Search
Close this search box.

January 20, 2024

නව වසරේ අලුත් සහලින් උතුම් දළදා සමිඳුන් වහන්සේ පුදන “අලුත් සහල් මංගල්ලය 2024” එළඹෙන දුරුතු පුර පසළොස්වක පොහෝ දින (25) සිදු කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් කෙත් වතුවලින් නෙලා ගත් වී අස්වැන්නේ – සහලේ අග්ර කොටස පල්ලෙකැලේ පිහිටි ශ්රී දළදා මාලිගාවේ වී අටුවේ සිට ශ්රී දළදා මාලිගාව වෙත අද (ජන. 20) දින අලි – ඇතුන් පිරිවරා ගත් සංස්කෘතිකාංග සහිත පෙරහරින් රැගෙන එනු ලැබුවා. පෙර දිනයේ සහල් මැන, ශ්රී දළදා මාලිගාව හා සිව් මහා දේවාල හා පිටිසරබද දේවාල වලට අයත් කොටස් වෙන් කිරීම, පුරාතන සිරිත් සම්මත චාරිත්රවලට අනුව සිදු වූයේ පල්ලෙකැලේ පිහිටි ශ්රී දළදා මාලිගාවේ වී අටුවේදී ය.
 
“Aluth Sahal Mangallaya of 2024” offering of the first harvest of paddy to the Sacred Tooth Relic will take place in a few days on the Duruthu full moon Poya day (25th). The first harvest of Paddy was brought to Sri Dalada Maligawa today (20th Jan.) from the “Atuwa” or storing place in Pallekele in a procession adorned with Elephants, Drummers & Dancers. As per the ancient rituals, the measuring and allocating of the portions for Sri Dalada Maligawa & the four Devala took place yesterday (19th) at the “Atuwa” storage.

Share With