දෛනික දළදා තේවාවන් සඳහා නිත්‍ය හේවිසි පූජා පැවැත්විය යුතු ස්ථානය වන හෙයින් හේවිසි මණ්ඩපය යන නමින් හැඳිවෙන දිග්ගේ විශේෂිත කොටසට අඹරාව ඔස්සේ පිවිසිය හැකිය. අලංකාර සෙල්මුවා කැටයමින් යුතු ගල් කණු විස්සකින් හේවිසි මණ්ඩපය සැකසී ඇත. හේවිසි මණ්ඩපය ඔස්සේ පල්ලෙමාලේ පිළිම ගෙට හා ඉහළ මාලයට ගොඩවීම සඳහා පියගැට සකසා ඇත.