August 1, 2026

2026 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය සාර්ථකව පවත්වා නිමකිරීම උදෙසා දිවයිනේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් සිය බැතිසිත් දායකත්වය පිරිනමයි. ඒ වෙනුවෙන් පැවැති විශේෂ හමුව 2026 ජූලි 31 වන දින පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේදී පැවැත්වුණු අතර, එහිදී අදාළ ආයතනවල නිලධාරීන් විසින් සිය ආයතන දායකත්වය ගරු දියවඩන නිලමේතුමන් වෙත භාරදීම සිදු කරන ලදී.

ලංකා බැංකුව, මහජන බැංකුව, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ඩයලොග් සමාගම, අයි.ඕ.සී සමාගම, මැලිබන් සමූහ ව්‍යාපාරය, නෙස්ලේ ලංකා සමාගම, ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම, යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම, ලිට්රෝ ගෑස් සමාගම, පීපල්ස් ලීසිං සමාගම, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, අලියා සිසිල්බීම සමාගම, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම, ලාෆ්ස් ගෑස් සමාගම, කසාගල සමූහ ව්‍යාපාරය, ජාතික ලොතරැයි මණ්ඩලය, ඩී. සැම්සන් සහ පුත්‍රයෝ සමාගම මෙන්ම සිංගර් ශ්‍රී ලංකා සමාගම යන ආයතන මෙවර ඇසළ පෙරහැර මංගල්‍ලය වෙනුවෙන් සිය දායකත්වය පිරිනමා ඇත. මෙම අවස්ථාව සඳහා දායකත්වය පිරිනැමූ ආයතන නියෝජනය කරමින් එම ආයතනවල නිලධාරී මහත්ම මහත්මීන්, ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් අමිල නවරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

A few Sri Lanka’s leading state and private sector institutions have extended their devoted support towards the successful conduct of the 2026 Kandy Esala Perahera Festival.
A special meeting in this regard was held on 31st July 2026 ,afternoon at the Ran Auda Mandapaya of the Sri Dalada Maligawa, where representatives of the respective institutions officially handed over their contributions to the Diyawadana Nilame.

The organizations contributing to this year’s Kandy Esala Perahera Festival include Bank of Ceylon, People’s Bank, Sri Lanka Tourism Promotion Bureau, Dialog Axiata PLC, Lanka IOC PLC, Maliban Group of Companies, Nestlé Lanka PLC, Fonterra Brands Lanka (Pvt) Ltd, Unilever Sri Lanka Limited, Litro Gas Lanka Ltd, People’s Leasing & Finance PLC, Sri Lanka Insurance Corporation, Elephant House, Development Lotteries Board, People’s Insurance PLC, LAUGFS Gas PLC, Kasagala Group, National Lotteries Board, D. Samson & Sons (Pvt) Ltd, and Singer Sri Lanka.
Officials representing the contributing organizations, along with the Divisional Secretary of Gangawata Korale, Mr. Amila Navaratne, were present at the event.

Share With