කාර්තික මංගල්ලය සඳහා පහන් දැල්වීමට අවශ්‍ය තෙල් බෙදා දීම

මේ වසරේ කාර්තික මංගල්ලය සඳහා පහන් දැල්වීමට අවශ්‍ය තෙල් බෙදා දීම 2025 නොවැම්බර් 27 දින මහනුවර ශ්‍රී මහා නාථ දේවාලයේ දී පුරාතන චාරිත්‍රානුකූලව සිදු විය. එහි දී කාරියකරවන කෝරාළ ඇතුළු නිල කරුවන් විසින් කාර්තික වට්ටෝරුව අනුව සතර දේවාලය ඇතුළු අනෙකුත් සිද්ධස්ථාන හා පිටිසර දේවාලවල සඳහා තෙල් බෙදාදීම සිදු කරන ලදී. සතර මහා මංගල්‍යයන් අතුරෙන් වසරේ […]
අස්ගිරි මහා විහාර මහ පිරිවෙනේ “සංජානනී” ශිෂ්‍ය සාහිත්‍ය කලා උළෙල – 2025

සම්බුද්ධ ශාසනය උදෙසා විනීත, විනයධර, සුවියත් භික්ෂු පරපුරක් බිහිකිරීමට උරදෙන මහනුවර, අස්ගිරි මහා විහාර මහ පිරිවෙනේ 2025 “සංජානනී” ශිෂ්‍ය සාහිත්‍ය කලා උළෙල 2025 ඔක්තෝබර් 15, 16 දෙදින පිරිවෙන් පරිශ්‍රයේ පැවැත්විණි. එහි සමාරම්භය ගෞරවනීය මහා සංඝරත්නය හා ආරාධිත අමුත්තන් රැසක සහභාගීත්වයෙන් ආරම්භ වූ අතර, ආරාධිත දේශණ හා විචිත්‍රවත් සාහිත්‍යාංග වලින් උත්සවය සමන්විත විය. Streamed LIVE | […]
අභිනව අස්ගිරි අනුනාහිමි අක්ත පත්‍ර පිරිනැමීමේ රාජ්‍ය මහෝත්සවය.

අභිනව අස්ගිරි අනුනාහිමි අක්ත පත්‍ර පිරිනැමීමේ රාජ්‍ය මහෝත්සවය – මහනුවර ඓතිහාසික මඟුල්මඩුවේ දී. ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව අනුනායක ධූරප්‍රාප්ත අස්ගිරි විහාර පාර්ශ්වයේ විංශසත්වර්ගික කාරක මහා සඟ සභාවේ හිටපු නියෝජ්‍ය ලේඛකාධිකාරී, අස්ගිරි මහාවිහාර මහ පිරිවනේ විශ්‍රාමලත් පරිවේණාධිපති, පල්ලේකැළේ නාලන්දා බෞද්ධ විද්‍යාලයේ අධ්‍යක්ෂ, ශාස්ත්‍රපති, අතිගෞරවාර්හ නාරම්පනාවේ ආනන්ද නාහිමියන් වහන්සේ වෙත අනුනායක දූරය […]
අභිනව අස්ගිරි අනුනාහිමි අක්ත පත්‍ර පිරිනැමීමේ රාජ්‍ය උත්සවය අද ඓතිහාසික මඟුල්මඩුවේ දී.

අභිනව අස්ගිරි අනුනාහිමි අක්ත පත්‍ර පිරිනැමීමේ රාජ්‍ය උත්සවය අද ඓතිහාසික මඟුල්මඩුවේ දී. ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව අනුනායක ධුරය සඳහා තේරිපත් වූ අස්ගිරි මහා විහාර පාර්ශවයේ විංශසත්වර්ගික කාරක මහා සඟ සභාවේ හිටපු නියෝජ්‍ය ලේඛකාධිකාරී, අස්ගිරි මහා විහාර මහ පිරිවනේ විශ්‍රාමලත් පරිවේණාධිපති, පල්ලේකැළේ නාලන්දා බෞද්ධ විද්‍යාලයේ අධ්‍යක්ෂ, ශාස්ත්‍රපති, අතිගෞරවාර්හ නාරම්පනාවේ ආනන්ද නාහිමියන් වහන්සේට එම […]
Celebration of World Tourism Day 2025

Sri Dalada Maligawa joins the global celebration of World Tourism Day 2025, offering foreign tourists a truly unique and memorable experience. විදෙස් සංචාරකයින් වෙත අපූරු අත්දැකීමක් තිලිණ කරමින් ශ්‍රී දළදා මාලිගාව සංවිධානය කළ 2025 ලෝක සංචාරක දින සැමරුම. Share With More To Explore
මල්වතු – අස්ගිරි උභය මහාවිහාරයීය අතිගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ මාධ්‍ය නිවේදනය.

