අලුත් අවුරුදු මගල්යය පැවැත්වෙන්නේ බක් මාසයේදි හෙවත් අප්රේල් මාසයේදි. එදාට බුද්ධ පුජාව පවත්වන්නේ විශේෂ ක්රමයකට. ඒ නැකතට තමයි පුජාව තියන්නේ. නැකත හදන්නේ මාලිගාවේ නැකත් මොහොට්ටාල කියන මුලාදෑණියා විසින්. මාලිගාවේ ප්රධානම මගල්යය ලෙස සලකන්නේ ඇසළ මංගල්යයයි. දළදා පෙරහර පැවැත්විම තමයි මෙහි විශේෂත්වය. දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහරට මහනුවර සතර මහ දේවාලවල පෙරහරත් එකතු වෙනවා.
ඉල් මහ හෙවත් නොවැම්බර් මාසයේදි තවත් විශේෂ මංගල්යයක් පැවැත්වෙනවා. ඒකට කියන්නේ “කාර්තික මංගල්ය” කියලයි. මෙය මහනුවර රජවු හින්දු රජවරුන්ගේ කාලයේදි ආරම්භවුවක් යැයි සඳහන්. පහන් පත්තු කිරිමෙන් කරන උත්සවයක්. පහන්වලට තෙල් පිළියෙල කරන්නේ මාලිගාවෙන්. ඒවා බෙදාහරින්නෙත් මාලිගාවෙන්මයි. නම් පොතේ තියෙනවා තෙල් බෙදාහැරිය යුතු වෙහෙර විහාර. ඒ අනුව තමයි
නාථ දේවාලය අසලදි තෙල් බෙදා හරින්නේ. තෙල් ලබාගත් අය ඒවා පන්සල් වලට ගෙනියන්නේ පෙරහරකින්. ඒවා යොදාගෙන පහන් පත්තු කළ යුතුයි. එදිනට නැකතට අනුව පෙරහරක් ද පවත්වනවා. ඒ කාර්ථික පෙරහරයි.
අස්වැන්නෙන් මාලිගාවට වෙන්කළ සහල් ගෙන එන්නේ පෙරහරකින්. අස්වැන්න ගෙන්න පෙරහරක් යනවා මාලිගාවෙන්. අතීතයේ සිට දියවඩන නිලමේ තුමන්, සිව් මහා දේවාලවල බස්නායක නිලමේවරුන් ද මේ පෙරහරට එකතු වෙනවා. අලුත් සහල් දේවාලවලට වගේම රජමහා විහාරවලටත් අයිතියි. අලුත් සහල් බෙදිය යුත්තේ කාටද කියලා නම් පොතේ තියෙනවා. ඉතින්.අලුත් සහල් ගේන්නේ හේම කත්වලින්. මෙහිදි වී කොටනවා. නමුත් ඒකට වී කොටනවා කියන්නේ නැහැ. ඒකට කියන්නේ “හම්බා කොටනවා” කියලයි.