Search
Close this search box.

January 14, 2022

“Aluth Sahal Mangallaya” offering of the first harvest of paddy to the Sacred Tooth Relic will take place in a few days on the Duruthu full moon Poya day. The first harvest of paddy was brought to Sri Dalada Maligawa today(Jan.14) from the “Atuwa” or storing place in Pallekele in a procession adorned with elephants, drummers & dancers. As per the ancient rituals, the measuring and allocating of the portions for Sri Dalada Maligawa & the four Devala took place yesterday at the “Atuwa” storage.

නව වසරේ අළුත් සහලින් දළදා සමිඳු පුදන “අළුත් සහල් මංගල්ලය” තවත් නොබෝ දිනකින් එනම්, එළඹෙන දුරුතු පසළොස්වක පොහෝ දා සිදු කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් කෙත් වතුවලින් නෙලා ගත් සාරවත් වී අස්වැන්නේ සහලේ අග්ර කොටස පල්ලෙකැලේ පිහිටි ශ්රී දළදා මාලිගාවේ වී අටුවේ සිට ශ්රී දළදා මාලිගාව වෙත අද (ජන.14) දින ඇතුන් පිරිවරා ගත් පෙරහරින් රැගෙන එනු ලැබුවා. පෙර දිනයේ සහල් මැන, ශ්රී දළදා මාලිගාව හා සිව් මහා දේවාල වල කොටස් වෙන් කිරීම පුරාතන සිරිත් සම්මත චාරිත්රවලට අනුව සිදු වූයේ පල්ලෙකැලේ පිහිටි ශ්රී දළදා මාලිගාවේ වී අටුවේදී ය.

Share With