හයවන මහා ධර්ම සංගායනාව

බෞද්ධ වැඩි දෙනෙක් නොදන්න හයවන මහා ධර්ම සංගායනාව.   1954 බුරුමයේ යැන්ගුන් නුවර. ථෙරවාද බෞද්ධ සම්ප්‍රදායේ හතරවැනි ධර්ම සංගායනාව විදියට සැලකෙන්නේ මාතලේ අළු විහාරයේ දී පැවැත්වුණු ධර්ම සංගායනාව. පස් වැනි ධර්ම සංගායනාව විදිහට සැලකෙන්නේ බුරුමයේ මින්ඩොන් රජතුමාගේ අනුග්‍රහයෙන් ව්‍යවහාර වර්ෂයෙන් 1871දී පැවැත්වුණු ධර්ම සංගායනාව. හයවැනි ධර්ම සංගායනාව ආරම්භ වෙන්නේ 1954 මැයි 17 වැනි වෙසක් පෝය […]

මහනුවරම තැතිගත් සුප්‍රසිද්ධ අලිකුලප්පුව

මේ සටහන වර්ෂ 1959 සිදුවු අලි කුලප්පුව ගැනයි. මේ සිද්ධිය එකළ ලොව පුරාම ප්‍රකට වුණා. ඉතින් මෙය මතක අයත් ඇති.අපේ ප්‍රධානම සංස්කෘතික අංගය ලෙස අපි පිළිගන්නේ දළදා පෙරහර. ඉතින් මේ අවසන් රන්දෝලි පෙරහර නරඹන්න විශාල පිරිසක් රට වටෙන්ම නුවරට එනවා. අද වගේ පෙරහර සජිවි දෙන්න තාක්ෂණයක් ඒ කාලේ තිබුණේ නැහැ.ඉතින් 1959 දි අවසන් රන්දොලි පෙරහර […]

ජීවමාන බුදුන්ට මෙන් දළදා මාලිගාවේ පවත්වන වාර්ෂික මංගල්ලයන් සිදුවන්නේ මෙහෙමයි..

අද කියන්නේ දළදා මාලිගාවේ පවත්වන ප්‍රධාන උත්සව කීපයක් ගැනයි.ඔබ දන්නවා මාලිගාවේ පෙරහර හෙවත් ඇසළ මංගල්‍ය ගැන.ඒ වගේම අලුත් සහල් මංගල්‍යය ගැනත් දන්නවා.තව තියෙනවා අලුත් අවුරුදු මංගල්‍යය තව උපසම්පදා මංගල්‍යය. ඉතින් මේ මංගල්‍යයන් ගැන කෙටි හැදින්විමක් කරන්නයි සුදානම. අලුත් අවුරුදු මගල්‍යය පැවැත්වෙන්නේ බක් මාසයේදි හෙවත් අප්‍රේල් මාසයේදි. එදාට බුද්ධ පුජාව පවත්වන්නේ විශේෂ ක්‍රමයකට. ඒ නැකතට තමයි […]

සිංහලයේ ජය භූමියක රෝපණය කළ ගැටඹේ බෝධි වහන්සේලාගේ කතාව

දළදා පෙරහර අවසන් වෙන්නේ දිය කැපිමෙන්. ඉතින් දළදා පෙරහරේ දියකපන්නේ ගැටඹේ තොටුපළෙන්. ඒ දිය කපන ස්ථානයේ තියෙනවා ඓතිහාසික බෝධින් වහන්සේ නමක්. ඒ වගේම ඊට නුදුරින් තවත් බෝධින් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඒ ගැටඹේ බෝධිය. මේ බෝධින් වහන්සේලා හා ඒ ආශ්‍රිත රාජ පරම්පරා ගැන කියන්නයි අද සුදානම. මේ සියල්ලම මහනුවරට සම්බන්ධයි.ගම්පොළ තුන්වැනි වික්‍රමබාහු රජතුමාගේ රාජධානියේ ගොඩනැගිලිත් […]

ඓතිහාසික නාථ දේවාල භූමියේ කතාව | The Story Of Natha Devala

අද කියන්නේ මහනුවර ඇති පැරණිම පූජනීය ගොඩනැගිල්ල ගැනයි. ඒ කියන්නේ දළදා මාලිගාව ඉදිරියෙන් ඇති නාථ දේවාලය ගැනයි මේ සටහන. මේ නාථ දේවාල භූමිය ඉතාම ඓතිහාසික තැනක්. මේ භූමිය ජය භූමියක් හැටියටයි පෙර රජවරුන් සැලකුවේ. ඒනිසා අපේ රජවරු ඔටුණු පළඳා ඇත්තෙත් මේ නාථ දේවාල භූමියේමයි.යමෙක් රජවුණාම පාවිච්චි කරන්නේ වෙනත් නම්. ඉතින් ඒ රජවරුන්ට නම් තැබෙන්නෙත් නාථ […]

