Search
Close this search box.

February 4, 2021

වර්ෂ 1948 ශ්රී ලංකාද්වීපය මහා බ්රිතාන්යයෙන් නිදහස ලබා ස්වෛරී දේශයක් බවට පත්කිරීම උදෙසා උස් ආයාසයෙන් කටයුතු කළ දේශමාමක නායකයින් අතුරෙන් මහාමාන්ය ඩී. එස්. සේනානායක මැතිතුමන් ප්රරෝගාමි මෙහෙවරක් ඉටුකළ නායකයෙකු ලෙස පිළිගැනේ. එතුමන්ගේ ගුණ සිහිපත් කරමින් ශ්රී ලංකාවේ 73වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ශ්රී දළදා මාලිගාවේ මහමළුවේ පිහිටි සේනානායක මහතාගේ පිළිරුවට අද(04) පුෂ්පෝපහාර පුදකරනු ලැබුවා. නිදහස් දේශයක් බිහිකිරීම උදෙසා සිය ඇස් – හිස් – ලේ – මස් පුදකරමින් කැප වූ වීරෝධාර රණවිරුවන් ද සිහිපත් කරමින් මෙම චාම් අභිමානවත් උළෙල පැවැත්වීය. උත්සයව සඳහා ශ්රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමන්, මහනුවර පුරපති තුමන්, මහනුවර දිස්ත්‍රික් ලේකම් තුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක් විය.

Hon D.S. Senanayake took a leading role to obtain Independence from the British in year 1948. Today his statue situated in mahamaluwa was garlanded with flowers in par with the commemoration of the 73rd Independence celebration.
A simple celebration was held remembering all the heroes who sacrificed their lives for the independence of their motherland. Hon Diyawadana Nilame, The Mayor of Kandy & District Secretary of Kandy was present at the occasion.

Share With