Search
Close this search box.

January 28, 2022

The newly built Stupa of Sri Rathanamangalaramaya in 92 place, Kantale was offered to the Buddha Sasana yesterday (Jan. 27) by exposing it’s conical spire. This was built under “Ape Sathkaraya” the social responsibility program of Sri Dalada Maligawa under it’s responsibility in reconstructing the rural temples in Eastern Province. The donors council of the temple and other donors too contributed towards this meritorious act. Most Ven. Wedaruwe Upali Thero, Anunayake thero of Asgiriya chapter, Most Ven. Ganthune Assaji Thero of Amarapura Monastic Order, Most Ven. Ahungalle Siri Sila Wisuddhi Thero of Amarapura Sri Saddhammavansa nikaya and Diyawadana Nilame Hon. Pradeep Nilanga Dala and a large crowd of lay & clergy was present at the occasion.

කන්තලේ 92 පෙදෙස ශ්රී රතනමංගලාරාම විහාරයේ අභිනවයෙන් ඉදිකළ චෛත්යරාජාණන් වහන්සේ ඊයේ (ජන.27) දින කොත් වහන්සේ නිරාවරණය කොට ශ්රී සම්බුදු සසුණට විවිෘත කරන ලදී. ශ්රී දළදා මාලිගාව මඟින් ක්රියාත්මක සමාජ සත්කාරක සේවාව වන “අපේ සත්කාරය” තුලින් නැගෙනහිර පළාතේ දුෂ්කර ගම්බිම්වල පිහිටි වෙහෙර විහාර යළි ප්රතිස්ංස්කරණය කිරීමේ වැඩසටහන යටතේ මෙම දාගැබ ඉදිකරණ ලදී. මේ සඳහා විහාරස්ථ දායක සභාව, විවිධ දානපතීන් ද සිය දායතක්වය ලබා දෙන දී තිබේ.
මෙම අවස්ථාව සඳහා මහා විහාරවංශික ස්යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ ශ්රීමත් අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති, අස්ගිරි ගෙඩිගේ රජමහා විහාද්ව්යාධිපති රාජකීය පණ්ඩිත අතිපූජ්ය වේඬරුවේ උපාලි අනුනායක මාහිමිපාණන් වහන්සේ, සමස්ථ ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති සාහිත්යශූරී රාජකීය පණ්ඩිත අතිපූජ්ය ගන්තුනේ අස්සජි මහානායක මාහිමිපාණන් වහන්සේ, අමරපුර ශ්රී සද්ධම්මවංස මහා නිකායේ මහානායක අතිපූජ්ය අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි මහානායක මාහිමිපාණන් වහන්සේ, ශ්රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා ඇතුළු ගිහි පැවදි විශාල පිරිසක් සහභාගි විය.

Share With