Search
Close this search box.

June 17, 2021

දළදා වහන්සේ වන්දනා කරන්න ශ්රී දළදා මාලිගාවට යන ඔබ අලුත් මාලිගාවට හෙවත් නව බුදු මැඳුරට ගොස් ඇති. දළදා වහන්සේ වැඩ සිටින මාලිගාව පිටුපසට තමයි මේ නව බුදු මැඳුර පිහිටලා තියෙන්නේ. එය තට්ටු කීපයක ගොඩනැඟිල්ලක්. මේ අලුත් විහාරය බිම් මහල පිටින් බැලුවාම පෙන්නේ නැහැ. බිම් මහලේ තමයි දාන ශාලාව තියෙන්නේ.

ඔබ දළදා වහන්සේ වන්දනා කරලා පිවිසෙන්නේ නව බුදු මැඳුරට. එම බුදු මැඳුරට වම් අත පැත්තට හැරුණාම විශාල බුදුපිළිම වහන්සේ නමක් දක්නට ලැබෙනවා. මේ පිළිම වහන්සේ සියම් දේශයේ කලාශිල්ප ලක්ෂණ අනුව නිර්මාණය කළ පිළිමයක්.

ඒ පිළිම වහන්සේ වටේ තවත් විවිධ වර්ගයේ බුදුපිළිම දකින්න තියෙනවා. දළදා වහන්සේ වැඳපුදාගන්න පැමිණෙන විදේශ රටවල රාජකීය අමුත්තන්, නායකයන් නොයෙක් පුජනීය වස්තු පුජා කරනවා. එලෙස පුජා කරපු වස්තු තමයි මේ බුදු මැඳුරේ දකින්න තියෙන්නේ. ඒ වගේම අටවිසි බුදුරජාණන් වහන්සේලා ගේ පිළිම වහන්සේලාත් මේ ශාලාවේ තැන්පත් කර තිබෙනවා.

ඒ වගේම තමයි වටිනා සිතුවම් ගොඩාක් මේ විහාරයේ දකින්න තියෙනවා. උපසේන ගුණවර්ධන නැමැති දක්ෂ චිත්ර ශිල්පියා තමයි මේ සිතුවම් ඇඳලා තියෙන්නේ. දළදා වහන්සේගේ කථා පුවත තමයි මේ චිත්රවලින් කියන්නේ. ගුහසීහ රජතුමා විසින් දන්ත කුමරුට හා හේමමාලා කුමරියට දළදා වහන්සේ බාරදුන් පුවතේ සිට සියලු දේ මෙහි සිතුවමට නඟා තිබෙනවා. දළදා වහන්සේ වැඩමවාගෙන ඒම, වගේම දළදා වහන්සේ ලංකාවට වැඩියට පස්සේ සිදුවු පුවත් මේ චිත්රවලින් පෙන්නුම් කරනවා. ඉංග්රීසි පාලන කාලයේදි දළදා වහන්සේ සම්බන්ධයෙන් සිදුවු සිදුවිම් පවා මෙහි සිතුවමට නගා තිබෙනවා.

මෙම අලුත් මාලිගාවේ ඊළඟ මහල් දෙකේම තිබෙන්නේ කෞතුකාගාරය.
ගොඩාක් වටිනා විස්තර මේ කෞතුකාගාරවලට ගියාම දැනගන්න පුළුවන්. කීර්ති ශ්රී රාජසිංහ රජතුමාගේ කාලයේ දළදා මාලිගාව තිබුණු ආකාරය ගැන 1765දි ඔිලන්ද වාස්තු විද්යාඥයෙකු ඇඳපු සිතුවමක් මෙහි තිබෙනවා. ඒ වගේම පළමුවැනි විමලධර්මසූරිය, දෙවැනි විමලධර්මසූරිය හා නරේන්ද්රසිංහ යන රජතුමන්ලාගේ කාලයේ දළදා මාලිගාවල බිම් සැලැස්මවල් එහි ප්රදර්ශණය කර තිබෙනවා.

ඒ වගේම දළදා වහන්සේ කීර්ති ශ්රී මේඝවර්ණ රජතුමාගේ කාලයේ වැඩමවාගෙන ආ දවසේ සිට සම්බන්ධ ඉතිහාස පොත් ලේඛන සටහන් මෙහි දකින්න පුළුවන්. 1815 දි උඩරට නිලමේවරුන් හා ඉංග්රීසි ආණ්ඩුව අත්සන් කළ උඩරට ගිවිසුමේ පිටපතකුත් මෙහි තිබෙනවා. ඒ වගේම ඉහළම ඇති කෞතුකාගාරයේ නොයෙක් රටවල රජවරු, ජනාධිපතිවරු, අගමැතිවරු හා කුමර කුමරියෝ පුජාකරපු විවිධ දේවල් දකින්න පුළුවන්. ඒ අතරේ තියෙනවා කීර්ති ශ්රී රාජසිංහ රජතුමා පුජා කරපු පැන් භාජනයත්, පැරණි කාසි එහෙමත්. පොළොන්නරු යුගයේ රජකම් කරපු ලීලාවති රැජිනගේ කහවනුව තමයි මෙහි ඇති පැරණිම කාසිය වෙන්නේ. ඒ වගේම දඹදිව අශෝක අධිරාජයා ගේ දායකත්වයෙන් පැවැත්වු තුන්වැනි ධර්ම සංගායනාව මෙහෙයවු රහතන් වහන්සේලාගේ ශාරිරික ධාතු තැන්පත් කළ කරඬුවත් මෙහි දකින්න තිබෙනවා. එය දළදා මාලිගාවට පුජාකරලා තියෙන්නේ පස්වෙනි ජෝර්ජ් රජතුමාගේ කාලයේදි බව සඳහන්.

