January 6, 2025

2025 වසරේ උතුම් දළදා සමිඳුන් වහන්සේ විශයෙහි ඉටුකරන්නට නියමිත සාම්ප්‍රදායික සිරිත් සම්මත සතර මහා මංගල්ලයන් අතුරෙන් වසරේ ප්‍රතම මංගල්ලය වන අළුත් සහල් මංගල්ලය ලබන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයේ සිදු කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් කෙත් වතුවලින් නෙලා ගත් වී අස්වැන්නේ – සහලේ අග්‍රකොටස පල්ලෙකැලේ පිහිටි ශ්‍රී දළදා මාලිගාවේ වී අටුවේ සිට ශ්‍රී දළදා මාලිගාව වෙත 2024 ජනවාරි 6 දින අලි – ඇතුන් සහිත සංස්කෘතිකාංග වලින් යුත් පෙරහරින් රැගෙන එනු ලැබුවා. පෙර දිනයේ සහල් මැන, ශ්‍රී දළදා මාලිගාව හා සිව් මහා දේවාල වල කොටස් වෙන් කිරීම පුරාතන සිරිත් සම්මත චාරිත‍්‍රවලට අනුව සිදු වූනේ පල්ලෙකැලේ පිහිටි ශ්‍රී දළදා මාලිගාවේ වී අටුවේදී ය.

Share With