රතනසාර නාහිමිපාණන් වහන්සේ අද දැයට සමුදෙයි. ආදාහන පූජෝත්සවය පස්වරු 2 ට. 

ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමිපාණන්

අපවත් වී වදාල මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ, අස්ගිරි මහා විහාර පාර්ශවයේ ‍ජ්‍යෙෂ්ඨ කාරස සංඝ සභික, ‍මහනුවර නාථ දේවාල විහාරාධිපතිව වැඩ විසූ මහ‍ෝපාධ්‍යාය ධුරන්දර ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය තෛයි නිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් අද (2026.05.11) දින පස්වරු 2ට පැවැත්වීමට නියමිතව තිබේ. ඒ ගැටඹේ නාගරික ක්‍රීඩාංගනයේ දී ය. උන් […]

සාම පා ගමනේ නිරත මහා සංඝරත්නය මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය අතිගෞරවාර්හ මහා නායක මාහිමිපාණන් වහන්සේලා බැහැදැකීම.

සාම පා ගමනේ නිරත පඤ්ඤාකර යත්‍රීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය අතිගෞරවාර්හ මහා නායක මාහිමිපාණන් වහන්සේලා බැහැදැකීම සඳහා 2026 අප්‍රේල් මස 23 දින පස්වරුවේ ⁣මහා විහාරයන් වෙත වැඩම කරා.   The Maha Sangha, led by Venerable Pannakara Thero, who are engaged in the Walk for Peace, visited the Maha Vihara […]

සාමය සංකේතවත් කර දහස් ගණනක් දුර ගෙවා යන Walk for Peace හෙට (23) මහනුවරට.

නිර්මල බුදු දහමේ ඇති හරය අරුත් ගන්වමින්, එහි සාමය සංකේතවත් කර දහස් ගණනක් දුර ගෙවා යන Walk for Peace ගෝලීය සාම පාද යාත්‍රාව 2026 අප්‍රේල් මස 22 වන දින ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරයෙන් ආරම්භ විය. ඒ, ඇමරිකාවේ සිට වැඩම කළ වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය හා අලෝකා ද සහභාගීත්වයෙන් ය. මෙම […]

ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උතුම් දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීම.

2026 අප්‍රේල් 15 වන දින පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණි ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උතුම් දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මහනුවර ඓතිහාසික ශ්‍රී මහා නාථ දේවාල භූමියේ පැවති හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය සඳහා ද සහභාගි විය. Hon. President Anura Kumara Dissanayake, who visited the historic Temple of the […]

අලුත් අවුරුදු උදාවට දළදා මැඳුරේ කිර් ඉතිර වේ!

නව අවුරුදු උදාවත් සමග සිරි දළදා මැදුරේ “කිරි ඉතිරවීමේ චාරිත්‍රය” සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ගරු දියවඩන නිලමේතුමන්ගේ මූලිකත්වයෙන් 2026 අප්‍රේල් 14 වන දින සිදු කෙරුණා. Share With More To Explore

නැදුන්ගමුව රාජාගේ සංරක්ෂිත අනුරුව විවෘත කිරීම මාර්තු 10 වෙනි දින පෙ.ව 9.30 ට.

දශක දෙකකට පමණ ආසන්න කාලයක් කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ ශ්‍රී දළදා මාලිගා පෙරහරේ සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවමින් ලක් ඉතිහාසයේ නොමැකෙන ජනතා ‍ගෞරවයක් දිනාගත් නැදුන්ගමුවේ විජය රාජා ඇතුගේ සංරක්ෂණය කර ප්‍රතිෂ්ඨාපනය කළ ජීවමාන ප්‍රමාණයේ පිළිරුව 2026 මාර්තු 10 වෙනි දා පෙරවරු 9.30 ට කොළඔ 7, ජාතික කෞතුකාගාරයේ දී සිදු කිරීමට නියමිතයි. වසර 4ක […]

වාරියපොළ ශ්‍රී සුමංගල අනුනායක නාහිමිපාණන් වහන්සේගේ 211 වන ගුණසැමරුම.

1815 මාර්තු 02 වෙනි දින උඩරට සිංහල ඉංග්‍රීසි ගිවිසුම අත්සන් කිරීමට පෙර එසවූ ඉංග්‍රීසි කොඩිය සෙබලුන් හමුවේ අභීතව බිම හෙළා සිය දිවි නොතකා ජාතියේ ස්වාධීනත්වය ප්‍රකට කරමින්, සිංහ කොඩිය එසවූ වාරියපොළ ශ්‍රී සුමංගල අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ වැඩසිටි අති ගෞරවහාර්හ අනුනායක නාහිමිපාණන් වහන්සේගේ 211 වන ගුණසැමරුම 2026 මාර්තු 02 වන දින පෙරවරුවේ ඓතිහාසික මහමලුවේ පිහිටි […]

සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින දූ දරුවන් දළදා සමිඳුන් වහන්සේ අභියස ආශිර්වාද ලබා ගැනීම.

2026 පෙබරවාරි 17 වන දින පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග කඩඉමට පෙනීසිටින දූ දරුවන් වෙත දළදා සමිඳුන් වහන්සේ අභියස ආශිර්වාද ලබා ගැනීමේ දුර්ලබ භාග්‍ය 2026 පෙබරවාරි 16 වන දින හිමි විය. සිප් නැණින් ලොව දිනා, ලක් මවුන් සරසන්නට වාම ශ්‍රී දළදා සමිඳු ආශිර්වාදය ලබා ගැනීම‍ට මේ මහඟු අවස්ථාව උදා කළේ දළදා […]