ඉතින් මේ සියල්ල තිබෙන අලුත් මාලිගාවට හෙවත් නව බුදු මැඳුර ගොඩනගලා තියෙන්නේ 1916 -1937 කාලයේ දියවඩන නිලමේ තනතුර හෙබවු දිවංගත පි.බි. නුගවෙල නිලමේතුමාගේ කාලයේදි. මේ සදහා මුලික මැදිහත්විම හා ආධාර ලැබි තිබෙන්නේ බුරුම දේශයෙන්.

මේ නව මාලිගාව ඉදිකිරිම සම්බන්ධ තොරතුරු මේ රටේ වැඩ සිටි ධර්මවිනයධර යුගකාරක මහ තෙරනමක් වූ රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් වර්ශ 1958දි ලියු “සතිපට්ඨාන භාවනා විවේචන සහ තවත් කෘති ” යන පොතේ 106 වෙනි පිටුවෙහි සඳහන් කර තිබෙනවා.

රේරුකානේ මහනාහිමියන්ගේ ගුරුවරයෙකු වූ බුරුම ජාතික විනයාලංකාර නාහිමි සමඟ කුඩාකල එකට ඉගෙනගත් යු. තාඩැක් නැමැති දානපතියා තමයි මේ නව බුදු මැඳුර මාලිගාවට හදන්න මුල්වි තිබෙන්නේ. ඔහු දළදා වහන්සේ වඳින්න පැමිණිවිට නව ගොඩනැගිල්ලක් දළදා වහන්සේ වෙනුවෙන් හැදිය යුතු යැයි කල්පනා කර තිබෙනවා. ඒ බව විනයාලංකාර නාහිමියන්ට දැනුම් දී දියවඩන නිලමේතුමා දැනුවත් කර තිබෙනවා. ඒ අනුව රුපියල් ලක්ෂ විසිපහකින් නිමකළ යුතු ආකාරයට 1927දි පමණ නව මාලිගාව ගොඩනැඟීම ආරම්භ කර තිබෙනවා. එයට මුල්ගල තබන අවස්ථාවට බුරුම දානපති යු. තාඩැක් මහතාත් පැමිණි තිබෙනවා. එදින ඔහු රුපියල් ලක්ෂයක් පරිත්යාග කළ බව සදහන් වෙනවා. පසුව ද එම මහතා තවත් ලක්ෂ එක හමාරක් පමණ පරිත්යාග කර තිබෙනවා. විනයාලංකාර නාහිමිගේ උපදෙස් පරිදි බුරුම බෞද්ධයෝ රැසක්ම මේ සදහා මුදල් පරිත්යාග කර තිබෙනවා. ලංකාවේ බෞද්ධ ජනයාත් වරින් වර මුදල් පරිත්යාග කර ඇති බවත් සදහන්.

1936 දක්වාම දියවඩන නිලමේතුමා මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරිම් කරවා තිබෙනවා.
මෙහි ඉදිකිරිම් සදහා ඉන්දියාවෙන් කලාශිල්පින් පැමිණි බවත්, ඒ අය මෙහි ගල්කණු ආදිය හැඩගන්වා සැකසු බවත් සදහන්. මේ ගල් ඇතුන් ලවා ඇද්ද වූ බවද කියවෙනවා.

කෙසේ හෝ ලැබුණු මුදල් අවසන්විම නිසා එහි ඉදිරිවැඩ කරගෙන යැමට නුගවෙල නිලමේතුමාට අවකාශ ලැබි නැහැ. ඒ නිසා මහනායක මාහිමිපාණන් වහන්සේලා සමඟ සාකච්ජා කර බුරුම ජාතික විනයාලංකාර නාහිමිගේ උපකාර ලබාගෙන නැවත 1936දි වැඩ අරඹා තිබෙනවා. ඒසදහා අවශ්ය මුදල් බුරුම දානපති යු.තාඩැක් මහතා විසින් සෑම මසකම පූජාකර තිබෙනවා.

