Search
Close this search box.

November 29, 2020

ශ්‍රී දළදා මාලිගයේ සතර මහා මංගල්ලයන් අතුරෙන් වසරේ අවසන් මංගල්ලය වන ඉල් මහා කාර්තික මංගල්ලය අද(29) දිනට යෙදුනු ඉල් පුර පසළොස්වක පොහෝ දින පුරාතන සිරිත් සමිමත චාරිත්‍ර විධි වලට අනුව පවත්වන ලදී. සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවමින් විචිත්‍රවත් අභ්යන්තර පෙරහරකින් ද අනතුරුව පැවැත් වූ ප්‍රදීප පූජාවෙන් ද කාර්තික මහෝත්සවය සමන්විත විය.
ශ්‍රී දළදා මාලිගයෙහි වත්මන් තේවාව භාර කටයුතු කරන අස්ගිරි පාර්ෂවයේ ශ්‍රීමත් අනුනායක අති පූජ්ය ආනමඩුවේ ධම්මදස්සි නාහිමිපාණන් වහන්සේගේ උපදේශකත්වයෙන් හා වැඩමවීමෙන්, ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමා හා සෙසු නිල රාජකාරීකරුවන් විසින් මේ වසරේ කාර්තික මංගල්ලයේ කටයුතු සාර්තක ලෙස පවත්වා අවසන් කරන ලදී.
The Karthika festival – the last festival of the year out of the 4 festivals, was held today the 29th on IL full moon poya day. As per the ancient rituals, a beautiful perahera was held inside the Maligawa premises with the Perahera Casket being on parade followed by the lightning of oil lamps being offered.

Share With