විධිමත් සනීපාරක්ෂක පහසුකම්

දළදා මාලිගාවට පැමිණෙන දෙස් විදෙස් ජනතාවට අවශ්ය සනීපාරක්ෂක පහසුකම් විධිමත් අයුරින් නොතිබීම විශාල අඩුපාඩුවකි. විශේෂයෙන්ම දළදා මළිගාවට පැමිණෙන විදේශිය සංචාරකින් සඳහා විධිමත් සනීපාරක්ෂක පහසුකම් සළසා දී නොතිබුණි. මේ අනුව අප කරන ලද ඉල්ලීමක් අනුව, සංචාරක අමාත්යාංනශයේ මුල්යර දායකත්වයෙන් ඉතා උසස් මට්ටමින් යුත් වැසිකිළි පද්ධතියක් විදේශිය සංචාරකයින් සඳහා ස්ථාපිත කරන ලදි. එමෙන්ම දේශිය බැතිමතුන් සඳහා පැවති […]

සමරු තිළිණ හා මුද්‍රිත ප්‍රකාශන

ශ‍්‍රී දළදා වහන්සේ, ශ‍්‍රී දළදා මාලිගාව හා ඇසළ පෙරහර මංගල්ලය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා දීමටත් අධ්‍යයන කටයුතු සඳහා ප‍්‍රයෝජනයට ගත හැකි පරිදි ග‍්‍රන්ථ හා සංයුක්තතැටි (CD,DVD) ඉතා උසස් තාක්ෂණයෙන් යුක්තව නිෂ්පාදනය කර අලෙවිය සඳහා තබා ඇත. එමෙන්ම ඇසළ පෙරහර බතික් නිර්මාණ ඇතුළු විවිධ නිර්මාණයන් අලෙවියට ඇත්තේ සමරු තිළිණ ලෙසයි. මෙම තිළිණ හා ප්‍රකාශන දළදාමාලිගාවේ ස්ථාපිත කර ඇති […]

විදේශිය බැතිමතුන් හට WiFi පහසුකම හා මාර්ගෝපදේශනය

ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන විදෙස් සංචාරකයින්ට අත්‍යවශ්‍යම ඇති අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව මෙමගින් ලැබෙන අතර, එහිදී හඬ භාවිතයෙන් මඟ පෙන්වීමේ තාක්ෂණයඔස්සේ (Interactive Voice Guide) විදේශීය භාෂා 8කින් පමණ මාලිගාවේ සෑම අංශයක් පිළිබඳවම දැනුවත් වීමේ අවස්ථා ඔවුනට හිමිවේ. මෙම සේවාවට දළදා මාලිගාව පිළිබඳව වැදගත් තොරතුරු හා ඡායාරූප ඇතූළත් කර ඇත. මොබිටෙල් ශ්‍රී ලංකා සමාගමේ මුල්‍ය දායකත්වයෙන් සවිබල […]

ත්‍රිමාණ තාක්ෂණයෙන් යුත් මාර්ගෝපදේශන පුවරු

දළදා මාලිගාව හා අවට පරිශ‍්‍රය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාදීමටත්, අවශ්‍ය සේවා පහසුකම්   ලබාගැනීමත් අරමුණින් නව මාර්ගෝපදේශන පුවරු පරිශ්‍රයේ ස්ථාපිත කොට ඇත. මෙම පුවරු මගින් තමන් සිටින  ස්ථානයේ සිට දළදා මාළිගා පරිශ‍්‍රයේ අවශ්‍ය ඕනැම ස්ථානයකට තනිව ගමන් කිරීමට හැකිලෙස ත්‍රිමාණ ලෙස සිතියම් ගතකර ඇත. එමෙන්ම මෙම පුවරු සමඟ සම්බන්ධ කර ඇති QR කේත පරිලෝකනයකිරීමෙන් අදාල ස්ථානයන්හි වැඩිදුර තොරතුරු එසැණින් ලබාගත හැක. […]

සංචාරකයින් හට පිරිණැමෙන ශ්‍රව්‍ය මාර්ගෝපදේශණය

ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන සංචාරකයින්ට නිවැරදි තොරතුරු සැපයීමටත්, නිසි මාර්ගෝපදේශනයලබාදීමටත් ශ්‍රව්‍ය මාර්ගෝපදේශන සේවාව ක්‍රියාත්මක වේ. මෙම සේවාව දළදා මාලිගාවට පැමිණෙන විදේශිය   සංචාරකයින්ට නොමිලයේ ලබාදීම සිදුවේ. ප‍්‍රධාන ජාත්‍යන්තර භාෂා 8 කින් මෙම සේවාව සංචාරකයින්ට ලබාගත හැකිය. Previous Next Share With Share on facebook Share on twitter Share on whatsapp Share on email

පහසුකම් වැඩිදියුණු කළ විශ්‍රාම ශාලාව

ශ‍්‍රී දළදා මාලිගාවේ විශ‍්‍රාම ශාලාව ශ‍්‍රී දළදා වහන්සේ උදෙසා පැවැත්වෙන මුළුතැන් බුද්ධ පූජා කටයුතු සඳහා දෛනිකව පැමිණෙන බැතිමතුනට නේවාසික පහසුකම් සලසා දෙන ස්ථානයක් වශයෙන් ඵලදායී ලෙස පවත්වාගෙන යාමට හැකි අයුරින් එහි පරිපාලන කටයුතු වඩාත් විධිමත් කර ඇත. දිනපතා විශාල නේවාසික පිරිසක් ගැවසෙන මෙම ස්ථානයෙහි පවිත‍්‍රතාවය හා ප‍්‍රසන්නතාවය රැකගනු වස් අවශ්‍ය වර්ණාලේප කිරීම සහ උපකරණ අලුත්වැඩියා කිරීම් යාවත්කාලීනව […]