රජු නියම කළා. මේ අතරේ ඇහැලේපොල නිලමේට රජු යවන ලද ලිපි වලට එවු පිළිතුරු අතරමඟදි වෙනත් නිලමේලා විසින් වෙනස් කළා. එයින් ඇහැ⁣ලේපොල නිලමේ කෙරෙහි රජුගේ කේන්තිය තවත් වැඩිවුණා.

සිංහලේ රාජ්‍යයේ අර්බුද නිසා කෲර ලෙස ඝාතනය කෙරුණ පිරිස අතර මුලින්ම සිටින්නේ ඇහැලේපොල පවුලයි. වරදකරුවකු වෙනුවෙන් පවුලේ අය ප්‍රාණ ඇපයට ගැනීම සිංහලේ රාජ්‍යයේ රීතියක්‌ බව රොබට්‌ නොක්‌ස්‌ ද සඳහන් කර තිබෙනවා. ඒ අනුව ඇහැලේපොල පවුලම රජු සිරකළා.

1814 මැයි 17 වැනි දින තමයි දිනය. එදින දළදා මැඳුර අබියස නාථ හා මහා විෂ්ණු දේවාල අතර පිහිටි දේව සංහිද නමින් හැඳින්වුණ භූමියට හිරභාරයේ සිටි ඇහැලේපොල කුමාරිහාමි සහ දරුවන් සිවුදෙනා කැඳවාගෙන එනු ලැබුවා. ඉදිරිපස රජ වාසලේ සිට රජු බලා ගෙන සිටියා.

“දරුවනි බිය නොවන්න, රඡ්ජුරුවන්ට ලේ පිපාසය සෑදී ඇත. අපේ ලේ වලින් ඔහුගේ පිපාසය සංසිඳේවා. නිර්දොaෂී වූ පියාණන්ට මේ බිලි පූජාවෙන් යහපතක්‌ වේවා කියා ප්‍රාර්ථනා කරන්නැ” යි දරුවන්ට ඇහැලේපොළ කුමාරිහාමි හඬනගා කිව්වා.

රජුගේ නියමයෙන් වධකයා කඩුව අතට ගත්විට එකොළොස්‌ හැවිරිදි වැඩිමහල් දරුවා අම්මාගේ ඇඟෙහි එල්ලී වැළපෙන්නට වුණා. මෑණියන්ගේ කථාවෙන් ධෛර්යවත් වූ නව හැවිරිදි මද්දුම බණ්‌ඩාර නොබියව ඉදිරියට ඇවිත් “අයියණ්‌ඩි, බිය නොවන්න, මැරෙන හැටි මම පෙන්වමි” යෑයි කියා වධකයාට ගෙල පෑවේ එක පහරින් ගෙල සිඳින්නැයි කියමින්. වීර දරුවාගේ හිස එක කඩු පහරකින් වෙන්වුණා.

ඇහැලේපොල දරු පවුල මුහුණ දුන් ෙඛ්දවාචකය නිසාම 1815 සිංහල – ඉංග්‍රීසි ගිවිසුමට කුරිරු දඬුවම් නැවැත්විමේ වගන්තියක්‌ ද ඇතුළත් කර තිබෙනවා. ගිවිසුම ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදි මද්දුම බණ්ඩාර කුමාරයාගේ පියාවු ඇහැලේපොල නිලමේ මඟුල් මඩුවට ඇවිත් තිබෙනවා. නිලමේවරු කවුරුත් ඔහුට ගරුකළා.

පසුකාලිනව 1825 වසරේදී ඉංග්‍රීසින් ඇහැලේපොල නිලමේ මුරුසියට පිටුවහල් කර තිබෙනවා. ඇහැලේපොල නිලමේ 1829 අප්‍රේල් මාසයේදි තමයි මියගිහින් තියෙන්නේ. එතුමා මුරුසියේ පවුල්වල කුඩා දරුවන්ට සිංහල කවි කියාදි තිබෙනවා.. බොහෝවිට තම දරුවන් නැතිවු ශෝකය ඔහු එලෙස යටපත් කරගන්න ඇති.