මල්වතු – අස්ගිරි උභය මහාවිහාරයීය අතිගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ මාධ්‍ය නිවේදනය උපුටා ගැනීම, Share With More To Explore
අස්ගිරි මහා විහාරයේ අභිනව අනුනායක පදවිය නාරම්පනාවේ ආනන්ද නාහිමියන් වහන්සේට.

ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අභිනව අනුනායක ධුරය සඳහා අස්ගිරි විහාර පාර්ශවයේ විංශසත්වර්ගික කාරක මහා සඟ සභාවේ හිටපු නියෝජ්‍ය ලේඛකාධිකාරී, අස්ගිරි මහාවිහාර මහ පිරිවනේ විශ්‍රාමලත් පරිවේණාධිපති, පල්ලේකැළේ නාලන්දා බෞද්ධ විද්‍යාලයේ අධ්‍යක්ෂ,ශාස්ත්‍රපති, අතිගෞරවාර්හ නාරම්පනාවේ ආනන්ද නාහිමියන් පත්කර තිබේ. ඒ අස්ගිරි මහා විහාරීය අතිගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති නිලවරණයේ දී ය. අස්ගිරි පාර්ශවයේ අනුනායක ධුරය […]
අභිනව අස්ගිරි අනුනාහිමි පත්කර ගැනීම 2025 අගෝස්තු 28 වන දින පස්වරුවේ අස්ගිරි මහාවිහාරීය මංගල උපෝසථගාරයේ දී.

අභිනව අස්ගිරි අනුනාහිමි පත්කර ගැනීම 2025 අගෝස්තු 28 වන දින පස්වරුවේ අස්ගිරි මහාවිහාරීය මංගල උපෝසථගාරයේ දී. අපවත් වී වදාළ ආනමඩුවේ ධම්මදස්සි නාහිමිපාණන් වහන්සේගෙන් පුරප්පාඩු වූ අස්ගිරි මහා විහාරීය අනුනායක දූරය සඳහා අභිනව පත්කිරීම සිදුවන්නේ අස්ගිරි මහා විහාරීය අතිගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මහා විහාරීය කාරක මහා සඟ සභාව අස්ගිරි මංගල උපෝසථාගාරයේ රැස්වීමෙනී. එහිදී අභිනව අනුනායක […]
පෙරහර සංදේශය ගරු ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීම.

මනහර දස දිනක් කන්ද උඩරට ජීවමාන දළදා දෙව්ලොව, පහන් හිතින් විඳගත් සාධුජන නමස්කාර මධ්‍යයේ පෙරහර කර එහි සමාප්තිය දහවල් පෙරහරින් මෙසේ සනිටුහන් විය. නිකිණි පුරහඳ පෑයූ මහානීය රාත්‍රියේ වීදිසැරූ මහ රන්දෝලියෙන් පසු, එලඹුනු අළුයම් කාලයේ පෙරහරින් සධාතුක කරඬු වහන්සේ අස්ගිරි ගෙඩිගේ විහාරයේ තැම්පත්කොට, අනතුරුව සිව් දේවාල ගැටඹේ දියකපනා තොටේ දී දියකපා, 2025 අගෝස්තු 09 වන […]
දළදා හාමුදුරුවන් උදෙසා සිදු කරන මී පැණි පූජාව.

https://www.youtube.com/watch?v=ka5SK_HrX_w සියවස් ගණනාවකට එපිට ඈත ඉතිහාසයේ, රාජධානියෙන් රාජධානියට වැඩ හිඳි උතුම් දළදා හාමුදුරුවන් නේකවිධ පුද පූජාවන් ලද බව ඉතිහාසය සාක්ෂි දරයි. මහනුවර රාජධානියට වැඩම වූ දළදා වහන්සේ උදෙසා එම පුද සත්කාරයන් අදටත් නොඅඩුම ලබන්නේ, බැති දනගේ නොමද ගෞරව බුහුමන් මධ්‍යයේ ය. පළමු රන්දෝලි පෙරහර සුබ නැකතින් 2025 අගෝස්තු 04 වන දින මහනුවර වීදි සංචාරය කරන […]
