Search
Close this search box.

October 19, 2023

යල කන්නයේ නෙලාගත් අස්වැන්නේ අග්ර කොටස දළදා සමිඳු වෙත පූජා කිරීමේ අරමුණින් සිදුකරනු ලබන “සිරි දළදා යල් අස්වනු පූජාව” දළදා සමිඳුන් උදෙසා තේවාවව භාරව කටයුතු කරන මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික ගරුතර තිබ්බටුවාවේ ශ්රී මේධංකර නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි අද (ඔක්.19) පෙරවරුවේ ශ්රී දළදා මාලිගා පරිශ්රයේදී පැවැත්විය. ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය, වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්යංශය ඇතුළු අංශ කිහිපයක් එක්ව සංවිධානය කළ මෙම යල් අස්වනු පූජාව පැවැත්වූයේ 8 වෙනි වරටයි.
 
The first harvest of the “Yala Season” was offered to the Sacred Tooth Relic. The meritorious act of offering the first harvest of the “Yala Season” called the “Siri Dalada Yal Aswanu Pooja” took place today (Oct.19) at the temple of the Sacred Tooth Relic.

Share With