නවීකරණය කළ මංමාවත්

ශ්‍රී දළදා මාලිගාවේ ප‍්‍රධාන පිවිසුමේ සිට මහමළුව ආශ්‍රි‍ත ප‍්‍රදේශයේ අලංකාර ගල් අතුරා පිළිසකර කරන ඇත. මේ තුළින්, මෙහි පැමිණෙන දේශිය විදේශිය බැතිමතුන්ට කිසිදු අපහසුවකින් තොරව ගමන් කිරීමටහැකියාව ලැබී ඇත. මෙම කටයුත්ත 2010 වසරේදී නිමකළ අතර, එහි මුල්‍ය දායකත්වය මාර්ග සංවර්ධන අධිකාරිය මගින් දරන ලදී. තවද2014දී දළදා මාලිගාව පරිශ‍්‍රයේ අතුරු පිවිසුම් මංමාවත්වල කළුගල් පතුරු අතුරා පිළිසකර කිරීමට දළදා මාළිගාවට හැකිවිය. […]

ශ්‍රී දළදා මාලිගාවේ සහ බැතිමතුන්ගේ ආරක්ෂාව

ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයම මේ වනවිට පුද්ගල ආරක්ෂාවට මුල් තැන ලබාදෙමින් සිටි. විශේෂයෙන් සංචාරකයන් මුලිකවන ස්ථාන මේ අතර ප්‍රමුඛ වනවා. ශ්‍රී දළදා මාලිගාවද මේ අරමුණ පෙරදැරි කරගෙන මහජන ආරක්ෂක වැඩපිළිවලක් වෙත යොමුවී තිබෙනවා. ලෝව උසස්ම ආරක්ෂක උපකරණයන්ගෙන් සමන්විත නවීන ආරක්ෂණ පද්ධතියක් මඟින් ශ්‍රී දළදා මාලිගාව හා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු සිදුකර […]

දේශීය හා විදේශීය බෞද්ධ කටයුතු කාර්යාංශයන්

ශ‍්‍රී දළදා මාලිගාව වැනි අග‍්‍රගණ්‍ය බෞද්ධ සිද්ධස්ථානයකින් බුද්ධ ධර්මය හා බෞද්ධ දර්ශනය සුරක්ෂිත කොට ආරක්ෂා කරගැනීමට අදාල, අත්‍යාවශ්‍ය සාධකයක් වන දිවයිනේ අනෙකුත් සිද්ධස්ථානයන්, මහා සංඝරත්නය හා බෞද්ධ ජනතාවගේ සුභසාධනය හා අභිවර්ධනය සඳහා ඉටු කෙරෙන්නේ කවර සේවාවක්ද, ලබා දෙන්නේ කවර අනුග‍්‍රහයක්ද, යන ප‍්‍රශ්න කලක් තිස්සේ බෞද්ධ ගිහි පැවිදි දෙපාර්ශවය තුළින්ම එකසේ පැන නැගෙමින් පැවතින. ජනතාවගේ එම අපේක්ෂාවන් මල්ඵල ගැන්වෙන සේ කිසියම් ක‍්‍රියාකාරී වැඩපිළිවෙලක් සැලසුම් […]

විශේෂ බැතිමතුන් වෙනුවෙන් සළසන අත්වැල

දළදා මාලිගාවට පැමිණෙන අබාධිත හා වයෝවෘද්ධ බැතිමතුන් හට සුදුසු පරිදි පහසුකම් නොමැතිවීම විශාලඅඩුපාඩුවක්ව පැවතුනි. එවැනි තත්වයක් තුළ දළදා හාමුදුරුවන්ව වැඳපුදා ගැනීම ඔවුන්ගේ ජීවිත කාලයටම සිහිනයක් විය.එමනිසා දියවඩන නිලමේතුමාගේ මෙහෙයවීමෙන් ආබාධිත හා වයෝවෘද්ධ බැතිමතුන්හට අපහසුතාවකින්තොරව උඩමාලය අසලටම පිවිස, දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට විදුලි සෝපානයක් ස්ථාපිත කර තිබේ. මීටඅමතරව විදුලි මෝටර් කාර් රථ තුනක් ද, රෝද පුටු […]

විධිමත් සනීපාරක්ෂක පහසුකම්

දළදා මාලිගාවට පැමිණෙන දෙස් විදෙස් ජනතාවට අවශ්ය සනීපාරක්ෂක පහසුකම් විධිමත් අයුරින් නොතිබීම විශාල අඩුපාඩුවකි. විශේෂයෙන්ම දළදා මළිගාවට පැමිණෙන විදේශිය සංචාරකින් සඳහා විධිමත් සනීපාරක්ෂක පහසුකම් සළසා දී නොතිබුණි. මේ අනුව අප කරන ලද ඉල්ලීමක් අනුව, සංචාරක අමාත්යාංනශයේ මුල්යර දායකත්වයෙන් ඉතා උසස් මට්ටමින් යුත් වැසිකිළි පද්ධතියක් විදේශිය සංචාරකයින් සඳහා ස්ථාපිත කරන ලදි. එමෙන්ම දේශිය බැතිමතුන් සඳහා පැවති […]

