Search
Close this search box.

December 7, 2023

“අපේ සත්කාරයෙන් පිරිසිදු පරිසරයක් උදෙසා බැඳුනු මනුදම් පවුර”
 
මහනුවර ශ්රී දළදා මාලිගාව සහ යුනිලීවර් ශ්රී ලංකා සමාගම ඒකාබද්ධව කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය සමයේ සිදුකරනු ලබන පාරිසරික ව්යාපෘතියට අදාල අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද (දෙසැ. 07) දින පස්වරුවේ ශ්රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේ දී සිදු විය.
“අපේ සත්කාරයෙන් පිරිසිදු පරිසරයක් උදෙසා බැඳෙන මනුදම් පවුර” යන තේමාවෙන්, ශ්රී දළදා මාලිගාව හා යුනිලීවර් ශ්රී ලංකා සමාගමේ සන්ලයිට් සන්නාමය හා ඒකාබද්ධව ඇසළ පෙරහර සමයේ දී පූජනීය මහනුවර නගරය තුල දිරාපත් නොවන අපද්රව්ය පිළිබඳ පොදු මහජනතාව දැනුවත් කිරීම, පොලිතීන් ඇතුළු දිරාපත් නොවන අපද්රව්ය නිසි ක්රමවේදයක් යටතේ බැහැර කිරීම වැනි පරිසර හිතකාමී බහුවිධ ක්රමෝපායන් රැසක් සහිත ව්යාපෘතියක් ලෙස මෙය පස් වසරක් (2024 – 2029) පුරා ක්රියාත්මක කිරීමට නියමිතයි. මෙම ව්යාපෘතිය සක්රීයව ක්රියාත්මක කිරීම උදෙසා මහනුවර මහ නගර සභාව පාර්ශවකරුවෙකු ලෙස හවුල් වන අතර, ඔවුන්ට අවශ්ය මූල්ය හා යටිතල පහසුකම් සපයා දීම ශ්රී දළදා මාලිගාව විසින් සිදුකරනු ලබයි.
 
සාරවත් සංස්කෘතික උරුමයක් ප්රදර්ශනය කරමින් පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහරේ අසිරිය විඳගැනීමට වාර්ෂිකව දහස් ගණනක් මහනුවරට එක්රොක් වෙති. ඇසළ පෙරහර සමයේ, මහජනතාව විසින් පොලිතින් තාවකාලික ආසනව වලට යොදා ගැනීමත්, පසුව ඒවා නගරය තුල අවිධිමත්ව බැහැරකර යාමෙන් සිදුවන අවශේෂ පරිසර හානිය අවම කිරීම වෙනුවෙන් යුනිලීවර් ශ්රී ලංකා සමාගම ශ්රී දළදා මාලිගාව හා එක්ව මේ වසරේ පැවති ඇසළ පෙරහර සමයේ දී “සන්ලයිට් මනුදමින් වැඩි යමක්” ව්යාපෘති සාර්ථකව ක්රියාත්මක කරන ලදී. එහිදී කළ අධ්යයනවලින් පෙනී යන්නේ වාර්ෂිකව මහනුවර ඇසළ පෙරහර සඳහා රැගෙන එන පොලිතින් සහභාගිවන්නන්ගෙන් 37% ක් පමණක් නැවත රැගෙන යන බවත්, 63% ක් නගරය තුලම බැහැර කර දමා යන බවත්ය. මෙය නගර සභාවට සහ ශ්රී දළදා මාලිගාවට අභියෝගාත්මක සහ මිල අධික පිරිසිදු කිරීමේ මෙහෙයුමක් වූ අතර, වසර 135කට අධික කාලයක් මෙරට තුළ පවතින විශ්වාසනීය සන්නාමයක් වන Sunlight සන්ලයිට් මෙම හේතුව පිළිබඳව අවධානය යොමු කරමින් “අපේ සත්කාරයෙන් පිරිසිදු පරිසරයක් උදෙසා බැඳුනු මනුදම් පවුර” වෙනුවෙන් සිය බැතිසිත් දායතක්වය පිරිනමයි.
 
මේ අවස්ථාව සඳහා ශ්රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමා, මධ්යම පළාත් ගරු ආණ්ඩුකාර තුමා, මහනුවර නාගරික කොමසාරිස් තුමා, මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස් තුමා, යුනිලීවර් ශ්රී ලංකා සමාගමේ නිලධාරී මහත්ම මහත්මීන්, මහනුවර පාසල්වල විදුහල්පති තුමන්ලා හා තුමියන්ලා ඇතුළු සිසු දරු දැරියන් පිරිසක් සහභාගි වූහ.
 
“Manudam Pawura” a common cause for a clean environment by “Ape Sathkaraya”
 
The signing of the Memorandum of Understanding for the environmental project to be carried out during the Kandy Esala Perahera Festival, jointly by the Temple of The Sacred Tooth Relic and Unilever Sri Lanka took place this afternoon (Dec 07) at the Golden Utensils Pavilion of the Temple of the Sacred Tooth Relic. Under the theme “Manudam Pawura”, which connects for a clean environment through “Ape Sathkaraya”, the temple of The Sacred Tooth Relic and Sunlight brand of Unilever Sri Lanka will join hands during the Kandy Esala Perahara Festival season to educate the general public about non-degradable waste in the holy city of Kandy, non-degradable waste including polythene will be disposed under a proper system. This is to be implemented for five years (2024 – 2029) as a project with many environmentally friendly multifaceted strategies. The Kandy Municipal Council is a partner, and the temple will provide the necessary infrastructure facilities and financials.

Share With