Search
Close this search box.

November 1, 2021

The meritorious act of offering the first harvest of the “Yala Season” called the “Siri Dalada Yal Aswanu Pooja” took place today (Nov.01) at the temple of the Sacred Tooth Relic in Kandy.
This event, which takes place annually was organized for the 6th consecutive time jointly by National Irrigation Management Division & The Ministry of Irrigation.
“Kiri Ahara” (a special milk rice) made out of the first harvest was offered to the Sacred Tooth Relic by the farmers who came in a procession carrying the first harvest, whole grains and golden bunches of rice grains.
This is an ancient ritual being reintroduced. The event was organized under the guidance of Mahanayake theros of Malwathu & Asgiriya chapters and the Hon. Diyawadana Nilame. Hon. Chamal Rajapaksa -the minister of Mahaweli, irrigation & Rural Development, the ministry secretary, Mr. Anuradha Jayaratne- Rural Irrigation & Tanks Development minister, Director Irrigation management, Mr. Lalith U. Gamage – Governor Central Province and farmers representing associations were present at the event
යල කන්නයේ නෙලාගත් අස්වැන්නේ අග්ර කොටස දළදා සමිඳු වෙත පූජා කිරීමේ පින්බර අරමුණින් සංවිධානය කරනු ලබන “සිරි දළදා යල් අස්වනු පූජාව” අද (නොවැ.01) මහනුවර ශ්රී දළදා මාලිගා පරිශ්රයේදී සිදු කෙරිණ. ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය සහ වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්යංශය ඇතුළු තවත් අංශ කිහිපයක් එක්ව සංවිධානය කරනු ලබන මෙම යල් අස්වනු පූජාව පැවැත්වූයේ 6 වෙනි වරටයි.
දළදා සමිඳුන් උදෙසා කිරි ආහාර පූජාවක් පවත්වා අනතුරුව අළුත් සහල්, ධාන්ය සහ රන් වී කරල් රැගත් ගොවීන් පෙරහැරෙන් ගොස් දළදා සමිදුන් ඉදිරියේදී අලුත් සහල් පූජාව පවත්වන ලදී. ඈත අතීතතයේ සිට පැවත එන යල් කන්නයේ අළුත් සහල් දළදා සමිඳුන්ට පුජා කිරීමේ සෙත්කම යලි ජන ගතකිරීමක් ලෙස මෙම යල් අස්වනු පූජාව හැඳින්විය හැකියි.
මල්වතු අස්ගිරි පාර්ශවයන් හි මහ නාහිමිවරුන්ගේ අනුශාසනා පරිදි ගරු දියවඩන නිලමේතුමන්ගේ මඟපෙන්වීමෙන් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්රාමීය සංවර්ධන අමාත්ය ගරු චමල් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන්, අමාත්යංශයේ ලේකම්, ග්රාමීය කුඹුරු හා වැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්ය අමාත්ය අනුරාධ ජයරත්න මහතා, වාරිමාර්ග කළමණාකරන අංශයේ අධ්යක්ෂ තුමන් සහ මධ්යම පළාත් ගරු ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මැතිතුමා ඇතුළු ගොවි සංවිධාන රැසක ගොවීන් මේ අවස්ථාව සඳහා සහභාගි වූහ.
 

Share With