දළදා මාලිගාවට පැමිණෙන අබාධිත හා වයෝවෘද්ධ බැතිමතුන් හට සුදුසු පරිදි පහසුකම් නොමැතිවීම විශාලඅඩුපාඩුවක්ව පැවතුනි. එවැනි තත්වයක් තුළ දළදා හාමුදුරුවන්ව වැඳපුදා ගැනීම ඔවුන්ගේ ජීවිත කාලයටම සිහිනයක් විය.එමනිසා දියවඩන නිලමේතුමාගේ මෙහෙයවීමෙන් ආබාධිත හා වයෝවෘද්ධ බැතිමතුන්හට අපහසුතාවකින්තොරව උඩමාලය අසලටම පිවිස, දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට විදුලි සෝපානයක් ස්ථාපිත කර තිබේ. මීටඅමතරව විදුලි මෝටර් කාර් රථ තුනක් ද, රෝද පුටු ද ආබාධිත හා වයෝවෘද්ධ බැතිමතුන් වෙනුවෙන්වෙන්කර ඇත. දළදා මාලිගා පිවිසුම් දොරටුවල සිටින ආරක්ෂක නිලධාරින්ගෙන් හෝ පරිපාලන කාර්යාලයෙන්විමසූ විට මෙම පහසුකම් ලබාගත හැකි වේ. විදුලි සෝපානය ස්ථාපිත කිරීම සඳහා මහනුවර පර ම්දේශයේ පරනිලකට නීතිඥයෙකු වන නන්ද සේනානායක මහතා ඇතුලු පවුලේ සැම පුර්ණ ලෙස මුල්යා දායකත්වය දැරූ අතර, විදුලි මෝටර් කාර් රථ දෙකක් ෆින්කෝ සමුහ ව්‍යාපාරය විසින්ද ඉතිරි රථය තොරතුරු තාක්ෂණ හා විදුලි සංදේශ අමාත්යාංශය විසින් දළදා මාලිගාවට ප්‍රදානය කරන ලදී.