Search
Close this search box.

September 21, 2022

The “Green Cover” project to make the Mahamaluwa of the historical Temple of the Sacred Tooth Relic and Anagarika Dharmapala Mawatha in Kandy greener by planting native plants was inaugurated by the Media & Special Projects and Development Bureau of Sri Dalada Maligawa today (Sep. 21st) at the Maligawa premises powered by SLT Mobitel. Accordingly, plants like Karanda, Na, Muruta, Koboneela and Ehela were planted in Mahamaluwa and Anagarika Dharmapala Mawatha.

Hon. Diyawadana Nilame of Sri Dalada Maligawa and Senior General Manager Sudarshan Giganage, Marketing General Manager Mr. Sugath Abeysinghe, Mobitel Regional Head Mr. Romesh John, Central Province Sales General Manager Mr. Anuruddha Ratnayake, Deputy Finance General Manager Mr. Gamini Halloluwa, Kandy District Manager Mr. Chaminda Bandara, Kandy Branch Manager Ms. Aruni Dunuwila representing the SLT Mobitel Company and Kandy Governor General Mr. Chandana Tenkakoon, Kandy Municipal Commissioner Mr. Ishan Wijethilaka, Buddhist Affairs Commissioner of Central Province Mr. Anuruddha Bandara, Chaminda Ratnayake, Agriculture Consultant of Peradeniya Botanical Garden, Asst. Archaeological Director of Central Province Mr. D.B. Dissanayake participated the Green Cover Project.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රය තුල පිහිටි මහමළුව සහ අනගාරික ධර්මපාල මාවත දේශීය ශාක රෝපණය කොට හරිතපැහැ ගැන්වීමේ “හරිත ආවරණ” ව්‍යාපෘතිය ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය, විශේෂ ව්‍යාපෘති හා සංවර්ධන කාර්යාංශයේ මෙහෙයවීමෙන්, ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් (SLT Mobitel) සමාගමේ සවිබලයෙන් අද (සැප්.21) පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේ දී ආරම්භ විය. ඒ අනුව කරඳ, නා, මුරුත, කොබෝනීල, ඇහැල, දේශීය නෙල්ලි වැනි ශාක මහමළුව හා අනගාරික ධර්මපාල මාව‍තේ රෝපනය කරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමන්, ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගම නියෝජනය කරමින් එහි ජේෂ්ඨ සාමාන්‍යාධිකාරී සුදර්ශන ගීගනගේ, අලෙවි සාමාන්‍යාධිකාරී සුගත් අබේසිංහ, මොබිටෙල් ප්‍රාදේශීය ප්‍රධානී රොමේෂ් ජෝන්, මධ්‍යම පළාත් අලෙවි සාමාන්‍යාධිකාරී අනුරුද්ධ රත්නායක, නියෝජ්‍ය මූල්‍ය සාමාන්‍යාධිකාරී ගාමිනී හල්ලොළුව, මහනුවර දිස්ත්‍රික් කළමනාකරු චමින්ද බණ්ඩාර, මහනුවර ශාඛා කළමණාකාරිනි අරුණි දුනුවිල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිස හා මහනුවර මහ දිසාපති චන්දන තෙන්කකෝන් මහතා, මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා, මධ්‍යම පළාත් බෞද්ධ කටයුතු කොමසාරිස් අනුරුද්ධ බණ්ඩාර මහතා, පේරාදෙණිය උද්භිද උද්‍යානයේ කෘෂිකර්ම උපදේශක චමින්ද රත්නායක මහතා, මධ්‍යම පළාත් සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඩී.බි. දිසානායක යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

 

Share With