About
The History
Two Great Monasteries
Malwatta Monastery
Asgiriya Monastery
Chief Custodian
Rituals
Daily Service
Weekly Service
Four Festival
Kandy Esala Perahara
Media
Image Gallery
Video Gallery
Features
Feature Articles
Downloads
Dalada Waruna Magazine
Four Poya Days
Social Media
The stanza (Gatha) to worship
News | Events
News
Events
Online Store
Donation
English
Menu
About
The History
Two Great Monasteries
Malwatta Monastery
Asgiriya Monastery
Chief Custodian
Rituals
Daily Service
Weekly Service
Four Festival
Kandy Esala Perahara
Media
Image Gallery
Video Gallery
Features
Feature Articles
Downloads
Dalada Waruna Magazine
Four Poya Days
Social Media
The stanza (Gatha) to worship
News | Events
News
Events
Online Store
Donation
English
දළදා සමිඳුන්ට දිනපතා තේවාව පවත්වන්නේ මෙහෙමයි
දළදා වහන්සේ උදෙසා තේවාව පැවැත්වෙන බව අපි කවුරුත් දන්නවා.ඒත් තේවාව කියන්නේ කුමක්ද? එය පවත්වන්නේ කොහොමද කියලා සමහරවිට ඔබ දන්නවත් ඇති. ඒත්.නොදන්නා අයගේ දැනගැනිමට ඒ ගැන විස්තර කළ යුතුයි. දළදා වහන්සේ ට මාලිගාවේදි තේවාව තුන්වරක් පැවැත්වෙනවා. පළමුව අලුයම් තේවාව ඊට පසු නව පෑ පූජාව හා හවස පුජාව වශයෙන් ඒ තේවාවන් හදුන්වනවා. වෙනත් විහාරවල බුදු හාමුදුරුවන් උදෙසා බුද්ධ පූජා, ගිලන්පස පුජා පවත්වන කොට කාටවත් එය බලාගන්න පුළුවන්නේ. නමුත් දළදා වහන්සේ උදෙසා පවත්වන තේවාවේ විධි බලාගන්න ලැබෙන්නේ නැහැ. තේවාව කරන හාමුදුරුවෝ, වට්ටෝරු රාල, කත් තියන රාල වැනි මුලාදෑනිවරුන්ට පමණක් එම අවස්ථාව විවෘතයි. අලුයම් තේවාව ඇරඹිමට පෙර තේවාව භාර හිමිවරුන් උඩුමාලෙට හෙවත් ගඳකිළිය එහෙම නැත්නම් වැඩසිටින මාලිගාවට වැඩමකිරිමට පෙර හේවිසි නාද කරනවා.එයට කියන්නේ අලුයන්දූරේ කියලා. ඔබ දළදා මාලිගාවට පිවිසෙනවිට හේවිසි මණ්ඩපයේදි හේවිසි ගහනවානම් ඒ තේවාව පැවැත්වෙන වෙලාවක්. උඩුමාලේ සිදුවන දේ බැතිමතුන්ට දැනගන්න පුළුවන් වෙන්නේ හේවිසි නාදෙන්. පාන්දර පහයි කාලට පමණ මෙම අලුයම් දූරේ හේවිසිය පටන් ගන්නවා. එතකොට තමයි තේවාවේ හාමුදුරුවෝ සුදානම් වෙලා වට්ටෝරු රාල කියන නිලය දරන රාජකාරිකරුට මාලිගාවේ දොරටුවල යතුරු බාර දෙන්නේ. ඔහු යතුරු “පයිංඩ” කරගෙන ඒ කියන්නේ ගරු සරු ඇතිව යතුරු උරහිස මත තබාගෙන වැඩසිටින මාලිගාවේ දොරටුව ළගට එනවා. ඒ පසුපස තමයි තේවාව බාර හාමුදුරුවරු වඩින්නේ. මුලින්ම දොරටුව ළග තිබෙන වතුර මලෙන් දෙපා දොවාගන්නවා. පල්ලේමාලේ බුදුගෙයි යතුර පල්ලේමාලෙ මුලාදෑණිට බාරදෙනු ලබන්නේ වැඩසිටින මාලිගාවේ දොරටුව ළගදියි. උඩුමාලේ තේවාව අතරතුරම පල්ලේමාලෙ අලුයම් තේවාව පැවැත්වෙනවා.උඩුමාලට පිවිසෙන තේවාව භාර හාමුදුරුවෝ උඩුමාලට පිසිලා දොළොස්මහේ පහන දල්වා මල්.,ආහාර පුජාකරලා දළදා ගංඨාරේ ගහලා අලුයම් තේවාව අවසන් කරනවා. තේවාව අවසන් විමෙන්පසු නැවතත් වැඩසිටින මාලිගයේ දොරටුව අසලදි උඩුමාලේ හා පල්ලේමාලේ දෙපිරිසම එකතුවි යතුරු ඔතාගෙන යතුරු පයිංඩ කරනවා.තේවාවේ ප්‍රධාන නාහිමිගේ කාමරයේ මෙම යතුරු තැන්පත් කිරිමට විශේෂ මංජුසාවක් තියෙනවා.යතුරු තැන්පත් කිරිමෙන් පසු නායක හිමියන්ට අනෙක් හිමිවරුන් හා මුලාදෑනිවරුන් වැඳ සමුගන්නවා. ඉන්පසුව නව පෑ තේවාව ඇරඹෙන්නේ උදේ නවයයි තිහට වගේ.අලුයම් තේවාව පැවැත්වෙන විදියටම හාමුදුරුවරු හා මුලාදෑනිවරුන් උඩුමාලෙට පිවිසිලා මල්, බුද්ධ පුජාව දළදා වහන්සේට පුජාකරනවා. එම තේවාවේ කටයුතු අවසන් විමෙන් පසු බුද්ධ පූජාව ඉවත්කරනවා. ඒ ඉවත්කරනවාට කියන්නේ “බැහැ ගන්නවා” කියලයි. දවසේ අන්තිම පුජාව හැන්දෑ තේවාවයි.හවස හයයි තිහට වගේ හාමුදුරුවෝ හා මුලාදෑනිවරු වැඩසිටින මාලිගයේ දොරටුව ළගට එනවා.පසුව උඩුමාලේ හැන්දෑ තේවාව අරඹනවා.එහිදි රාත්‍රි 7.30ට හා 8.00ට ගිලන්පස පුජා දෙකක් රාජනියමයෙන් පුජා කරනවා. මෙහිදි මුල් පූජාවට පලතුරු, සිනි, මිපැණි, උක්පැණි, සූකිරි, හකුරු,, මුද්දරප්පලම්, දොඩම් යුෂ, දෙළුම් ආදිය පුජාකරනවා. දෙවැනි පුජාවට සීනි ,මීපැණි, සුකිරි, ඉඟුරු, එළඟිතෙල් ආදිය පුජාකරනවා. සටහන ~ ධර්ම ශ්‍රි තිලකවර්ධන
Share With
Share on facebook
Share on twitter
Share on whatsapp
Share on email
More To Explore
features
හයවන මහා ධර්ම සංගායනාව
features
මහනුවරම තැතිගත් සුප්රසිද්ධ අලිකුලප්පුව
features
ජීවමාන බුදුන්ට මෙන් දළදා මාලිගාවේ පවත්වන වාර්ෂික මංගල්ලයන් සිදුවන්නේ මෙහෙමයි..