Search
Close this search box.

May 20, 2021

Dodamwala Sri Maha Natha Devalaya

Dodamwela Sri Natha Devalaya is an ancient temple situated in a garden full of “Na” trees. Early in the days it was called “ Nahami Kovil” but later devoted to God Natha who is believed to be “Maithree Bodhisatta” the future Buddha. The temple complex has been reconstructed from time to time from the Gampola era.

නා ගස් උයනක් තුල පිහිටි මෙම පැරණි දේවාලය පුරාවෘත රැසකට හිමිකම් කියන “දොඩම්වල ශ්රී මහා නාථ දේවාලය” ලෙස හඳුන්වයි. අතීතයේ දී නා හාමි කෝවිල නමින් ද හැඳින් වූ මෙම ඓතිහාසික දේවාලය, මතු බුදු බව පතන මෛත්රී බෝධිසත්වයන්ගේ දේව ආත්මය ලෙස සැළකුම් ලබන නාථ දෙවියන් උදෙසා පුද පුජා ලබන්නකි. මෙම ගොඩනැගිලි පද්ධතිය ගම්පොල රාජධානි සමයේ සිට වරින්වර ප්රතිසංස්කරණය වූ බවට වන සාක්ෂි අදටත් පැහැදිලිව හඳුනා ගත හැකිය. කොළඹ නුවර මාර්ගයේ කිරිබත්කුඹුර මංසන්ධියේ සිට දිවෙන වතුරකුඹුර මාර්ගය ඔස්සේ බුළුමුල්ල, මොලදණ්ඩ මාර්ගය හරහා කි.මි. 3 ක් පමණ පැමිණි විට දොඩම්වල ශ්රී නාථ දේවාල භූමියට පැමිණිය හැකියි.