මේ ගොඩනැගිල්ල මහනුවර නගරයේ උසම ගොඩනැගිල්ල ලෙස නිර්මාණය කිරිමට විනයාලංකාර නාහිමියන් සැලසුම් කර තිබුණත් ඉංග්රීසි ආණ්ඩුව විරෝධය පළකිරිම නිසා දැනට පවත්නා තත්වයට විහාර මන්දිරය ඉදිකිරිමට නාහිමියන් පියවර ගත් බව රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ කෘතියේ සදහන් වෙනවා. පසු කාලීනව මෙහි බිම් මහල දානශාලාවක් ලෙස නිර්මාණ කළේ දළදා වහන්සේගේ තේවාව භාරව එවකට වැඩසිටි උඩුවාවල චන්දානන්ද නාහිමියන් විසින් බවත් සදහන් කළ යුතුයි.




Surely you have visited the new shrine of Sri Dalada Maligawa.
It is a 3 storeyed building located behind the “Wedasitina maligawa”.
One cannot see this building from the ground floor where the “daana saalawa” is located.

After gaining blessings from the Sacred Tooth Relic, one will come to the new shrine. When you turn to your left as you enter there is a huge Buddha statue. This statue is made using Thai or “Siam” style.
This main statue is surrounded by other statues of different styles and other artifacts. These are offerings by heads of states and other overseas dignitaries when they come to pay their respect to the Sacred Tooth Relic. There are also statues of 28 Buddhas known as “Atavisi Buddha statues”

There are paintings done by famous artist Upasena Gunawardena on the story of the Sacred Tooth Relic. The artist have created the history of the Tooth Relic from the time it was handed over to Princess Hemamala & Prince Dantha by King Guhaseeha.
How the Sacred Tooth Relic was brought to Sri Lanka and the incidents afterwards are beautifully painted on canvas.
The incidents which took place during the British ruling is also included in this collection of paintings.

The other two storeys of this building is turned in to a museum.
One can gather a lot of information about our history from here. Some of the inclusions are about the Temple of the Sacred Tooth Relic during the reign of King Keerthi Sri Rajasinghe, a painting by a Dutch architect done in year 1765 & the floor plans of Dalada Maligawa during the reign of King Wimaladharmasuriya the first, King Wimaladharmasuriya the second and King Narendrasinghe.
Notes on the history of incidents occured around the Tooth Relic from the day the Relic was brought during the reign of King Keerthi Sri Meghavarna. Also one can see a copy of the Kandyan Convention, an agreement which was signed by the Kandyan Chiefs and the British rulers in year 1815.
There is a collection of offerings by Kings, Queens and heads of states in the museum on the top floor. This collection includes a water goblet offered by King Keerthi Sri Rajasinghe and a collection of ancient coins, the oldest coin is the gold coin of Queen Leelawathi of Pollonnaruwa era. Also the Relic cascket which contained the relics of Arahants who took part in the third “Dhamma Sangayana” or the Budhist Council which was arranged & sponsored by Emperor Ashoka of Dambadiwa. This relic casket on display was offered during the reign of King George the fifth.

The new shrine, which contains all these was built during the custody period of Lay Custodian Hon. P. B. Nugawela thats during 1916 – 1937. The money was donated by Burma.

“Sathipattana Bhavana Vivechana and others” a book written by Most Ven. Rerukane Chandrawimala maha thero in year 1958 mentions about the building and some information in it’s 106th page.

It says that the initiative was taken by a Burmese gentleman named U. Thadak who was a class mate of Most Ven. Vinayalankara thero who was the teacher of Most Ven. Rerukane thero. When the meritorious gentleman U.Thadak was visiting the Temple of the Tooth Relic once it has crossed his mind that it would be great if he can donate a building as an offering for the Sacred Tooth Relic, which he mentioned to his friend Most Ven. Vinayalankara thero and in turn the thero got in touch with the Lay Custodian P. B. Nugawela. Accordingly they started building this in year 1927, with a budget of Rs twenty five lakhs.

U.Thadak was present on the occation of laying the foundation stone and he presented one lakh rupees at the time. Also another one point five lakhs later. As per the guidance of Most Ven. Vinayalankara thero more Burmese budhists have contributed to this good course. Its also mentioned that Sri Lankan budhists too contributed to the building. The constructions continued until year 1936. Its also mentioned that Indian architects contributed there services for the engravings on the stone pillars. Also it’s a fact that these stone pillars were brought to this place by using elephants.

However the Lay Custodian Nugawela nilame could not finish the constructions due to the funds being over and then the Maha Nayake theros’ had a discussion with Most Ven. Vinayalankara thero and re started constructions with the help of Burmese. The main donator Mr U. Thadak used to send money on a monthly basis to finish the constructions.

Its also mentioned in the book written by Most Ven. Rerukane Chandrawimala thero, that even though the plan was to make it the highest building in Kandy, it was not successful due to the restrictions by the British rulers. Later on the “Daana Saalawa” on the ground floor was designed an added by Ven. Uduwawela Chandananda thero, who was in charge of theva.
සටහන ~ ධර්ම ශ්රි තිලකවර්ධන.
පරිවර්තනය | රධිකා නඩේසන්.
ඡායාරූප | මාධ්ය කාර්යාංශය.

Share With