November 6, 2026

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ දී හෙට (07) “සිසු දිරියට බොදු සවියක්” දෙවන අදියර

ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධානත්වයෙන් සහ මහජන බැංකුවේ සහයෝගයෙන් ක්‍රියාත්මක කෙරෙන “සිසු දිරියට බොදු සවියක්” ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේ දෙවන අදියර හෙට, එනම් 2026 නොවැම්බර් 07 වන දින කුරුණෑගල මලියදේව විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

වයඹ පළාත කේන්ද්‍රීයව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වලින් තෝරාගත් දක්ෂ දූ පුතුන් 355 දෙනෙකු වෙත උත්සවාකාරයෙන් ශිෂ්‍යාධාර ප්‍රදානය සිදු කිරීමට නියමිතයි.

2024 වර්ෂයේ ශිෂ්යත්ව විභාගය සමත් විවිධ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවි ගෙවන සිසුන්ට සහනයක් වීම අරමුණු කරගත් මෙම වැඩසටහන ඔස්සේ, ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 16 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 244 ක සිසු සිසුවියන් 2,000 කට ආසන්න පිරිසකට සිය අනාගත අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අත්වැලක් සැපයීම මෙමගින් අපේක්ෂා කෙරේ.

Share With