Search
Close this search box.

March 15, 2022

Her Excellency Julie Jiyoon Chung US Ambassador to Sri Lanka visited Sri Dalada Maligawa today(Mar.15) in the morning. She was received by Hon Diyawadana Nilame. The official inauguration of the project to upgrade and preserve the ancient World Heritage Kings Palace in Kandy was also held under the patronage of her excellency marking a turning point in the long standing support USA is providing Sri Lanka to preserve it’s diversified cultural heritage. Mr. Anura Manatunga Director General of Archeology was also present.
 
US government is funding this project which will be done by the archeology department together with the US government
 
ඇමරිකා එක්සත් ජනපදයේ මෙරට තනාපති ජූලි චං (Julie Jiyoon Chung) මහත්මිය අද (මාර්තු 15) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගනු ලැබුවා. තානාපති තුමිය ශ්‍රී දළදා මාලිගාවේ දී ප්‍රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේ තුමන් විසින් පිළිගනු ලැබුවා. මෙහිදී ශ්‍රී ලංකාවේ විවිධත්වයෙන් යුත් සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීම සඳහා දීර්ඝ කාලයක සිට එක්සත් ජනපදය ලබාදෙන සහයෝගයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුවහන් කරමින් මහනුවර ඉපැරණි ලෝක උරුම රජ මාලිගය අභිවර්ධනය කොට සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම ද තානාපති තුමියගේ ප්‍රධානත්වයෙන් සිදු විය. මේ අවස්ථාවට පුරාවිද්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අනුර මනතුංග මහතා ද එක් විය. 
 
ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේනතුව හා එක්ව සිදුකරන මෙම ව්‍යාපෘතිය සඳහා එක්සත් ජනපදය විසින් අරමුදල් ප්‍රදානය කර ඇත.

Share With