Search
Close this search box.

November 19, 2021

The Karthika festival – the last festival of the year out of the four festivals, was held today the 18th on Ill full moon Poya day. As per the ancient rituals, a beautiful Perahera was held in Maligawa premises with the Perahera Casket being on parade followed by the lighted oil lamps being offered.
Most venerable Siddhartha Medankara Thero of Malwatta chapter, who is in charge of the Theva currently guided and also attended the event. The Diyawadana Nilame and other officials of Sri Dalada Maligawa successfully concluded the Karthika festival this year.
 More about Karthika Festival: https://t.ly/ZCOX
 
ශ්රී දළදා මාලිගයේ සතර මහා මංගල්ලයන් අතුරෙන් වසරේ අවසන් මංගල්ලය වන ඉල් මහා කාර්තික මංගල්ලය අද (නොවැ. 18) දින යෙදුනු ඉල් පුර පසළොස්වක පොහෝ දින පුරාතන සිරිත් සමිමත චාරිත්ර විධි වලට අනුව පවත්වන ලදී. සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවමින් විචිත්රවත් පෙරහරකින් ද අනතුරුව පැවැත් වූ ප්රදීපාලෝක පූජාවෙන් ද කාර්තික මංගල්ලය සමන්විත විය.
ශ්රී දළදා මාලිගයෙහි වත්මන් තේවාව භාර කටයුතු කරන මල්වතු පාර්ෂවයේ කාරක සංඝ සභික අති පූජ්ය සිද්ධාර්ත මේධංකර නායක හිමිපාණන් වහන්සේගේ උපදේශකත්වයෙන් හා වැඩමවීමෙන්, ශ්රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමා හා සෙසු නිල රාජකාරීකරුවන් විසින් මේ වසරේ කාර්තික මංගල්ලයේ කටයුතු සාර්ථක ලෙස පවත්වා අවසන් කරන ලදී.
කාර්තික මංගල්ලය පිළිබඳ වැඩි විස්තර: https://t.ly/xVzO

Share With