Search
Close this search box.

December 29, 2020

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමන් අද(29) උඳුවප් පුර පසළොස්වක පොහෝ දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගනු ලැබුවා. ඒ ශ්‍රී ලංකා ජනාධිපති තුමන් විසින් ඊයේ(28) දින ශවේන්ද්‍ර සිල්වා මහතා තරු හතරක ජෙනරල් නිලයට උසස් කිරීමෙන් පසුවයි. මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය අති පූජ්ය මහා නායක නාහිමිපාණන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබාගත් එතුමන් ශ්‍රී දළදා මාලිගාව වෙත අනතුරුව පිළිගනු ලැබුවේ ගරු දියවඩන නිලමේ තුමන් විසිනී. වර්ෂ 1984 දී ශ්‍රී ලංකා යුද හමුදා ඇකඩමියට එක් වූ ශවේන්ද්‍ර සිල්වා මහතා දශක 3ට අධික වෘත්තීය ගමන්මඟ තුළ දෙවන ලුතිතන් වරයකුගේ සිට ජෙනරල් වරයකු දක්වා වූ සියලු තනතුරු හොබවා තිබේ. මෙරට වෙලාගත් ත්රස්තවාදී උවදුරින් දේශය ආරක්ෂා කිරීම උදෙසා ඉදිරිපෙළ කටයුතු කළ අයෙක් වන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා වර්තමානයේ කොව්ඩ් උවදුරින් ජනතාව මුදවා ගැනීම සඳහා ද සුවිශේෂී ලෙස නායකත්වයක් ලබා දෙන අයෙකු ලෙස මෙරට ජනතාව අතර කීර්තිධර වේ.
වීඩියෝව: t.ly/BE5B
The Sri Lanka Army Commander, General Shavendra Silva visited Sri Dalada Maligawa today (29) the Unduvap full moon Poya day to get blessings of The Sacred Tooth Relic. He was promoted to a four star rank as General by His Excellency The President yesterday (28)
After getting the blessings from most Venerable Mahanayake theros of both Malwathu & Asgiri chapters he was welcomed at the Sri Dalada Maligawa by the Diyawadana nilame.
General Shavendra Silva who joined Sri Lanka Army in 1984 has worked in all ranks from second Lieutenant to General in his service of three decades. He fought in the forefront during the war and he is taking a lead role in fighting the current pandemic and well respected by the public.
Video: t.ly/BE5B

Share With