Search
Close this search box.

March 2, 2023

Wariyapola-Sri-Sumangala-Thero
The 208th commemoration celebration of Most Ven. Wariyapola Sri Sumangala Thero, who was the Anu Nayaka Thero of the Asgiriya chapter at that time, was held today (March 02) in front of his statue in the historic Mahamaluwa on March 2, 1815, before the signing of the “Kandyan Convention” at the Royal Audience Hall in Kandy, the lion flag that had been hoisted on the grounds of Sri Dalada Maligawa was thrown down and the British flag was hoisted. Most Ven. Wariyapola Sri Sumangala Thero who was in charge of the Dalada Rituals at that time went there and raised the lion flag which had been thrown down.
This brave Sangha Father, who stood up bravely against the injustice of British rule 208 years ago, is still respected as a heroic figure in history.
Anunayake Theros of Malwatu and Asgiri chapters, the Venerable Maha Sangha, Hon. Diyawadana Nilame of Sri Dalada Maligawa, Basnayake Nilames of Sri Maha Vishnu Dewalaya, Kandy, Many students from schools of Kandy including students from Sumangala College participated in this event.
 
එවකට සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක දූරය දැරූ අපවත් වී වදාළ වාරියපොළ ශ්රී සුමංගල නාහිමිපාණන් වහන්සේගේ 208 වන ගුණ සැමරුම අද (මාර්තු 02) පෙරවරුවේ ඓතිහාසික මහමළුවේ පිහිටි උන් වහන්සේගේ පිළිරුව අභියසදී පැවැත් වුනා. වර්ෂ 1815 මාර්තු 02 වෙනි දා මහනුවර මගුල් මඩුවේදී “උඩරට ගිවිසුම” අත්සන් තැබීමට පෙර ශ්රී දළදා මාලිගා භූමියේ ඔසවා තිබූ සිංහ ධජය බිම හෙළා බ්රිතාන්ය ධජය එස වූ මොහොතේ එවකට ශ්රී දළදා මාලිගාවේ තේවාව භාරව වැඩසිටි වාරියපොල ශ්රී සුමංගල නාහිමිපාණන් වහන්සේ එතැනට වැඩමකොට බිම හෙලූ ජාතික ධජය නැවතත් එසවීමට කටයුතු කළා.
බ්රිතාන්ය පාලනයේ අයුක්තියට එරෙහිව මීට 208 වසරකට පෙර අභීතව සිහනාද කළ මේ අභීත සංඝ පීතෘන් වහන්සේ ඉතිහාසයේ වීර චරිතයක ලෙස අදටත් ගෞරවයට පාත්ර වේ.
ශ්රී දළදා මාලිගාවේ මහමළුවේ පිහිටි සුමංගල නාහිමි පිළිරුවට පුෂ්පෝපහාර පුද කරමින් උන් වහන්සේගේ ගුණ සිහිපත් කිරීමේ අවස්ථාව සඳහා මල්වතු හා අස්ගිරි මහා විහාරීය අතිගරු අනුනායක නාහිමිපාණන් වහන්සේලා ඇතුළු ගරුතර මහා සංඝරත්නයත්, ශ්රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේතුමා, ශ්රී මහා විශ්ණු දේවාලයේ ගරු බස්නායක නිලමේ තුමා, මහනුවර ශ්රී සුමංගල විද්යාලයේ සිසුන් ඇතුළු මහනුවර පාසල්වල සිසු සිසුවියන් රැසක් සහභාගි වූහ.

Share With