ජීවමාන බුදුන්ට මෙන් දළදා මාලිගාවේ පවත්වන වාර්ෂික මංගල්ලයන් සිදුවන්නේ මෙහෙමයි..

අද කියන්නේ දළදා මාලිගාවේ පවත්වන ප්රධාන උත්සව කීපයක් ගැනයි.ඔබ දන්නවා මාලිගාවේ පෙරහර හෙවත් ඇසළ මංගල්ය ගැන.ඒ වගේම අලුත් සහල් මංගල්යය ගැනත් දන්නවා.තව තියෙනවා අලුත් අවුරුදු මංගල්යය තව උපසම්පදා මංගල්යය. ඉතින් මේ මංගල්යයන් ගැන කෙටි හැදින්විමක් කරන්නයි සුදානම.
අලුත් අවුරුදු මගල්යය පැවැත්වෙන්නේ බක් මාසයේදි හෙවත් අප්රේල් මාසයේදි. එදාට බුද්ධ පුජාව පවත්වන්නේ විශේෂ ක්රමයකට. ඒ නැකතට තමයි පුජාව තියන්නේ. නැකත හදන්නේ මාලිගාවේ නැකත් මොහොට්ටාල කියන මුලාදෑණියා විසින්. මාලිගාවේ ප්රධානම මගල්යය ලෙස සලකන්නේ ඇසළ මංගල්යයයි. දළදා පෙරහර පැවැත්විම තමයි මෙහි විශේෂත්වය. දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහරට මහනුවර සතර මහ දේවාලවල පෙරහරත් එකතු වෙනවා.
ඉල් මහ හෙවත් නොවැම්බර් මාසයේදි තවත් විශේෂ මංගල්යයක් පැවැත්වෙනවා. ඒකට කියන්නේ “කාර්තික මංගල්ය” කියලයි. මෙය මහනුවර රජවු හින්දු රජවරුන්ගේ කාලයේදි ආරම්භවුවක් යැයි සඳහන්. පහන් පත්තු කිරිමෙන් කරන උත්සවයක්. පහන්වලට තෙල් පිළියෙල කරන්නේ මාලිගාවෙන්. ඒවා බෙදාහරින්නෙත් මාලිගාවෙන්මයි. නම් පොතේ තියෙනවා තෙල් බෙදාහැරිය යුතු වෙහෙර විහාර. ඒ අනුව තමයි
නාථ දේවාලය අසලදි තෙල් බෙදා හරින්නේ. තෙල් ලබාගත් අය ඒවා පන්සල් වලට ගෙනියන්නේ පෙරහරකින්. ඒවා යොදාගෙන පහන් පත්තු කළ යුතුයි. එදිනට නැකතට අනුව පෙරහරක් ද පවත්වනවා. ඒ කාර්ථික පෙරහරයි.
දුරුතු පෝයට තමයි අලුත් සහල් මංගල්යය පැවැත්වෙන්නේ. මාලිගාවට අයත් විහාර දේවාල ගම්වලින් මාලිගාවට ලැබිය යුතු සහල් තැන්පත් කර තිබෙන්නේ විශේෂ අටුවක. ඒ අටුව තියෙන්නේ පල්ලෙකැලේ.
අස්වැන්නෙන් මාලිගාවට වෙන්කළ සහල් ගෙන එන්නේ පෙරහරකින්. අස්වැන්න ගෙන්න පෙරහරක් යනවා මාලිගාවෙන්. අතීතයේ සිට දියවඩන නිලමේ තුමන්, සිව් මහා දේවාලවල බස්නායක නිලමේවරුන් ද මේ පෙරහරට එකතු වෙනවා. අලුත් සහල් දේවාලවලට වගේම රජමහා විහාරවලටත් අයිතියි. අලුත් සහල් බෙදිය යුත්තේ කාටද කියලා නම් පොතේ තියෙනවා. ඉතින්.අලුත් සහල් ගේන්නේ හේම කත්වලින්. මෙහිදි වී කොටනවා. නමුත් ඒකට වී කොටනවා කියන්නේ නැහැ. ඒකට කියන්නේ “හම්බා කොටනවා” කියලයි.
තව තියෙනවා උපසම්පදා මංගල්යය. ඒක පවත්වන්නේ වෙසක් පොසොන් මාසවලදි. සාමණේර හිමිනමක් උපසම්පදා කරන එකට තමයි උපසම්පදා මංගල්යය කියන්නේ. කීර්ති ශ්රී රාජසිංහ රජතුමාගේ සමයේදි තායිලන්තයෙන් වැඩමකළ උපාලි හිමිපාණන් ඇතුළු පිරිස තමයි වර්තමාන උපසම්ප⁣දා සිරිත් හදුන්වා දුන්නේ.
වෙසක් පුර පොහොයෙන් ආරම්භ වී පොසොන් පෝය දක්වාම මල්වතු අස්ගිරි විහාරවල මෙම උපසම්පදාව පැවැවෙනවා. මේ උපසම්පදා උත්සවයෙදි මල්වතු විහාරයෙන් විහාරයෙන් පස්නම බැගින් උපසම්පදා කළයුතු බව රජතුමා නියෝග කර තිබෙනවා.
ඒ සදහා අතිතයේ මහ වාසලින් හෙවත් රජ මාලිගාවෙන් අනුග්රහය දැක්වුවා. ඒ නිසා තමයි ඒ උපසම්පදා වෙන හිමිවරුන් හදුන්වන්නේ “වාහල නාග” කියා. අතිතයේදි ඒ උපසම්පදා ලබන හිමිවරුන්ට පිරිකර පුජාකර ඇත්තෙත් රජතුමා. ඒ අනුව අදත් ඒ චාරිත්රය ඉටුකරනවා. ඒ දියවඩන නිලමේ තුමන් අතින්.
ඔන්න ඔය විදියට තමයි දළදා මාලිගාවේ සතර මහා මංගල්ලයන් ඇතුළු අනෙකුත් මංගළයයන් පැවැත්වෙන්නේ.
✦ සතර මහා මංගල්ලයන් පිළිබද තව දැනගන්න: t.ly/hLdy
✦ අලුත් සහල් මංගල්ලය වීඩියෝ: t.ly/wTvi | t.ly/SwVG
✦ කාර්තික මංගල්ලය: t.ly/KzeI
✦ අලුත් අවුරුදු චාරිත්රය: t.ly/JVr3
සටහන ~ ධර්ම ශ්රි තිලකවර්ධන. (ලක්බිම හිටපු ප්රධාන උප කර්තෘ)

Share With

Share on facebook
Share on twitter
Share on whatsapp
Share on email