Search
Close this search box.

March 2, 2024

ලංකා ඉතිහාසයේ බොහෝ යුග වල දේශයේ සුබ සිද්ධිය උදෙසා අරහත් ධජය පෙරටගත් භික්ෂුන් වහන්සේලා පහල විය. ඒ අතුරෙන් වාරියපොළ ශ්රී සුමංගල හිමි ලංකා ඉතිහාසයේ අමරණීය නාමයකි.
වර්ෂ 1815 මාර්තු 02 වැනි දා උඩරට ගිවිසුම අත්සන් කිරීමට පෙර බ්රිතාන්යය ශ්රී දළදා මාලිගාවේ ඔසවා තිබූ ජාතික කොඩිය පහතට හෙළා බ්රිතාන්යය කොඩිය එසවිය. මේ සිද්ධිය දුටු එවකට දළදා සමිඳුන්ට තේවාව ඉටුකළ අස්ගිරි අනුනායක වාරියපොල ශ්රී සුමංගල හිමියන් වහා එතැනට පැමිණ “ගිවිසුම තවමත් අත්සන් කර නැති බවත්, ගිවිසුම අත්සන් කරන තෙක්‌ තවමත් උඩරට රාජ්ය අයත් වන්නේ සිංහලයන්ට” බවත් පවසා එස වූ ඉංග්රීසි කොඩිය පහතට හෙළා ජාතික කොඩිය යලිත් ඔසවන ලදී.
උඩරට රාජ්යයේ ගෞරවය පිළිබඳ ඉමහත් භක්‌තියෙන් කටයුතු කළ වාරියපොල ශ්රී සුමංගල නාහිමිපාණෝ මේ නිර්භය ක්රියාව අද ද රට වැසියන්ගේ ගෞරව බහුමානයට පාත්ර වෙති. මේ සිදුවීමට වසර 209ක් සපිරෙන අද (02) එහි ගුණසැමරුම ශ්රී දළදා මාලිගාවේ මහමළුව භූමියේ ඉදිකර ඇති සුමංගල නාහිමි පිළිරුව අභියස දී පැවැත්වීය. ඒ උභය මහා විහාරීය ගරුතර මහා සංඝරත්නය, ශ්රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමා ඇතුළු ගිහි පැවදි විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි.

Share With