Search
Close this search box.

September 27, 2022

World Tourism Day 2022 celebrations that took place today at Sri Lanka's iconic Sri Dalada Maligawa
Today is world tourism day. A large number of foreign tourists visit the Sri Dalada Maligawa in Kandy, which is respected and given special attention as one of the leading destinations for foreign tourists coming to Sri Lanka from all over the world. Accordingly, a special celebration ceremony was held at the historic Sri Dalada Maligawa in Kandy on the occasion of this World Tourism Day which falls today (September 27). The celebration was held in three stages, it consisted of special guides including full information about Sri Dalada Maligawa and Kandy, cultural events, upcountry culture and various activities to educate the tourist community about Sri Lanka.
Foreign tourists were also given the opportunity to treat the elephants of Sri Dalada Maligawa. On the occasion of World Tourism Day, many foreigners representing different countries of the world joined the special celebrations organized by the Sri Dalada Maligawa, Kandy through the Sri Lanka Tourism Promotion Bureau.
 
අද ලෝක සංචාරක දිනයයි. ලොව නන්දෙසින් ශ්රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ විශේෂ අවධානයකට හා ගෞරවයකට ලක්වන මහනුවර ශ්රී දළදා මාලිගාවට දෛනිකව විශාල විදෙස් සංචාරකයින් පිරිසක් පැමිණෙන ප්රමුඛ සංචාරක ගමනාන්තයකී. ඒ අනුව අද (සැප්. 27) 2022 වසරේ ලෝක සංචාරක දිනය නිමිත්තෙන් මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගාවේ විශේෂ සැමරුම් උත්සවයක් පැවැත් වුනා. අදියර තුනක් යටතේ පැවැත් වූ මෙම සැමරුම් උත්සවය සඳහා ශ්රී දළදා මාලිගාව පිළිබඳ හා මහනුවර පිළිබඳ වන පූර්ණ තොරතුරු ඇතුලත් විශේෂ මාර්ගෝපදේශණ, සංස්කෘතිකාංග, උඩරට සංස්කෘතිය හා ශ්රී ලංකාව පිළිබඳ සංචාරක ප්රජාව දැනුවත් වන ආකාරයේ සැමරුම් උත්සව හා විවිධ ක්රියාකාරකම් රැසකින් එය සමන්විත විය. ශ්රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ ඇතුන් වෙත සත්කාරයන් සිදු කිරීමට ද විදෙස් සංචාරකයින් හට මෙහිදී අවස්ථාව සළසා තිබුණී.
ලෝක සංචාරක දිනය නිමිත්තෙන් මහනුවර ශ්රී දළදා මාලිගාව විසින් සංවිධානය කළ මෙම විශේෂ සැමරුම් උත්සව සඳහා ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශය හරහා ලොව විවිධ රටවල් නියෝජනය කරමින් විදේශිකයින් රැසක් එක් විය.

Share With