Search
Close this search box.

සැප්තැම්බර් 11, 2020

ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයම මේ වනවිට පුද්ගල ආරක්ෂාවට මුල් තැන ලබාදෙමින් සිටි. විශේෂයෙන් සංචාරකයන් මුලිකවන ස්ථාන මේ අතර ප්‍රමුඛ වනවා. ශ්‍රී දළදා මාලිගාවද මේ අරමුණ පෙරදැරි කරගෙන මහජන ආරක්ෂක වැඩපිළිවලක් වෙත යොමුවී තිබෙනවා.

ලෝව උසස්ම ආරක්ෂක උපකරණයන්ගෙන් සමන්විත නවීන ආරක්ෂණ පද්ධතියක් මඟින් ශ්‍රී දළදා මාලිගාව හා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු සිදුකර ඇත. මේ සඳහා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුළු විශේෂ පුහුණුවක් ලැබූ ආරක්ෂක නිලධාරීන් රාජක‍ාරියේ අනුයුක්තව ඇත.

මේ හේතුවෙන් කිසිදු අවහිරයකින් හා බියකින් තොරව ලෝකවාසී සියලු දෙනාට ශ්‍රී දළදා මාලිගාව දැකගැනීමට හා වන්දනා කිරීමේ පහසුකම් සලසා තිබෙනවා.

Share With