සමරු තිළිණ හා මුද්‍රිත ප්‍රකාශන

ශ‍්‍රී දළදා වහන්සේ, ශ‍්‍රී දළදා මාලිගාව හා ඇසළ පෙරහර මංගල්ලය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා දීමටත් අධ්‍යයන කටයුතු සඳහා ප‍්‍රයෝජනයට ගත හැකි පරිදි ග‍්‍රන්ථ හා සංයුක්තතැටි (CD,DVD) ඉතා උසස් තාක්ෂණයෙන් යුක්තව නිෂ්පාදනය කර අලෙවිය සඳහා තබා ඇත. එමෙන්ම ඇසළ පෙරහර බතික් නිර්මාණ ඇතුළු විවිධ නිර්මාණයන් අලෙවියට ඇත්තේ සමරු තිළිණ ලෙසයි. මෙම තිළිණ හා ප්‍රකාශන දළදාමාලිගාවේ ස්ථාපිත කර ඇති […]

විදේශිය බැතිමතුන් හට WiFi පහසුකම හා මාර්ගෝපදේශනය

ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන විදෙස් සංචාරකයින්ට අත්‍යවශ්‍යම ඇති අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව මෙමගින් ලැබෙන අතර, එහිදී හඬ භාවිතයෙන් මඟ පෙන්වීමේ තාක්ෂණයඔස්සේ (Interactive Voice Guide) විදේශීය භාෂා 8කින් පමණ මාලිගාවේ සෑම අංශයක් පිළිබඳවම දැනුවත් වීමේ අවස්ථා ඔවුනට හිමිවේ. මෙම සේවාවට දළදා මාලිගාව පිළිබඳව වැදගත් තොරතුරු හා ඡායාරූප ඇතූළත් කර ඇත. මොබිටෙල් ශ්‍රී ලංකා සමාගමේ මුල්‍ය දායකත්වයෙන් සවිබල […]

ත්‍රිමාණ තාක්ෂණයෙන් යුත් මාර්ගෝපදේශන පුවරු

දළදා මාලිගාව හා අවට පරිශ‍්‍රය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාදීමටත්, අවශ්‍ය සේවා පහසුකම්   ලබාගැනීමත් අරමුණින් නව මාර්ගෝපදේශන පුවරු පරිශ්‍රයේ ස්ථාපිත කොට ඇත. මෙම පුවරු මගින් තමන් සිටින  ස්ථානයේ සිට දළදා මාළිගා පරිශ‍්‍රයේ අවශ්‍ය ඕනැම ස්ථානයකට තනිව ගමන් කිරීමට හැකිලෙස ත්‍රිමාණ ලෙස සිතියම් ගතකර ඇත. එමෙන්ම මෙම පුවරු සමඟ සම්බන්ධ කර ඇති QR කේත පරිලෝකනයකිරීමෙන් අදාල ස්ථානයන්හි වැඩිදුර තොරතුරු එසැණින් ලබාගත හැක. […]

සංචාරකයින් හට පිරිණැමෙන ශ්‍රව්‍ය මාර්ගෝපදේශණය

ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන සංචාරකයින්ට නිවැරදි තොරතුරු සැපයීමටත්, නිසි මාර්ගෝපදේශනයලබාදීමටත් ශ්‍රව්‍ය මාර්ගෝපදේශන සේවාව ක්‍රියාත්මක වේ. මෙම සේවාව දළදා මාලිගාවට පැමිණෙන විදේශිය   සංචාරකයින්ට නොමිලයේ ලබාදීම සිදුවේ. ප‍්‍රධාන ජාත්‍යන්තර භාෂා 8 කින් මෙම සේවාව සංචාරකයින්ට ලබාගත හැකිය. Previous Next Share With Share on facebook Share on twitter Share on whatsapp Share on email

පහසුකම් වැඩිදියුණු කළ විශ්‍රාම ශාලාව

ශ‍්‍රී දළදා මාලිගාවේ විශ‍්‍රාම ශාලාව ශ‍්‍රී දළදා වහන්සේ උදෙසා පැවැත්වෙන මුළුතැන් බුද්ධ පූජා කටයුතු සඳහා දෛනිකව පැමිණෙන බැතිමතුනට නේවාසික පහසුකම් සලසා දෙන ස්ථානයක් වශයෙන් ඵලදායී ලෙස පවත්වාගෙන යාමට හැකි අයුරින් එහි පරිපාලන කටයුතු වඩාත් විධිමත් කර ඇත. දිනපතා විශාල නේවාසික පිරිසක් ගැවසෙන මෙම ස්ථානයෙහි පවිත‍්‍රතාවය හා ප‍්‍රසන්නතාවය රැකගනු වස් අවශ්‍ය වර්ණාලේප කිරීම සහ උපකරණ අලුත්වැඩියා කිරීම් යාවත්කාලීනව […]