Search
Close this search box.

October 3, 2020

The first harvest of the “Yala season” was offered to the Sacred Tooth Relic today the 3rd of October. This was organized by the Tanks Reservoirs and Irrigation Development authority related to Rural Paddy Fields of Ministry of Irrigation for the 5th consecutive time.
“Kiri Ahara” ( a special milk rice) was offered to the Sacred Tooth Relic followed by a procession of farmers carrying the first harvest, whole grains, and golden bunches of rice grains which was offered amidst the chanting of pirith.

යල කන්නයේ නෙලාගත් අස්වැන්නේ අග්ර කොටස දළදා සමිඳු වෙත පූජා කිරීමේ පින්බර අරමුණින් සංවිධානය කරනු ලබන “සිරි දළදා යල් අස්වනු පූජාව” අද(03) මහනුවර ශ්රී දළදා මාලිගා පරිශ්රයේදී සිදු කෙරිණ.
ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය සහ වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්යංශය ඇතුළු තවත් අංශ කිහිපයක් එක්ව සංවිධානය කරනු ලබන මෙම යල් අස්වනු පූජාව පැවැත්වූයේ පස්වෙනි වරටයි.
දළදා සමිඳුන් උදෙසා කිරි ආහාර පූජාවක් පවත්වා අනතුරුව අළුත් සහල්, ධාන්ය සහ රන් වී කරල් රැගත් ගොවීන් පෙරහැරෙන් ගොස් දළදා සමිදුන් ඉදිරියේදී පිරිත් සච්ජායනය මැද අලුත් සහල් පූජාව පවත්වන ලදී.
පුරාණයේ සිට පැවත එන යල් කන්නයේ අළුත් සහල් දළදා සමිඳුන්ට පුජා කිරීමේ සෙත්කම යලි ජන ගතකිරීමක් ලෙස මෙම යල් අස්වනු පූජාව හැඳින්විය හැකියි.
මල්වතු අස්ගිරි පාර්ශවයන් හි මහ නාහිමිවරුන්ගේ අනුශාසනා පරිදි ගරු දියවඩන නිලමේතුමන්ගේ මඟපෙන්වීමෙන් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්රාමීය සංවර්ධන අමාත්ය චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්රධානත්වයෙන්, අමාත්යංශයේ ලේකම්, ග්රාමීය කුඹුරු හා වැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්ය අමාත්ය අනුරාධ ජයරත්න මහතා, වාරිමාර්ග කළමණාකරන අංශයේ අධ්යක්ෂ තුමන්, මහවැලි රාජ්ය අමාත්ය සිරිපාල ගම්ලත් මහතා සහ මධ්යම පලාතේ ආංඩුකාර ලලිත් යූ ගමගේ මැතිතුමා ඇතුළු ගොවි සංවිධාන 500ක පමණ ගොවීන් මේ අවස්ථාව සඳහා සහභාගි වූහ.

Share With