Search
Close this search box.

සැප්තැම්බර් 11, 2020

දළදා මාලිගාවට පැමිණෙන දෙස් විදෙස් ජනතාවට අවශ්ය සනීපාරක්ෂක පහසුකම් විධිමත් අයුරින් නොතිබීම විශාල අඩුපාඩුවකි. විශේෂයෙන්ම දළදා මළිගාවට පැමිණෙන විදේශිය සංචාරකින් සඳහා විධිමත් සනීපාරක්ෂක පහසුකම් සළසා දී නොතිබුණි. මේ අනුව අප කරන ලද ඉල්ලීමක් අනුව, සංචාරක අමාත්යාංනශයේ මුල්යර දායකත්වයෙන් ඉතා උසස් මට්ටමින් යුත් වැසිකිළි පද්ධතියක් විදේශිය සංචාරකයින් සඳහා ස්ථාපිත කරන ලදි. එමෙන්ම දේශිය බැතිමතුන් සඳහා පැවති වැසිකිළි පද්ධතින් වල පහසුකම් තවදුරටත් වැඩිදියුණු කල අතර, විශේෂයෙන් දේශිය බැතිමතුන් සඳහා තවත් අංග සම්පුර්ණ වැසිකිළි පද්ධතියක් මධ්යවම පරිසර අධිකාරිය මගින් ලබාදුන් මුල්යේ පර් සතිපාදන යටතේ ඉදිකරන ලදි. තවද දළදා මාලිගා පරිශයේ ආසන්නයේ පිහිටි මහනුවර මහනගර සභාවේ වැසිකිලි පද්ධතිය පූර්ණ ලෙස පහසුකම් වැඩිදියුණු කර දළදා මාලිගාවට පැමිණෙන දේශීය බැතිමතුන් සඳහා අවස්ථාව ලැබේ.
තවද, ශ්රීඳ දළදා මාලිගාවේ අපජලය බැහැර කිරීමේ ක්රිනයාමාර්ගයට විකල්පයක් ලෙස අපජල පිරිපහදු ඒකකයක් සිංගප්පුරුවේ නංයංක් ටෙක්නොලොජීකල් විශ්ව විද්යාිලයේ (Nanyang Technological University in Singapore)මුල්යං දායකත්වයෙන් පේරාදෙණිය විශ්ව විද්යාේලය හා ජාතික ජල සම්පාදන හා ජලාපහන මණ්ඩලය එක්ව ක්‍රියාත්මක වේ.

ශ්‍රී දළදා මාලිගාව වෙත දෛනිකව දිවයිනේ නන්දෙසින් මෙන්ම ලොව විවිධ රටවල් වලින් පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ගේ පවස නිවීම උදෙසා පරිශ්රවය තුල ස්ථාන ගණනාවක පානීය ජල පහසුකම් ස්ථාපනය කර ඇත. එසේම 2013 වසරේ සිට ශ්රීය දළදා මාලිගාවේ කටයුතු සඳහා අවශ්යඇ ජල පහසුකම් විධිමත් කර ඇති අතර ඒ සඳහා ජාතික ජල සම්පාදන හා ජලාප්රාවහන මණ්ඩලය සිය දායකත්වය ලබා දී ඇත.

Share With