Search
Close this search box.

April 5, 2021

මල්වතු – අස්ගිරි උභය මහා විහාරීය ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන්, ශ්රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමන්ගේ පූර්ණ මඟ පෙන්වීමෙන් ශ්රී දළදා මාලිගාවෙන් ක්රියාත්මක කරනු ලබන සමාජ සත්කාරක සේවාව වන “අපේ සත්කාරය” මඟින් හිසට සෙවණක් නොමැති තවත් අසරණ පවුලක් වෙත නව නිවහනක උරුම පසුගිය දා ලැබුනා. මෙලෙස නව නිවසක අයිතිය හිමි වූයේ නාවුල, අහමුනියාය ප්රදේශයේ සරත් කරුණාතිලක මහතා ඇතුළු පවුලේ අයට ය. මේ අවස්ථාවට ප්රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේ තුමා, නාවුල ප්රාදේශීය ලේකම් වරයා ඇතුළු පිරිසක් එක් විය. නිවස ඉදිකිරීම සඳහා ශ්රී ලංකා යුද්ධ හමුදාවේ ශ්රම දායකත්වය හිමි විය.

Another house was built and handed over to a underprivileged family under the CSR program of Sri Dalada Maligawa – “Ape Sathkaraya” under the blessings of the maha sangha of Asgiriya & Malwatta chapters and the guidance of Hon Diayawadana Nilame.
The lucky family was Mr Sarath Karunathilake & family of Ahamuniyaya, Navula. The keys were handed over to the family in a little ceremony held with the participation of Hon Diyawadana Nilame, The Navula Provincial Secretary and a team.

Share With