රාජා කෞතුකාගාරය

රාජා කෞතුකාගාරය දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි රජ මාලිගාව දෙසට ගමන් කරන විට රාජා කෞතුකාගාරය හමු වේ. අඩසියවසක පමණ කාලයක් දළදා පෙරහරේ පෙරහර කරඬුව වැඩම කළ රාජා හස්තියා මෙරට පළමු ජාතික වස්තුව ලෙසට ර‍ාජ්‍ය ගෞරවයට පාත්‍ර වූ ඇතුය. 1988 ජූලි 16 වන දින මිය ගිය හෙයින් ආදාහනයෙන් පසුව මතු පරපුරට දැක ගත හැකි ලෙස සකසා ප්‍රදර්ශණයට […]

මහමළුව

මහමළුව දළදා මැඳුරත්, නව වාහල්කඩත් අතර නිදහස් තැනිතලා ඉඩ ‘මහමළුව’ ය. මෙය වත්මනෙහි නිදහස් ඉඩක් ලෙස දැක ගත්ත ද ඓතිහාසික භූමියකි. ශ්‍රී දළදා වහන්සේ වැඩ හිඳි ස්ථානයකි. පෙර රජ දා රජතුමා පොරොත්තුවට පැමිණි ජනයා රැස් වූයේ මහමළුවට ය. තව ද පෙරහර නැරඹීම මෙන්ම දළදා වන්දනාකරුවන් පැමිණි විට පෙළ ගැසෙන්නේ ද මහමළුවේ ය. දළදා මාලිගා ගෘහයේ […]

හේවිසි මණ්ඩපය

හේවිසි මණ්ඩපය දෛනික දළදා තේවාවන් සඳහා නිත්‍ය හේවිසි පූජා පැවැත්විය යුතු ස්ථානය වන හෙයින් හේවිසි මණ්ඩපය යන නමින් හැඳිවෙන දිග්ගේ විශේෂිත කොටසට අඹරාව ඔස්සේ පිවිසිය හැකිය. අලංකාර සෙල්මුව‍ා කැටයමින් යුතු ගල් කණු විස්සකින් හේවිසි මණ්ඩපය සැකසී ඇත. හේවිසි මණ්ඩපය ඔස්සේ පල්ලෙම‍ාලේ පිළිම ගෙට හා ඉහළ මාලයට ගොඩවීම සඳහා පියගැට සකසා ඇත. More To Explore Share […]

මහ වාහල්කඩ

මහ වාහල්කඩ දළදා මාලිගා දොරකඩ සඳගල නැඟීමත් සමඟ සත් පියවරක් ගල් පඩි නැඟිය යුතු ය. එවිට මහවාහල්කඩ හමු වේ. මහනුවර යුගයේ ගොඩනැඟිලි සම්ප්‍රදායට අනුව ආරුක්කු හැඩැති කාවුලතික් ඇතුළු විය යුතු ය. වහලයක් සහිත ය. ඇතුළත රැකවල් ලෑ හැකි තරම් ඉඩකඩක් තිබේ. මාලිගා පියසි අලංකරණයෙන් යුතු සිරස් පළඳනා තුනක් මුදුවනහි ඇත. එමෙන් ම වාහල්කඩ ඉදි කිරීම […]