රජතුමා තැනු කිරි සයුර, බිසෝ උල්පැන් ගෙය හා හකුලන පාලම

බෝගම්බර වැව ගැන ඔබට මීට පෙර සදහන් කළා. ඒ වැව දැන් ගොඩවෙලා අවසන්. ඉතින් මහ ඉතිහාසයක් දරාගෙන වැසි තිබෙන ඒ බෝගම්බර වැව උඩින් තමයි බොහෝවිට අපි මහනුවරදි ඇවිදයන්නේ.අද කියන්න යන්නේ දළදා මාලිගාව ඉදිරියේ තියෙන වැව ගැනයි. මාලිගාවට ගියාම ඔබ අනිවාර්යයෙන්ම ⁣මේ වැව අයිනටත් ගිහින් එහි සිහිල් සුළං සුවය ලබනවාට සැකයක් නැහැ. ඉතින් නුවර වැව එහෙම […]

ලෝක පූජිත නිර්මාණ දැයට දායාද කරදුන් දේවේන්ද්‍ර මුලාචාරින්ගේ කතාව..

දළදා මාලිගා පරිශ්‍රයේ රජවරුන් නඩු ඇසු මඟුල් මඩුව, පත්තිරිප්පුව, දිය අගල, වැවේ වළාකුළු බැම්ම, උල්පැන්ගේ ආදි හෙළ කලා නිර්මාණවල විශ්මිත සැලසුම් ශිල්පියා වූ දේවේන්ද්‍ර මුලාචාරින් ගැන විස්තරයක් කියන්නයි මේ සුදානම. පුරාණ ලංකාවේ විශිෂ්ටම ඉංජිනේරුවා වන්නේ ඔහුයි. හන්දෙස්සේ දේවේන්ද්‍ර මුලාචාරි කියලත් ඔහු හැදින්වෙනවා.ඉතින් දේවේන්ද්‍ර මුලාචාරින් කියන මේ සුවිශේෂි ඉංජිනේරුවා එහෙම නැත්නම් නිර්මාණ ශිල්පියා රජවරුන් තිදෙනෙකු යටතේ […]

දළදා මාලිගාවේ පත්තිරිප්පුව හැදුනේ මෙහෙමයි | The story of the Octagonal Pavilion

අද කියන්න යන්නේ ශ්‍රී දළදා මාලිගාවේ ඉතා දර්ශනීය නිර්මාණයක් ගැනයි. මාලිගාව හදුන්වන්න බොහෝ දෙනා සංකේතය හැටියට යොදාගන්නෙත් මේ ඓතිහාසික නිර්මාණයයි. ඒ තමයි පත්තිරිප්පුව .ඓතිහාසික සෙංකඩගලපුර ශ්‍රී දළදා මාලිගයේ ‘පත්තිරිප්පුව’ නිර්මාණයකර තිබෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සමයේදි. රජතුමා පත්තිරිප්පුව හදවන්න කලින් ඒ සදහා සැලසුම් හා ආකෘති කැදවලා තිබුණා. ඒ සදහා බොහෝ ශිල්පින් සැලසුම් ඉදිරිපත්කර තිබූ බව […]

තේවාමුරයේ හේවිසි නාදේ දළදා මැදුරේ රැව්දෙන්නේ මෙහෙමයි..

“ජෙං ජෙං ජෙං කඩතක තක්කඩ තක….”ඔබ හිමිදිරියේ දළදා මාලිගාවට පිවිසෙනවානම් අලුයන්දූරේ හේවිසිය ඇහෙන්නේ එ් විදියට බව මතක ඇතිනේ. අලුයම පහයි කාලට තමයි අලුයන්දුරේ හේවිසි ගහන්න පටන් ගන්නේ. මේ හේවිසි මණ්ඩපය තිබෙන තැන ඔබ දන්නවා. මාලිගාවට පිවිසිලා අඹරාව තුලින් ඇතුල් වුනාම තමයි තිබෙන්නේ.මේ අඹරාව දිගේ ගියාම අපි පිවිසෙන්නේ ගල්කණු සහිත ශාලාවකට. ඒක තමයි හේවිසි මණ්ඩපය. ඔබ […]

ශ්‍රී දළදා මාලිගයේ විශ්මිත සිතුවම් බලන්න..

අද කියන්නේ දළදා මාලිගාවේ සිතුවම් ගැනයි. මේ සිතුවම් එකම කාලෙකට අයත් සිතුවම් කියලා කියන්න බැහැ. සිතුවම් දෙවර්ගයක් තියෙනවා. බිත්තිවල හා වහළයේ සීලිමේ හා ලී වල මේ සිතුවම් දකින්න තියෙනවා. මාලිගාව කලින් කලට අලුත්වැඩියා කරපු නිසා එකම සිත්තර පරම්පරාවකට මෙහි සිතුවම් අයත් වෙන්නේ නැහැ. ඒ නිසා සිතුවම් වල වෙනසකම් දකින්නත් තියෙනවා. වෙනත් ව්හාරවල වගේම මෙහි ද […]