The Thewa change or the handing over of ritual duties takes place annually the day following the Esala Full Moon Poya day. In the presence of the Mahsnayaka Theroes of both chapters, Maha Sangha in charge of Dalada rituals, Diyawadana Nilame & other officials involved in the rituals. The Dalada rituals were conducted by the Asgiriya Chapter during the time period of last 12 months. After the handing over, the Dalada rituals will be performed by the Malwathu Chapter in the coming 12 months.
සෑම වසරකම තේවා මාරුව ඇසළ පොහෝ දිනට පසුදින සිදුවන අතර එම අවස්ථාවට මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම, තේවා කටයුතු භාර මහා සංඝරත්නය, දියවඩන නිලමේතුමා ඇතුළු තේවා කටයුුතු වලට සම්බන්ධ කාර්ය මණ්ඩලය සමාජිකයින් සහභාගි වෙති.
පසුගිය වසරක කාලය තුල තේවාව කටයුතු අස්ගිරි මහා විහාර පාර්ශවය මගින් සිදු කරනු ලැබීය. තේවා මාරුව අද පස්වරුවේ සිදු වීමෙන් අනතුරුව පුරා වසරක කාලයක් මල්වතු මහා විහාර පාර්ශවය මගින් දළදා සමිඳුන් උදෙසා තේවා කටයුතු සිදු කරනු ලබයි.