August 18, 2026

දිවයින පුරා විසිර සිටින දක්ෂ චිත්‍ර ශිල්පීන්ගේ පින්සල් පහරින් වර්ණවත් වූ අලංකාරවත්ම සිතුවම් එකතුව රැගත් “ඇසළ පෙරහරයි සිතුවම් පෙළහරයි 2026” සිතුවම් ප්‍රදර්ශනය 2026 අගෝස්තු 18 වන දින මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත විය. ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති කාර්යාංශය, ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව සහ E TECH Technology සමාගම එක්ව බැති සිතින් සංවිධානය කරනු ලබන මෙම තරගය සහ ප්‍රදර්ශනය ලබන අගෝස්තු 22 වන දා දක්වා පැවැත්වේ. මෙම ප්‍රදර්ශනයට සමගාමීව, තරගය සඳහා ලැබුණු සියලුම සිතුවම් එකම ස්ථානයක සිට නැරඹිය හැකි Virtual Exhibition පහසුකම ද සලසා ඇත.

Share With