ඉතින් අපේ ජාතියේ ඒ ළමා වීරයා සිහිවිම සදහා තමයි මහමළුවේ ඔය පිළිරුව හදලා තියෙන්නේ. ඔබ මාලිගාව වන්දනා කර ආපසු එනවිට මහමළුවේ ඇති මේ මද්දුමබණ්ඩාර වීරයාගේ පිළිරුව අසළට ගොස් ඔබේ දරුවන්ට මේ වීරයා ගැන විස්තර කියා දෙන්නේනම් එය දරුවන්තුළ අභිමානයක් ඇති කිරිමට හේතුවක් වනු ඇති.

Today lets look at the statue of the child hero, Madduma Bandara which is in Mahamaluwa. The story of Madduma Bandara is famous among our children.
The story of heroic Madduma Bandara go hand in hand with Sri Lankan history. He is famously known as the “child hero with a lions’ heart”
You would have seen a statue in Mahamaluwa of a child facing the Temple of the Tooth Relic. This is the statue of child hero Maddumabandara Ehalepola who was executed by beheading on the 17th of May 1814. There is an English inscription which says ” child hero with a lions’ heart”

Earlier this place was known as the “Madduma Bandara Lama Udyanaya” but when the Mahamaluwa was expanded they included this part too to the grounds of Mahamaluwa and the statue is still there.
Madduma Bandara’s father was Ehalepola Seneviratne Senanayake Chandrathilake Wijesundara Dissanayake Amarakoon Wahala Panditha Mudiyanse. He is one of the main characters in the history of the last kingdom. He is famously known as the Ehalepola Maha Adikaram, who was born in Udasiyapaththuwa Ehalepola in Matale. He converted his Ancestral house in Mahawela Polwatte in to a temple and offered all the land there to the temple. His other house “Senkadagala Walawwa” was later used as the remand prison.

King Shri Wickrama Rajasinghe who was the ruling king of the time had a fear that the chieftains would kill him to get in to power. So to get rid of the pressure he got addicted in alcohol and would get angry at the slightest thing. The angry king would order to kill anyone whom he thought was a threat.

Ehalepola Maha Adikaram did not help him much for his second marriage also Ehalepola Nilame was against the king on his decision to remove the Natha dewalaya from its location. Due to these reasons the king was not in favour of Ehalepola Maha Adikaram. Then Ehalepola was sent to Sabaragamuwa to collect taxes. At the same time the king had a crush on “Ehalepola Kumarihami” the wife of Ehalepola. The other Nilame’s made the situation worse by telling things to the king against Ehalepola for their benefits.

Finally the king announced that Ehalepola Nilame is a traitor. The letters which were sent to Ehalepola was changed by these Nilame’s in midway which made the King’s anger against Ehalepola worst.

Ehalepola family is among the first to be executed during this period by the orders of the ruling King. In his diary Robert Knox mentions that it was customary to arrest the family of the accused during the Sinhala Monarch. The Ehalepola family, the wife and children were arrested by the king.

On the 17th May in 1814 they were executed. on the said date the family was brought to a place called “Dewasanhinda” near Dalada Madura in between Natha and Vishnu Dewala while the king was watching from his palace in front.

Ehalepola Kumarihami told her children not to be afraid and that the king is in thirst of blood and let his thirst be quenched by their execution and also wish that this be a blessing for your father.

The elder son was afraid and clinging on to the mother when the executioner took the sword in his hand at the command of the king. The second child Maddumabandara who was encouraged by his mothers words said “Aiyandiya Biya Nowanna Marena Sati Mama Penwannam” meaning “oh! elder bother do not fear, i ll show you how to die fearlessly “. Then brave child stepped up to the executioner asking him to behead him in one stroke and kept his head on the beheading wooden stump. Afterwards the elder son the daughter and the small infant were beheaded.

There is a clause to prevent cruelty in the Kandyan Convention the agreement between the Sinhalese and the British which was signed in 1815 all due to this sad incident that the Ehalepola family faced. Its said that Ehalepola Nilame who was respected by many was present when this was signed in Magul Maduwa.

Later in year 1825 Ehalepola Nilame was exiled to Mauritious who died there in April 1829. Its said that he thought Sinhala songs to the children of Mauritious. Probably he would have done this to overcome the sadness of loosing his children.

The statue was erected in memory of that child hero. So don’t forget to show your children this statue and tell them the story of the child hero something to be proud of.

සටහන ~ ධර්ම ශ්‍රි තිලකවර්ධන| පරිවර්තනය ~ රධිකා නඩේසන්.

Share With