The selection process for the post of Basnayake Nilame three Devala in Kandy

වේගිරිය ශ්‍රී නාථ දේවාලය, මහනුවර ශ්‍රී මහා පත්තිනි දේවාලය සහ අම්බොක්ක ශ්‍රී පත්තිනි දේවාලය යන දේවාල සඳහා වූ බස්නායක නිලමේ නිලවරණය ඊයේ(12) පෙරවරුවේ පැවැත්වුණා.
එහිදී උඩුනුවර ඓතිහාසික වෙිගිරිය ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස අනුර සුදන්ත ඊරියගම මහතා තෙවන වරටත් පත් විය. ක්රි.පූ 3වන සියවසේ දී පමණ ඉදි කර ඇති වෙිගිරිය ශ්‍රී නාථ දේවාලය පිටිසරබද දේවාල අතරින් අතිශයින් ඉපැරණි ඓතිහාසික දේවාලයක් ලෙසට සැළකේ. වෙිගිරිය ශ්‍රී නාථ දේවාලයේ අභිවෘද්ධිය වෙනුවෙන් පසුගිය දශකයක පමණ කාලය පුරාවට ඊරියගම මහතා කටයුතු කර ඇත.
ඓතිහාසික සෙංකඩගල පුර සතර මහා දේවාල වලින් එකක් වන ශ්‍රී මහා පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ ලෙස ලාල් හේමන්ත බණ්ඩාර හේරත් මහතා නැවතත් තේරී පත් විය. ඒ මහතා 2015 වසරේ පැවති නිලවරණයෙන් ප්රථම වරට මහනුවර ශ්‍රී මහා පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ ලෙස තේරි පත් විය. කුරුණෑගල ඓතිහාසික විල්බාව පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ දූරයද වර්තමානයේ හොබවනු ලබන්නේ ලාල් හේමන්ත බණ්ඩාර හේරත් මහතාය.
මෙම නිලවරණයෙන් තේරී පත් වූ අනෙක් බස්නායක නිළමේ දූරය වූයේ ඓතිහාසික අම්බොක්ක ශ්රී පත්තිනි දේවාලය සඳහා වූ බස්නායක නිලමේ දූරය යි. ඒ සඳහා නීතීඥ රයන් ධනුෂ්ක බණ්ඩාර වලිසුන්දර මහතා නිතරගයෙන් තේරී පත් විය.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතාගේ මූලිකත්වයෙන් මෙම නිලවරණය පැවැත්වුණේ මහනුවර හා මාතලේ දිස්ත්රික් ලේකම් කාර්යාලවල දීය.
 
The selection process for the post of Basnayake Nilame for the Sri Natha Devalaya in Wegiriya, Sri Maha Paththini Devalaya in Kandy & Sri Paththini Devalaya in Ambokka took place yesterday (12) morning. Mr. Anura Sudantha Iriyagama was elected as the Basnayake Nilame of the ancient Sri Natha Devalaya, Wegiriya, Udunuwara for the 3rd consecutive time. This Devalaya which was built in the 3rd century B.C. is considered one of the most ancient out of the rural Devala. Mr. Anura Sudantha Iriyagama has been committed for the development of this Devalaya for the past decade.
Mr. Lal Hemantha Bandara Herath was reelected as the Basnayake Nilame of Sri Maha Paththini Devalaya in Kandy, one of the main Devala out of the four Devala in Senkadagala. He was elected as Basnayake Nilame for the first time in 2015. He is also the Basnayake Nilame of the ancient Wilbawa Paththini Devalaya in Kurunegala. Attorney Ryan Dhanushka Bandara Walisundara was elected as the Basnayake Nilame of Sri Paththini Devalaya in Ambokka. The selection took place at Kandy & Matale District Secretariat offices with the guidance of Mr. Sunanda Kariyapperuma, Commissioner General Buddhist Affairs.

Share With

Share on facebook
Share on twitter
Share on whatsapp
Share on email