අපවත් වී වදාල මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ, අස්ගිරි මහා විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරස සංඝ සභික, මහනුවර නාථ දේවාල විහාරාධිපතිව වැඩ විසූ මහෝපාධ්‍යාය ධුරන්දර ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය තෛයි නිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් අද (2026.05.11) දින පස්වරු 2ට පැවැත්වීමට නියමිතව තිබේ. ඒ ගැටඹේ නාගරික ක්‍රීඩාංගනයේ දී ය. උන් වහන්සේගේ ශ්‍රී දේහය මහජන ගෞරවය සඳහා මේ වනවිට පේරාදෙණිය, ගැටඹේ සුදර්ශණාරාම විහාරස්ථානයේ තැන්පත් කොට තිබේ. ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමිපාණන් වහන්සේ 1945 ඔක්. මස 11 වන දින පාතදුම්බර ගොමගොඩ ග්‍රාමයේ උපත ලබා ඇති අතර වර්ෂ 1962 දී පැවිදි දිවියට ඇතුලත්ව ඇත. ඓතිහාසික ගලේවෙල බම්බාව රජ මහා විහාරය, මහනුවර ශ්‍රී නාථ දේවාල විහාරය, ගැටඹේ සුදර්ශණාරාමය සහ මැණික්හින්න හීපිටිය යන පුරාණ විහාරයන්හී විහාරාධිපති ධූරය රතනසාර නාහිමිපාණන් වහන්සේ විසින් හොබවනු ලැබීය. පසුගිය 9 වෙනි දින උන් වහන්සේ අපවත්වන විට 81 වෙනි වියේ පසු විය.
Share With