Search
Close this search box.

November 26, 2021

The Weera Monarawila Keppetipola memorial was honored with flowers today (Nov.26) in par with the 203rd commemoration. The hero who fought with the British empire with the pure intention of protecting his homeland, the Buddha sasana & the nation, standing up bravely sacrificing his life and who is among the top of the list of heroes was honoured by Hon. Diyawadana nilame Pradeep Nilanga Dala, Hon. Minister Vidura Wickramanayake, Governor of the central province, Governor of Sabaragamuwa, Mayor of Kandy, Ministry Secretary Mrs. Nishanthi Jayasinghe, Secretary of central province, Kandy District secretary, Director General of Archeology Department Mr. Anura Manathunga & staff of the Department of Archeology, Deputy D.I.G central province & the Commander central province.

මීට වසර 203 කට පෙරාතුව ස්‌වකීය ජන්ම භූමියත්, සම්බුද්ධ ශාසනයත්, ජාතියත් ආරක්‌ෂා කර ගැනීමේ
පිවිතුරු චේතනාවෙන් හිරු නොබසින අධිරාජ්‍යයට එරෙහිව අභීතවත් ලෙස නැඟී සිට තම ජීවිත පරිත්‍යාගයෙන් යුතුව
ක්‍රියාකරමින් ලාංකේය වීර නාමාවලියේ සිය නාමය ඉහළින් සටහන් කළ අභීත විරුවෙක් වන
වීර මොණරවිල කැප්පෙටිපොළ
විරුවාණන් සිහිපත් කරමින්, ශ්‍රී දළදා මාළිගාවේ
මහ මළුවේ පිහිටි එතුමාගේ ස්මාරකයට අද(26) පුෂ්පෝපහාර පුදකරනු ලැබුවා.
කැප්පෙටිපොළ විරුවාණන්ගේ 203 වෙනි ගුණ සමරුව යෙදෙන අද දින මෙලෙස පුෂ්පෝපහාර පුද කරනු ලැබුවේ ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා,
රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා,
මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරතුමා,
සබරගමු පළාත් ආණ්ඩුකාරතුමා,
මහනුවර ගරු නගරාධිපතිතුමා,
රාජ්‍ය අමාත්‍යංශ ලේකම් නිශාන්ති ජයසිංහ මැතිතුමිය,
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්තුමා,
මහනුවර දිස්ත්‍රික් ලේකම්තුමා,
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් අනුර මනතුංග මැතිතුමා ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිළදාරීන්,
මධ්‍යම පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා,
මධ්‍යම පළාත් ii සේනාංකාධිපතිතුමා ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් විසිනි.

Share With